මෑතක දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කර දක්වා ඇති බවත් ඉන් අනතුරුව එය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් ද වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2026 වසරේ ජූලි මස පැවති ආසන්නතම මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ පරිදි, පවතින සහ අපේක්ෂිත, ගෝලීය සහ දේශීය ආර්ථික තත්ත්වයන් හමුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වඩාත් යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස බවට දක්වා ඇතැයිද ඒම නිවේදනයේ දැක්වෙයි.
ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ " ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි දැක්මක් සහිතව සහ දත්ත මත පදනම් ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, පවතින නවතම ආර්ථික දත්ත, පුරෝකථන සහ අවදානම් ඇගැයීම් සැලකිල්ලට ගනිමින්, එක් එක් මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම, පහළ දැමීම හෝ නොවෙනස් ව පවත්වා ගෙන යෑම පිළිබඳ ව තීරණය ගනු ලැබේ.
මහ බැංකු අධිපතිතුමා විසින් සිදු කරන ලද ප්‍රකාශ මගින් අරමුණු කරන ලද්දේ, මෙම ස්ථාපිත ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ව පැහැදිලි කිරීම ය. එම ප්‍රකාශ මගින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල ඉදිරි ගමන් මග හෝ ප්‍රතිපත්ති පොලී අනුපාතික මට්ටම් පිළිබඳ පොරොන්දුවක් හෝ ඉඟියක් ලබා දී නොමැති බව අවධාරණය කරමු." යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd