ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ විදේශ සංචාර වියදම්වලට අදාළ වාර්තාවෙන් දක්වා ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් කළ යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) පැවසීය.
මෙම විගණන වාර්තාවේ සඳහන් කරුණුවලට ඔහු පිළිතුරු දිය යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සිය ධුර කාලය තුළ හිටපු මහ බැංකු අධිපතිවරයා රුපියල් කෝටි 6 1/2 කට අධික මුදලක් අවභාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙම වාර්තාව අභියෝගයට ලක්කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයා සිය අත්සන රහිතව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇති බව දැනගන්නට ඇතැයිද එවැනි නිවේදනයක් නිකුත් කරන බවක් ඔහු තමාටවත් දැනුම්දී නැතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එවැනි මාධ්‍ය නිවේදනයක් පළකිරීම පිළිබඳව මාධ්‍ය ආයතනද දෙවරක් සිතා බැලිය යුතු බවද නොඑසේනම් මෙම නිවේදනය තමාගේ නොවන බව කීමට පවා ඔහුට හැකියාව ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.
මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව ඔහුට නොදීම පිළිබඳව ඔහු මහ බැංකු විගණන නිලධාරීන්ට දෝෂාරෝපණය කර ඇතත් ඔවුන් එම වාර්තාව ලබාදිය යුත්තේ වත්මන් අධිපතිවරයාට මිස හිටපු අධිපතිවරයාට නොවේ යැයිද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කොළඹ කොටුවේ පිහිටි රාජ්‍ය මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ විතරක් මොනවා කරන්නද? (නි)
ඕව කිය කියා ඉන්න ඕනෙද එෆ්සීඅයිඩී එකට තොරතුරු සහිතව පැමිණිල්ලක් කළහම හරි නම් ඒගොල්ල ඔහු අත්අඩංගුවට අරන් පරීක්ෂණ පවත්වන්න ඕනේ නේද ? (බ)
අල්ලස හා දුෂණයේ පැතිකඩ ගණනාවක් ඇත. දන්නෝ දනිති. (නි)
ඕවා මොකට කියව කියවා ඉන්නවද. අල්ලලා නඩු දාන්නකෝ. (නි)
නිකන් තප්පුලන්නේ නැතුව පැමිණිලි කරලා පරීක්ෂණයක් කළානම් හරිනේ! (බ)
ඇයි මේකට මෙච්චර කල් මරන්නේ?මෝරු ඉන්දෙද්දී හාල්මැස්සෝ අත්අඩංගුවට අරගෙන කරන මේ විහිලුව දැන්වත් අනිත් පැත්ත හරවන්න.නැතිනම් ඔබලාට දේශපාලන අනාගතයක් නැහැ.දැන්වත් ඔය හවුල් මගුලෙන් ඉවත් වෙන්න.අර කියමනක් තියෙන්නේ "හවුලේ කැදත් එපා"කියල. (බ)
ඕකට කෙකර ගාන්න ඕනද ?. වාහන අවභාවිතා කළා කියලා අර විමලේ හිර කළානම් ,එෆ්සීඅයිඩී එකට බැරිද මෙ මහදවල් හොරකම් කරපු හොරෙක්ව අත්අඩංගුවට.. රුපියල් 100 ක් වංචා කළත් නිතිය ක්‍රියාත්මක කරන පොලිසියේ අත්වලට මාංචු දාලද ? (බ)
ද සිල්වා ඔබ හරියට හරි. අපිට කිය කිය ඉන්නේ මොනවටද? අවසන්ප්‍රතිපලය විතරක් අපට කියන්න (බ)
ඉස්සර කාලේ වෙච්ච ඒවා ගැනත් මේගොල්ලෝ ඔහොම කතා කරන්නේ නැහැනේ (නි)
ද සිල්වා, කසුන් සහ බණ්ඩාර හරියටම හරි (නි)
ද සිල්වා, තමා ලංකාවේ දේශපාලනය ගැන දන්නේ නැහැ වගේ. එෆ්සීඅයිඩී එකට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා දැන් ගොඩක් කල්. අඩුම ගානේ එක ප්‍රශ්නයක්වත් එතුමා ගෙනල්ලා කරන්නේ නැත්තේ යහපාලනය නිසා (නි)
ඔක්කොටම ඉස්සෙල්ලා ඔන්න අපි හොරකම් අල්ලන්න එනවා කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා පත්තරේ දමලා ප්‍රසිද්ධ කළාම හොරුන්ට ඉතා ලෙහෙසියෙන් රටින් පැනලා යන්න පුළුවන්. නැත්නම් හොරකම් වහගන්න අවශ්‍ය දත්ත විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාක්කිකරුවන්ට තර්ජන කරන්න, අල්ලස් දෙන්න පුළුවන්. මේ වංචාවත් කවදාවත් විසඳාගන්න පුළුවන් දෙයක් නොවේ. මේ කරන්න හදන්නේ අපිව මුලා කරන්න (නි)
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දේශපාලන න්‍යාය පත්රයකට අනුව වැඩකරන බව දැනගෙනත් එයට විරුද්ධව පියවරක් නොගෙන ඉන්නවා නම් මෙතන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. (නි)
ඕකත් දැන් ඡන්දෙ දුන්න අපිටමද කරන්න කියන්නේ? (නි)
පරීක්ෂණ කර කර හිටියාම ඇති. එයා වරදක් කළා කියා ඔප්පු වුණත් මොන දඬුවමක්වත් දෙන්නේ නැහැ. ඔය කාගේ කාගේත් හැටි අපි හොඳට දන්නවා. (නි)
රජය පරික්ෂණ පැවැත්වීමට කල්මරමින් සිටින්නේ ඇයි කියා අපි දනිමු. (නි)
ජනාධිපතිතුමාම වරක් කිව්වා එෆ්සීඅයිඩී එක දේශපාලන න්‍යාය පත්රයකට වැඩකරනවා කියල. කවුද ඒ න්‍යාය පත්‍රය හදලා දීලා තියෙන්නේ කියන එක රටම දන්නවා. නැත්නම් ඉස්සරවෙලාම අත්අඩංගුවට ගන්න ඕනෑ මිනිහට උපදේශක තනතුරකුත් දීලා රැකගනීද? (නි)
පරීක්ෂණයක් කරන්න ඕනෑ කියලා ජනාධිපති අගමැති මේ ඔක්කොම කියනවා. ඔච්චර කියලත් ඕක කරන්නේ නැහැනේ. (නි)