මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත් වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.
මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇතැයි ද සමරසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව ජනවාරි 8 හරිම තීන්දුව ගත්තා. නමුත් අගෝස්තු 17 වෙනකොට වෙනම නාඩගම්කාරයෝ ටිකක් නටන්න ගත්තයින් ජනතාවට නියම පාලකයන් පත්කර ගැනීමට තිබුන අවස්ථාව මග හැරුනා. අපි වෙනුවෙන් අපි වගේ හිටපු ජාතියක් හොරු වෙනුවෙන් හොරු වුනේ කොහොමද කියල හිතෙනකොට පුදුමයි. (බ)
මෙතන සමහරු කෙනෙක්ව සුද්ද කරනවා ඒ හොරකම් මේ හොරකම් තරම් ලොකු නැහැ කියලා. නමුත් මේ දෙගොල්ලොම හොරකම් කළේ අපේ සල්ලි. අපිව ජාතියක් විදිහට ණය කෙරෙව්වේ මේ අමන පාලකයෝ කරපු හොරකම් දුෂණ සහ නාස්තිය නිසා. (බ)
අම්මපා අපේ සෝබිත හිමි හිටියානම් ..(බ)
අයියෝ! මේවා අහද්දී මට හිතෙන්නේ මහා බැංකු අධිපතිකම මටත් කරන්න පුළුවන් කියලා. (නි)
ඔහොම යමුකෝ ඉස්සරහට (නි)
සල්ලි නැතුව ඇති (බ)
ඔබට සතුටුයිද දැන් ..? (බ)
අනේ මේ අසරණයා මහජන මුදල් වලින් අරන් තියෙන්නේ සුළු ගණනයිනේ. පව් අනේ දොස් කියන එක. අවුරුදු 1 1/2 ටම සුළු ගානයි වියදම් කරලා තියෙන්නේ. (නි)
මරු කට්ටියනේ මේ රටේ ඉඳලා තියෙන්නේ. ඉතින් රටවල් දියුණුවෙයිද (නි)
මෙපමණ සාක්ෂි තිබෙනවා නම් මොහු අත්අඩංගුවට අරන් චෝදනා ඉදිරිපත් කර නඩු දමන්න බැරි මොකද? කොහෙද සාක්ෂි? බැදුම්කර වංචාව නම් ඔප්පුකොට හමාරයි. දැන් දඟලන්නේ යාළුවා බේරාගන්නයි. ඇයි ඒ ගැන කතා නැත්තේ. (නි)
පව් අනේ! තාම ඔය මල්ල පිරිලා නැතුව ඇති (නි)
පුදුම වෙන්න එපා. අපේ රටේ මිනිස්සු මාරුවෙන් මාරුවට එකම පක්ෂ දෙකකට ඡන්දේ දීදී තියාගන්නේ ඕකට තමයි. මට නම් කියන්න තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනාට ජය වේවා කියලා තමයි. (නි)
මේ තරම් මහා පරිමාණයේ දුෂණ වංචා හොරකම් රාශියකට වගකිවයුතු හිටපු මහබැංකු අධිපති තවමත් රජයේ කටයුතුවලට සම්බන්ධ වෙමින් නිදැල්ලේ සිටිනවා කියන්නේ මේ රටේ සමස්ත නීති පද්ධතියටම අපහාසයට ලක්කිරීමක් කියන එක නේද? එහෙම නැත්නම් නීතිය කරවන අය නීතිය අවභාවිතයේ යොදවනවා කියන එකද? මොන දේශපාලන මතවාද තිබුනත් රටක් හැටියට ජාතියක් හැටියට කව්රුත් එකතුවෙලා රටට වෙන්න යන විනාශය, අලාභය, අපකීර්තිය අවම කරගන්න කව්රුත් එකතු වියයුතුයි නේද? (නි)
මේ වෙන රටක මහා බැංකුව වෙන්න ඕනෑ. මොකද අපේ රටේ වංචා සහ දුෂණ වෙන්නේ නැහැනේ. යහපාලනය නිසා මිනිස්සු ඉන්නෙත් සතුටින් එහෙම නේද. (නි)
අනිවාර්යෙන්ම දැඩි දඩුවම් දෙන්නම වෙනවා.ඒ ගසාකාපු ධනස්කන්දයත් ජනතාව සතු කරන්නම වෙනවා. එහෙම නැතුව "අපි රට යහපාලනයක්" කරා ගෙනියනවා කියලා ඇඳුමක් ඇඳගෙන කියන්න පුලුවන්ද? (නි)
තව හොඳ සෙල්ලම් තව ඉස්සරහට! (නි)
සමහර අයට කොටස් වෙළඳපොල පෙනෙන්නේ වංචාවක් හැටියට. ඒක මතවාදයක් මිසක් නෛතික තත්වයක් නෙමෙයි. බැඳුම්කරයක් කියන්නෙම ආණ්ඩුව පුද්ගලික අංශයෙන් ණයට ගැනීමක් කියාවත් බහුතර ජනතාව දන්නේ නැහැ. (නි)
ඇත්ත වශයෙන්ම බොහොම කනගාටුදායක කාරණයක්. එ්ත් එක අතකින් මේ වාර්තා මෙහෙමවත් අපිට දැනගැනීමට අවස්ථාව ලැබෙන එකට හා ඒ විනිවිද භාවය පිලිබදව අපි ඇත්ත වශයෙන්ම සතුටු විය යුතුයි. මීට කලින් මෙහෙම වුනානම් අපි ළිදේ ඉන්න මැඩියෝ වගේ මහා බැංකුවේ මහා එක්කෙනාගේ වාර්තාම තමයි දැනගන්න සහ පිළිගන්න වෙන්නේ. (බ)
'යහපාලනය' හා 'රාජ්‍ය දේපල අවභාවිතාව' පුදුමාකාර විදියට සම්බන්ධ යෙදුම් දෙකක් වන්නේ මෙතෙක් යහපාලනය දේශපාලන ප්‍රතිවාදීන්ට හිරිහැර කිරීමට, අපහාස කිරීමට, ඔවුන් ඇප නැතුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හා නඩු දැමීමට යොදාගත් මූලික අවිය 'රාජ්‍ය දේපල අවභාවිතා' කළා යන සැකයයි. එසේ නම් මහ බැංකුවෙන් නිකුත් කළ ක්‍රෙඩිට් කාඩ්පත හරහා රුපියල් කෝටි 6 ක රාජ්‍ය දේපල අවභාවිතා කළායයි මහබැංකු අභ්‍යන්තර විගණක වාර්ථාවකින්ම ලිඛිත චෝදනා එල්ලවී ඇති අර්ජුන මහේන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගෙන විමර්ශන අවසන් වනතෙක් ඇප නැතුව රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම යහපාලන රජයේ මූලික වගකීමක් නොවෙන්නේද. (නි)
මේවා හොරකම් නෙමෙයි. වාහන අවාභාවිතාව වගේ දේවල්නේ හොරකම්. හොඳට තිබුන රටකට කරපු විනාශයක්... (නි)
රටකට ඕනෑ අපමණ අගයක්. (නි)
මොවුන් කම්බ හොරුනේ. මොවුන්ව රකින්නේ ඊටවඩා හොරු. දැන්වත් ජනතාවට තේරෙයිද දන්නේ නැහැ අපේ සල්ලි හොරකම් කරපු අයගෙන් ඒවා යළි ලබාගෙන, තියෙන දේ ආරක්ෂාකරන කණ්ඩායමකට රටේ අනාගතය බාරදිය යුතු බව. රටේ සල්ලි නැහැ කිය කියා පුද්ගලික අංශයට හොර වෛද්‍ය උපාධි දෙන්න ඉඩ දීලා රටේම සෞඛ්‍ය අනතුරට හෙළන වෙලාවේ, මේ හොරකම් කරන සහ නාස්තිකරන සල්ලි වලින් වෛද්‍ය පීඨ කීයක් අලුතින් හදන්න පුලුවන්ද. (නි)
ජනතාවනි, දැන් පේනවා නේද හිටපු අයත් එකයි. ඉන්න අයත් එකයි. ලංකාවේ වංචාව, දූෂණය, හොරකම ඉහවහා ගිහිල්ලා. මුල් බැහැලා. මේ මුල් කපා දාන්න නම් ලොකු විප්ලවීය මාර්ගයක් තෝරාගන්න වෙනවා. රටට අැත්තටම අාදරෙ කරන වංචාවට, හොරකමට විරුද්ධ කොන්ද පන අැති නායකයින් පිරිසක් අවශ්‍යයි. එහෙම කෙනෙක් නිකමටවත් ඉන්නවා කියලා හිතෙනවද? මෙහෙම ගියොත් නම් ලංකාවට පේනතෙක් මානයක ගොඩ එ්මක් නැහැ. වැටත් නියරත් ගොයම් කනවා නම් කවර කතාද. (නි)
ජනාධිපතිවරණයේදී ගිනි තියපු අට්ටාලය උඩ ඉඳගෙන කිව්වේ උදෙන්ම ඡන්ද පොලට ගිහින් නොබියව අපිට ඡන්දය දෙන්න. ඉතිරි ටික අපි බලාගන්නම් කියලා (නි)
එහෙම නම් ගරු අගමැතිතුමාගේ උපදේශකයෙක් විදිහට ඉන්නේ කොහොමද..? (නි)
ලැජ්ජා බය නැතිකම තමයි මේ හැමදේටම හේතුව (නි)
දැන් වැඩේ හරිනේ. සුදු රෙදි ඇඳගෙන බොරු කියන්නේ අපිද? (නි)
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් (නි)
මහින්ද හොරා.... මහින්ද හොරා....... කිවුව අය දැන් මොකද කියන්නේ? (නි)
නැහැ...නැහැ...මම නම් කියන්නේ ඔය කතා ඔක්කොම බොරු. ඔය ඊර්ෂ්‍යාවට කියන කතා. (නි)
කිසි බයක් නැතුව මහා දහවල් හොරකම් කරන කම්බා හොරු රැලක්නේ මේ. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
මේවා අහලා දැන් අපිටත් පිස්සු වගෙයි (නි)
අගමැතිතුමනි, දැන්වත් යාලුවන්ට තැනදීම නවත්වන්න. හොඳට දන්නා අයත් ඔහොම නම් කොහොමද ‘රාජකීය‘ කියලා තැනක් දෙන්නේ. මේවායින් මඩ ගාගත්තම හෝදන්න කවුරුත් නැතිවෙයි. (නි)
බලනකොට දෙගොල්ලන්ම එකයි. වෙනසක් නම් නැහැ. (නි)
පිස්සුද එහෙමත් කරයිද යහපාලන ලොක්කෝ? ඉස්සරනේ ඔහොම හොරු හිටියේ. අැයි මතක නැද්ද, හොරු හොරු හොරු හොරු හොරු හොරු කියලමනේ කිවුවේ. සුද්ද කරන්න අා සුදනොනේ මෙයාලා! (නි)
අහවලාගේ යාලුවා නිසා කිසි අවුලක් නැහැ. එයා පාර්ලිමේන්තුවේ අපේ සල්ලි වලින් පඩි අරගෙන අහන ප්‍රශ්න වලට විහිළු උත්තරයක් දීලා වෙලාව නාස්ති කරලා මෙයාව බේරලා දෙයි. (නි)
මොකක්ද මේ විකාරය මෙපමණ සාක්ෂි තිබෙනවා නම් මොහු අත්අඩංගුවට අරන් චෝදනා ඉදිරිපත් කර නඩු දමන්න බැරි මොකද ? (බ)
දැන් මේ ජවිපෙ ට මොකද වෙලා තියෙන්නේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂයක්. ජනතාව බලය දුන්නේ ආණ්ඩු පක්ෂෙට මේවා ඔක්කොම දැනගෙනයි. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දේවල් කරගන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නවද? (නි)
තොවිලයේ හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටලු. කාට කියන්නද? (නි)
ඡන්දයට වියදම් කරපු ප්‍රමාණය අනුව තනතුරු ලැබුනා කට්ටියට. (නි)
මේ රටේ මහජන මුදල් සොරාකන සමහර මහා ලොකු මහත් හොරුන් සහ ඔවුන්ව රකින දේශපාලුවන්ට වඩා තම ශරීරය විකුණාගෙන ජීවත්වෙන අබිසරු ලියන් දහස් වරක් හොදය, ගරුකටයුතුය. (නි)
මේවා අහලා මගේ ඇඟේ මාළු නටනවා
නිමල් ලලිත, නැතුව නැතුව... ඔබට යමක් කමක් තේරෙනවා වගෙයි. (නි)
මේ ආණ්ඩුවට පත්වන්නේ කඹ හොරු බව දැන දැනම ජේ වී පී එක මේ ආණ්ඩුව පත්කරන්න ලොකු වැඩ කොටසක් කළා. දැන් බොරුවට කෑ ගැහුවට ජනතාව රැවටෙන්නේ නැහැ. (නි)
ඕකට ආණ්ඩුවේ උත්තරය....."මහින්ද හොරා, මහින්ද හොරා.." (නි)
ඔය මහා සංදර්ශන බොරු යහපාලනේ ඇතතක් නම් වගකිවයුත්තන් අයින් වෙන්න ඕනෑ. (නි)
ආනයනය කළ අය අපේ ධනය ප්‍රසිද්ධියේ මංකොල්ල කනකොට නිහඬව සිටින වැදගතුන් මහජනතාවට සේවය කරන නිලධාරීන්ට අඩත්තේටම් කරන්න යන්නේ ඔවුන්ගේ දැනුමේ අඩුව නිසා විය හැකියි. ඔච්චර මුදලක් තම පුද්ගලික පරිහරණයට ගත්තත් කිසිම සද්දයක් නැත්තේ මෙයාට මොකක් හෝ හයියක් ලැබෙන නිසා වෙන්න ඇති.
රට ජවිපෙට බාරදෙන්න දැන් කාලය හරි (නි)
මේක හරියට දැන් ලංකාවෙ හිඟන බිස්නස් එකක් වගේ. ඔය මොළ රටේ දියුණුවටම දාන්න බැරිද? (නි)
මෙය හෙළි වෙන තුරු අපිත් බලාගෙන ඉන්නේ. (ර)
මේක තමයි හොරුන්ගේ පුරුද්ද. කාට හරි හොරා, හොරා කිය කියා හොරකම් කරන එක. ජනවාරි 8 ඡන්දෙ දෙද්දී ජනතාවගේ වැඩි කොටස හිතුවේ නැහැ, බලයට එන්නේ කවුද කියලා. (නි)
එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ පමණි (ම)