
(යොහාන් භාසුර)
රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පැවසූ බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා අද (21) පැවසීය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා නිදහස ජනතා සභා කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් සියයට 73 කින් ඉහළ දමා ඇති බවත් වෛද්‍යවරු රට හැර යන නිසා ඔවුන්ගේ වැටුප් වැඩි කළ ද කම්කරුවාගේ වැටුප් වැඩි නොකළ බවත් රත්නසේක මහතා කීය.
පාසල් දරුවන්ගේ ආහාර වේලකට ලැබෙන රුපියල් 85 ක මුදල රුපියල් 20 කින් වැඩි කරන්න සල්ලි නැතැයි කියූ මහා භාණ්ඩාගාරයට මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් අසීමිතව ඉහළ දැමීමට මුදල් ඇති බව ද ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඔක්කෝටම වැඩිය තිරිසනුන් ඉන්න තැනක් කියලා ඔප්පුකර පෙන්නුවා...
යන එකෙක් රට ගියපුදෙන්. රට ගියා කියලා රට වැහුවාද? මේ රටේ අර්තිකය විනාශ කරන්න මහ බැන්කුවේ අය වග කියන්න ඕනෑ. උපාධිය 1 පන්තියේ අය අරගෙන 3 පන්තියේ වැඩ ඔවුන් කළේ. උදේට බලන්න මහ බැංකුවේ ගැහුණු යන්නේ ෆැෂන් ෂෝ එකට වගේ... සාරියක් 30000 ඒවා අඳින්නේ. රටට හෙන ගැහුවත් ඔවුන්ට ගානක් නෑ. සීතල කාමර වල ඉඳන් ප්‍රායෝගික නොවන එවා කරලා තමයි මෙහෙම වුනේ. හරි නම් ගෝඨාභය වගේ ගහලා පන්නන්න ඔනෑ කාලකන්නි. මෙහෙම හරි මේ රට ඉතුරු වුනේ කියන එක පුදුමයක්...