සරසවි පිවිසුමේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය යළි සකසන ලෙස දුන් නියෝගය පැහැර හැරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් දඩුවම් නොකිරීමට හේතු දැක්වීම සඳහා ලබන 23 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභපති මහාචාර්ය ගාමිණි සමරනායකට ත්‍රි පුද්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය අද නියෝග කෙළේය. ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අග විනිසුරුවරිය විනිශ්ච මණ්ඩලයේ සභාපතිවරිය වූවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බරපතල වැඩ ඇතුව හිරේ ගියොත්..........??? අනේ දෙයියනේ. (නි)
අනේ කොල්ලෝ, පරිස්සමින් හොදේ.
කලු කෝට් මහත්වරු උසාවියෙ ගහගන්නකො උසාවියට අපහාස වෙන්නෙ නැද්ද?
රටේ නීතියටත් ගරැ නොකරන කාලයක්.. මේවට පාලකයො වගකියන්න ඕන..
රටේ නිතියටවත් ගරු කරන්නේ නැති කාලයක් . මේවට දේශපාලකයෝ වග කියන්න ඕනේ .
අපි කව්රුත් මිනිස්සු. අපි කටත් නීතිය පොදු වෙන්න ඕනේ
සමහරු මහා වංචා කරලා යස අගේට එළියේ ඉන්නේ? ඊටත් වඩා අපහාසයක් වෙන කොයින්ද?
අබිලියන්ගේ මොළේ කොලොප්පම්. මේ මහාචාර්යතුමා රූප පෙට්ටියේ සිට කියපු දේවල් අපි අහගෙන හිටියේ.
යස වැඩේ. ඔහොම වෙලා මදි.
එතකොට ලොකු ලොකු අපරාධකරුවෝ ලොකු ලොකු ආයතන වල ලොකු ලොකු තනතුරු දැරීම උසාවියට අපහාසයක් නෙමෙයිද? මම වැරදි නම් මට සමාවෙන්න.නොදන්න කමටයි මේ ඇහුවේ. (නි)
කරන දෙයක් ඉක්මණට කරන්නකෝ. (නි)
උසාවිය කියල තියෙන්නේ හේතු දක්වන්න කියල. මහාචාර්යතුමා මොකක්ද ප්‍රශ්නේ කියල උසාවියට කියයි. හොද ක්‍රමයක් තියෙද්දී හිතල නරක ක්‍රමයක් යොදා ගත්ත කියල මම නම් හිතන්නේ නෑ . ඉතින් දන්නවා නම් කියල දෙන්ඩකෝ හොද විදිහක්.ආණ්ඩුවෙන් පත් කරපු කොමිසම කියන්නෙත් නැ හරියට මොකද ඒ අය විෂය නිර්දේශ දෙකම එකක් විදිහට සලකලා z ලකුණු හැදුවේ කියල. දැන් කැම්පස් යන්ඩ වැඩි අවස්තාවක් තියනවා . මට නම් හිතෙන්නේ මේක ඉතාමත් නිවැරදියි.දැන් මේ ප්‍රශ්නය ටිකක් සංකීර්ණයි .හේතුව විෂය නිර්දේශක් නිසා. දන්නා විදිහට කමිටුව කරලා තියෙන්නේ පරණ නිර්දේශ අලුත් නිර්දේශ කියල නොහිතා , එක එක විෂයන් වලට Z ලකුණු බලපු එක. ඉතින් නිර්දේශ දෙකම එකම අමාරු ලේසි මට්ටමක් කවදාවත් හිටින්නේ නැති නිසා ඒක වැරදි කියල තමා මට හිතෙන්නේ.නමුත් කමිටුව කියල තියෙනවා එහෙම කලේ අලුත් හෝ පරණ නිර්දේශ වලින් පළමුවෙනි පාර ලියල වැඩි ලකුණු ගන්න ළමයින්ට වැඩි අවස්ථාවක් Z ලකුණ හරහා ලබා දෙන්ඩ කියල. මට නම් තේරෙන්නේ නැ ඒක කොහොමද පැහැදීලි කරන්නේ කියල.කොහොම උනත් , පාවිච්චි කරපු ක්‍රමය හරියට පැහැදිලි කළා නම් ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැ කියන එක තම මට හිතෙන්නේ. නමුත් මේ කමිටුවේ ඉන්න මහාචාර්යවරු තමා ස්ටාට් වලට ලංකාවේ ඉන්නං හොදම අය . ඉතින් ඒ අයගේ තීරණ වල තමා වැරදි අඩුම වෙන්ඩ ඕනි. මෙතන ප්‍රශ්නේ හරි පැහැදිලි කිරීමක් නැති එක. දේශපාලකයෝ මොනවා කිව්වත් අපි බුද්ධිමත් මිනිස්සු විදිහට අදහස් ප්‍රකාශ කළා නම් තමා හොද. ගොඩක් ප්‍රතිචාර දාල තියන අය දේශපාලකයන්ටත් වඩා අන්තවාදියි වගේ.
එක අතකට හොඳ පාඩමක්.
අනක් මහාචාර්යවරුන්ටත් හොද පාඩමක් මේක. (නි)
අනේ මගේ මේ පුංචි මොළේට තේරෙන දේ උසාවියට තේරෙන්නේ නැති හැටි... (නි)
සිරිමල්, ඔයා හරියට මෙම සිද්ධිය ගැන හොයල නැහැ වගේ. ගහන දෙකක Z-ස්කෝර් එක මුලින් හොයපු විදිහ වැරදි කියල මුල ඉඳලම මහාචාර්ය පැහැදිලි කළා. නමුත් කමිටුවේ සාමාජිකයින් එම අදහස් සැලකුවෙ නැහැ. අනිත් අයගේ අදහස් වලට කන් දීලා, ඒවත් සලකලා බැලුවනම් මෙම ප්‍රශ්නය මෙච්චර දුරක් යන්නේ නැහැ. ඕනෙම කෙනෙක් අතින් වැරදි හෝ අතපසුවීම් වෙන්න පුලුවන්. "ප්‍රශ්නයක් නැහැ, අපි හරි" කියා කියා, අනිත් අයගේ අදහස් නොසැලකූ එක තමා වරද. අපි හැමෝම දැක්ක නේ මෙම මහාචාර්යතුමා සහ ඇමතිවරු රුපවාහිනියේ මේ ගැන කතාකළ හැටි. මේකට වන්දි ගෙවන්න වුනේ අහිංසක සිසු සිසුවියන්ට. ඒ අතරිනුත් මුලින් තේරුණා කියල හිතන් ඉඳල, දැන් නොතේරෙන දෙනා තමා ලොකුම අමාරුවක වැටුනේ, මේ වසරේ විභාගය අත ළඟට ඇවිල්ල නිසා. (නි)
කවුරු මොනවා කිවුවත් කළත් උසස් පෙළ කරපු අපිට තමයි මේවා බලපාන්නේ.ඇයි අපේ මානසිකත්වය ගැන කවුරුවත් නොහිතන්නේ?. (නි)
ලංකාදීපයට අදහස් දක්වන ආචර්ය තුමෙක් ඉන්නවා නේද. පරිස්සමෙන් පේනවනේ (දී)
ඇයි මෙයාවත් හිරේ යවන්නේ නැත්තේ ....(සවි)
@sltk2004 "ගහන දෙකක Z-ස්කෝර් එක මුලින් හොයපු විදිහ වැරදි කියල මුල ඉඳලම මහාචාර්ය පැහැදිලි කළා" මහාචාර්ය පැහැදිළි කළාට ඒ පැහැදිළි කිරීම 100% හරි කියල කියන්නෙ කොහොමද? ඔයා මහාචාර්ය පැහැදිළි කිරීම පිළිගන්නව වගේම අපි කමිටුවේ ඉන්න මහාචාර්යවරු ඉදිරිපත් කරපු ක්‍රමය අදටත් විශ්වාස කරනවා. තනි මතයකට වඩා කමිටුවේ මතය අපිට විශ්වාසයි. අමතක කරන්න එපා කමිටුවේ හිටියෙ ඔයා කියන මහාචාර්යවරයා වගේම ස්ටැට් වල මහාචාර්යවරයින් 5 දෙනෙක් කියන එක. ඔය කියන මහාචාර්යවරයාගේ ක්‍රමය හරියටම හරි කියන්නෙ කොහොමද?(නු)
අදහස් දක්වන මහාචාර්ය වරු පරිස්සම් වෙන්න (දී)
මහාචාර්යතුමා ඇත්ත කියලා බේරෙන්න...
කවුරුත් තම තමන්ගේ ප්‍රශ්ණ වලට අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයෙන් තමයි පලි ගන්නේ...............
අපේ දරුවන්ගේ අනාගතයට......................
මේ කට්ටියට ඔය කියන අපහාස එච්චර ලොකුදේවල් නම් නෙමෙයි...ඒකනේ මේ රටට මෙහෙම වේගෙන යන්නේ
කවුරුවත් කරපු වැඩවලට කොහේ හරි ඉන්න කෙනෙක්ව අල්ලන්නමයි බලන්නෙ...
ලොකු වෙනසක් වෙන එකක් නෑ.....
@රාජ් : එතකොට මෙයා බබා ?
මම කිව්වනේ වැඩිය උඩ පනින්න එපා කියලා... කොහෙද ඇහුවෙ නෑනෙ..
කිසිම කෙනෙක් දේශපාලන බලයට උගත්කම යට කරන්න එපා......
ආදර්ශයක් වෙන්න මෙයාට දඩුවම් කරන්න.....
මේ විනිසුරුවරිය ආව දවසේ ඉදලා ලෙඩම තමා.. කාන්තාවක් ඉහළ පුටුවට ආවද එතන ජරමරයක්..
බලාගෙනයි මහාචාර්ය තුමනි.. ඔයාලගෙ ඇමතිතුමාත් උසාවියට අපහාසකරලා උන දේ මතකයි නේද?
වගකියන්න ඕන ඔබතුමා නෙමෙයි අපහාස කරපු ඇමති තුමා....!!
මෙතුමා දේශපාලන විද්‍යාව පිළිබද විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් නේද?
දැන් ඉතිං විධායකයකටම පමණයි මේක විසඳන්න පුළුවන් වෙන්නේ.
මහාචාර්යතුමනි, අද කාලේ රාජකාරිය , දේවකාරියක් නොව යක්ෂයාගේ කාර්යයක් වෙලයි තියෙන්නේ. ඒ නිසා, පරිස්සම් වෙන්න.
බලාගෙන මහාචාර්ය තුමා ඇමති තුමා වැටුන වලේ ඔයත් වට්ටාවී
අපේ ලොක්ක ඉන්නකම් මේ ගොල්ලෝ බයවෙන්නේ .
හොද වැඩේ මෙහෙම වෙලා මදි දරුවන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවට ....
මොනවා වුණත් සරසවිවලට ඇතුළුවෙන්න බලාගෙන ඉන්න ළමුන් දහසක් දෙනා අතර ඉන්න අපට තමයි පාඩුව. ඇමතිලාටයි , ලොකු ලො ක්කන්ටයි ගානක්වත්නෑ......අනේ ! පව්.
අනේ මන්ද??