ඉහළ ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් ජලාශ රැසක ජල මට්ටම පහත බසිමින් ඇති නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අපදා කළමනාකරණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි.
ප්‍රධාන වාරිමාර්ගවල ජල ධාරිතාව දැනට ඇත්තේ 27%ක් පමණ බව ද ආපදා කළමනාකරණ අමාත්‍යංශය ප්‍රකාශකයෙක් කීවේය.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය යටතේ ඇති වාරි කළමනාකරණ අංශය මගින් කළමනාකරණය කරනු ලබන මහා වාරිමාර්ග ව්‍යාපාර 54න් රැසකම ජල මට්ටම අඩු වෙමින් ඇති බව ද එම අමාත්‍යංශය පවසයි.
ජලය නොමැතිකම නිසා කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
පහතින් දැක්වෙන්නේ වාරි කළමනාකරණ අංශය මගින් කළමනාකරණය කරනු ලබන මහා වාරිමාර්ග ව්‍යාපාරවලින් තෝරා ගත් නවයක මේ වන විට ජල මට්ටමයි.
(මෙහි ජල පරිමාව දක්වා ඇත්තේ කියුබික් මීටර මිලියනවලිනි.)
|
ඔක්. 4 |
ඔක්. 27 |
නො. 22 |
දෙසැ. 20 |
ජන. 13 |
|
|
සේනානායක සමුද්‍රය |
392.48 |
333.04 |
271.22 |
197.31 |
171.76 |
|
නාච්චාදූව |
14.91 |
14.47 |
17.16 |
14.47 |
12.02 |
|
හුරුලුවැව |
27.72 |
27.51 |
29.98 |
19.81 |
16.08 |
|
බසවක්කුලම |
0.61 |
0.56 |
0.66 |
0.67 |
0.63 |
|
රාජාංගනය |
51.68 |
48.5 |
54.14 |
50.17 |
47.71 |
|
පදවිය |
16.63 |
16.07 |
19.07 |
20.18 |
15.22 |
|
තිස්ස වැව |
3.16 |
2.03 |
3.27 |
2.5 |
5.14 |
|
ලුණුගම්වෙහෙර |
100.1 |
87.26 |
93.53 |
57.25 |
51.27 |
|
ඉඟිනිමිටිය |
37.44 |
36.88 |
34.16 |
27.85 |
23.54 |
[caption id="attachment_498897" align="alignnone" width="500"]
[/caption]
හුරුලු වැව
[caption id="attachment_498898" align="alignnone" width="474"]
[/caption]
ඉඟිනිමිටිය
[caption id="attachment_498899" align="alignnone" width="474"]
[/caption]
ලුණුගම්වෙහෙර
[caption id="attachment_498900" align="alignnone" width="474"]
[/caption]
නාච්චාදූව
[caption id="attachment_498901" align="alignnone" width="474"]
[/caption]
සේනානායක සමුද්‍රය
[caption id="attachment_498902" align="alignnone" width="474"]
[/caption]
තිස්ස වැව
ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව විල්පත්තුව කපමු ඉන් පසු කෝරෝටන් කොල කන්න යෝජනා කරමු.. (ම)
පොඩි වැස්සක් වැස්ස ගමන් ජලාශ වාන් දාන්න උතුරනවා. මාස දෙකක් පායනකොට ජලාශ හිදිලා. මඩඉවත් කරලා ජලාශවල ගැබුර වැඩි කරන්න කව්රුවත් කටයුතු කරන්නේ නෑ. ඒ වෙනුවට කෝටි ගණන් දේශපාලකයන්ට වාහන ගෙන්න වියදම් කරනවා. රක්ෂිත වනාන්තර කපල එලි කරනවා. මෙහෙම රටක ජිවත් වෙන්න වුන එකත් දුකක්.(බ)
මෙයට ලාංකික පිළියම වහාම උද්ඝෝෂණයක් පැවැත්වීම නොවේද? (නි)
"සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ" (නි)
පාරිසරික සමතුලිතතාවය බිදුණුවිට මෙවැනි දේවල් නොවී තිබේද? තව ටිකක් ගස් කපලා කැලෑ එළිකරලා නැවත පදිංචි කළාම බොන්න වතුර නැතිවුණාම පදිංචි වුණ තැනම වළ කපාගෙන වැළලෙන්න තියෙන්නේ. "සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ" (නි)
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. මෙය සොබා දහමේ එක් සිහිගැන්වීමකි (නි)