කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ දෙහිවල පිහිට නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයට විරෝධය පාමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු අද පස්වරු 2.00 සිට රාජකාරියෙන් ඉවත් වූහ. බාහිර අංශය, වෛද්‍ය සානයන සියල්ලගේම වැඩ ඇනහිටි අතර රෝගීන් ඇතුළත් කර ගැනීම සහ වාට්ටු සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට අපකීර්තියට පත් කරන්න කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (නි)
මෙයාලා බලන් ඉන්නේ මොකක් හරි පොඩි දෙයක් සිද්ධ වෙනකම්, වර්ජනයක් කරන්න. ඇයි එතකොට එයාලගේ පෞද්ගලික බෙහෙත් ශාලා වලට ලෙඩුන් එනවනේ. (නි)
මේ දොස්තරලගේ ආඩම්බර බස්සන්න නම් පුද්ගලික වෛද්‍ය විදුහල් ඇරඹිය යුතුයි. (නි)
හැමෝම දොස්තරලට විරුද්ධව කතා කළාට ඒ බෝම්බයෙන් කවුරු හරි මැරුණා නම්? (නි)
මෙම දින වල පවතින ශනි කුජ මාරුව නිසා රටේ දේශපාලන අර්බුද, කම්කරු ගැටුම් සහ වැඩ වර්ජන හට ගන්න පුලුවන්. මෙ නිසා සියලුම දෙනා ඉතා කල්පනාකාරිව කටයුතු කරන ඕනේ.(ස)
කාලෙකට දොස්තර වර්ජන,ඊලගට හෙද සංගම්,සුලුසේවක,විකිරණ,රියදුරු..........මෙයාල වර්ජන කරන්නේ අසරණ මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන්න ගිහින් පහරකෑම්වලට ලක්වෙලා.එකමිනිහෙක් වරදක් කරලා ඊට ප්‍රතිඵල ලැබුනම හැමෝම ඊට හවුල්වෙලා අසරණ මිනිස්සුන්ගෙන් පළිගන්නවා.(ස)
පවතින නීතියෙන් වැරදිකරුවන්ට දඩුවම් නොදෙන නිසයි මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ. (නි)
මේ දවස් ටිකේ ඒ අයට පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර වලින් හොද ගාණක් හොයා ගන්න පුලුවන් වෙයි. (නි)
අනේ අම්මපා, හොදක් වෙයිද මේ අයට? අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන මොනවද මේ කරන විකාර? ඔය බෝම්බ සිද්ධිය පිටිපස්සෙත් දොස්තර කෙනෙක් ඇති. (නි)
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් දොස්තර විභාගය කළත් මනුස්සකම නම් පොඩ්ඩක්වත් ඉගෙන ගෙන නැහැ. (නි)
මෙතන පොඩි අඩුවක් තියෙනවා. හුග දෙනෙක් බනින්නේ දොස්තරලාටමයි. වර්ජනය හොදයි කියලා මම කියන්නේ නැහැ. ඒත් ඇගිල්ල දික් කරන්න තව පැත්තක් තිබෙනවා. දොස්තරට බෝම්බ ගහපුවාම ඒක ගැන හොයන්න ඕනෑ කවුද ? රෝහලක් ඉදිරිපිට කහ ඉරක් නැතිව සේවකයන් පාර පනිද්දී වාහනයකට යට වුණාම කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැතිව රියදුරන් යවන්නේ ඇයි ? කවුද මේවට වග කියන්න ඕනෑ ? (නි)
ඔව් ඔව් අපිට වෘත්තීය අයිතිවාසිකමුත් නැහැ. මොළයක් නැති වැඩවලට කෑ ගහන්නත් බැහැ. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ කියලා අඩුපාඩු කියන්නත් බැහැ. ප්‍රයිවට් දොස්තර කඩ වලට විරුද්ධ වෙන්නත් බැහැ. හිඟන පඩියට වැඩ කරලා බෝම්බ පාර කන්න තමා ඉතුරු වෙලා තියෙන්නෙ. හැබෑටම ඇයි මේ රටේ ගොයියලා මෙච්චර කුහක ? (නි)
වෛද්‍ය ලලන්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධව සෘජු මතයක් පළ කළ පුද්ගලයෙක්. දිගින් දිගටම එයින් ලංකාවේ සෞඛ්‍යයට වෙන හානියට ඔහු හඩ නැඟුවා. මෙම ප්‍රහාරයේ අරමුණ බොහෝ දෙනා දන්නේ නැහැ. (නි)
ෂෙහාන් අමරසිංහ- පුදුම වැඩක්නෙ මේක.. හැමදාම කවුරුහරි උද්ඝෝෂණය කරනවනේ.. එක්කෝ ජේ.ආර්.මහත්තයා කළා වගේ මේගොල්ලන්ව අයින් කරලා දාන්න ඕන.. නැත්නම් ප්‍රේමදාස වගේ උද්ඝෝෂණයට කලින් දවසේ සමිති නායකයව බැහැ දකින්න ඕන. (නු)
වරුන් මහත්තයො, තාම ලන්ංකාවෙ දොස්තර සේවාව/ සෞඛ්‍යය ලෝකයේ අංක 1 නෙමෙයි. ඒක හොදට මතක තියාගන්න. ලුලා නෑති තෑනට කනයා පණ්ඩිතයා නේ. ලුලා පෑමිණෙන විට විරුද්ධවන්නාද කනයාම වේ. (නි)
ජනතාවනි, අද ඔබගේ වගකීම වන්නේ මේ නිදහස් (නොමිලේ දෙන ) අධ්‍යාපනයට තිත තැබීමය. එදා වේලක් කා, වේලක් නොකා අසරණ දුප්පත් ජනතාව තම දූ පුතුන් ඇතිදැඩි කර (උසස්)අධ්‍යාපනය දුන්නේ, වෛද්‍යවරු කළේ තම සහෝදර අහිංසක දුප්පත් ජනතාව දුකෙන් මුදවා ගැනීම උදෙසාය. එදා නැතිබැරි ජනතාවගේ ආයෝජනය අද ගඟට ඉනි කැපුවා මෙන් ප්‍රතිපලයක් නැත. ඇතිහැකි දෙමව්පියනි, ඔබට නොපෙනේද නැතිබැරි දෙමව්පියන් කළ අපරාධය? එදා මෙම වෛද්‍යවරුන් අපේ මුදලින් (උසස්) අධ්‍යාපනය නොහදාරා, තම මුදලින් වෛද්‍යවරු වී නම් අද මෙසේ අපට දුක් විදීමට සිදු නොවනු ඇත. මන්ද එවිට ඔවුන්ගේ ණය තුරස් ගෙවීමට තම රැකියාව කරනු ඇත. (නි)
මහජන මතයක් ගොඩනැගීමට අවංකව කටයුතු නොකර වෘත්තීය හයිය මත අධිතක්සේරුවක සිටිමින් කටයුතු කිරීමට යාමේ ප්‍රතිඵල ඉහත ප්‍රතිචාර වලින් අවබෝධ වෙයි. වෛද්‍යවරුන්ගේ විරෝධයට සාධාරණ හේතු තිබෙනවා විය හැකිවුවත්, මෙම ප්‍රහාරයට රජය පැත්තෙන් ගන්නා පියවර කුමක්දැයි දැනගන්නටත් පෙර වැඩ වැරීම කිසිදු අයුරකින් පැහැදිලි කළ නොහැක. මෙතෙක් කලක් ජනතාවගෙන් යම් කොටසක් හෝ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වල සාධාරණයක් දුටුවද මේ ක්‍රියාව හමුවේ ඔවුන් හුදෙක් මස් රාත්තල ඉල්ලූ යුදෙව්වාට සමාන වී ඇත. වෛද්‍ය ලලන්තගේ ගෙදරට එල්ල කල ප්‍රහාරය හා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඔහු පළකළ විරෝධය යන දෙක එකට සම්බන්ධ කිරීමට සංගමය ගෙනයන ප්‍රයත්නය අසාර්ථකයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අයිතිකරුවන් ඔය තරම් බලවත් මාෆියාවක් නම්, මෙවැනි පුස් බෝම්බයක් ගැසීමට වෘත්තීය නොවන නුපුහුණු මැරයෙකු එවාවිද? අපි අහලා තියෙන හැටියට මේ 'සාමකාමීම' රටේ ගැහැණු හුටපට වලටත් ඔයිට වඩා හොඳ වෘත්තීය මිනීමරුවන් යොදා ගන්නවා. (නි)
මේ අය වර්ජනය කරද්දී එම දින වලටත් ඒ අයට වැටුප් ගෙවනවාද? (නි)
අයියෝ සල්ලි
කණගාටුදායක සිදුවීමක්..!!(නු)
පුදුම වැඩක්නෙ මේක.. හැමදාම කවුරුහරි උද්ඝෝෂණය කරනවනේ.. එක්කෝ ජේ.ආර්.මහත්තයා කළා වගේ මේගොල්ලන්ව අයින් කරලා දාන්න ඕන.. නැත්නම් ප්‍රේමදාස වගේ උද්ඝෝෂණයට කලින් දවසේ සමිති නායකයව බැහැ දකින්න ඕන..මහින්ද මහත්තයා හොද වැඩියි.. මම දැක්කා 80 වර්ජකයොත් උද්ඝෝෂණය කරලා..ඒ අයත් බනින්නෙ මේ ආණ්ඩුවටනෙ.. මෙච්චර කාලයක් කට වහගෙන ඉදලා දැං තමයි මතක්වෙලා තියෙන්නේ උද්ඝෝෂණ කරන්න..(නු)
බෝම්බෙ පුපුරළත් නැහැ මේ ගොල්ල වර්ජනේ.. පෞද්ගලික රෝහල්වල වැඩ.... කාට කියන්නද? අනේ ප්‍රේමදාස මහත්තයා හිටියානම්..!!(නු)
හෙට අනිද්ද වෙනකොට ගෙදර ගැටලුවලටත් මේ දොස්තරල වර්ජනය කරයි. අනේ අධ්‍යාපනයට, සුව සේවාවට වියදම කරන දුප්පතුන්ගෙ බදු මුදල්....!!(නු)
අයෙ ඉතිං හමදාම වර්ජන.. අන්තිමට දුප්පත් මිනිහා අමාරුවෙ...!!(නු)
ඔය බෝම්බෙ හොයාගත්ත ගෙදර දොස්තර මහත්තයා කරුණාකරලා කියන්න අනිත් අයට වැඩ වර්ජන කරන්නෙ නැතිව දුප්පත් මිනිස්සුන්ට සේවයක් කරන්න කියලා.. ඔයාට බෝම්බ ගැහුවට අසරණ ලෙඩ්ඩු මොනවා කරන්නද?(නු)
විද්දේ හාවට වැදුණේ පදුරට කිව්වා වගේ, පනින රිළවුන්ට ඉනිමන් තිබ්බ වගේ! ඔය පුස් ඩප්පියකට ඔහොම කරනවා නම්, වසර 30ක යුද්ධයක් කරපු හමුදාවේ අය කොහොම වර්ජන කරන්න තිබුණද? පොඩ්ඩ එහා මෙහා වුණොත් අසරණ මිනිස්සු අමාරුවේ දාලා මේ ගොල්ලන් පුද්ගලික චැනල් සේවය ගජරාමෙට කරගෙන යනවා. අද දොස්තරලත් කළු කඩ කාරයෝ වෙලා. (නි)
බෝම්බ ගැහුව අයට මරණ දඩුවම හරි දෙන්න අසරණ ලෙඩ්ඩුන්ගෙන් පලි නොගෙන..(ස)
ඉල්ලීම් දෙනතුරු අපි සටනේ
ලෝකේ වැඩිම වර්ජන තියෙන්නේ ලංකාවේ...(ස)
බෝම්බයත් එක්ක මේ අසරන ලෙඩ්ඩුන්ට තියෙන සම්බන්ධය මොකක්ද. හිපොක්රටීස් ඔලුවෙන් හිටවන මේ වෛද්‍යවරුන්ට වෙනත් විසදුම් කිසිවක් නැද්ද. පෟද්ගලික තැන්වල බෙහෙත් දෙන එකටත් බෝම්බයේ තත්ත්වය බලපානවා නම් සටන සාධාරණයි. තැලෙන නිර්ධන පාන්තියන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන සේවය කරන්නේ කාටද. මානුෂිකත්වය වලපල්ලට ගිහින්.(ස)
ඔය බෝම්බය ගැහුවේ දොස්තරලාට නෙමෙයි, මහජන සේවකයන්ට. කරුණාකරලා ඇස් ඇරලා බලලා යටින් තියෙන යතාර්ථය තේරුම් ගන්න. (නි)
2/3 ක බලයක් තියන ආණ්ඩුවක් නේද තියෙන්නේ කොන්දක් නැද්ද මෙයාලට විරුද්දව තීරණයක් ගන්න මේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. හැබැයි ඊයේ හොහොම කැගහපු විදුලි බල මණ්ඩලේ මහත්තුරු ටික බයේ අද ලස්සනට වැඩට අවා.(ස)
ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන දුප්පත් මිනිස්සුන්ටම ගහනවා....(ස)
නමෝ බුද්ධාය ! කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව තම ජීවිතයට පිනක් රැස් කර ගන්නා අදහසින් ලෝකයට උපකාර කරන්න හැම දෙනාටම සිත් පහළ වේවා ! නමෝ බුද්ධාය !(ස)