සිය බෑණාගේ සමාගමට වාසිවන ආකාරයෙන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සභාපති මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) යොමු කර දෙසතියකින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී නියෝග කළේය.
දෙසතියකින් වාර්තාව ලබා ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන - එතකොට වැඩක් නෑ. පාර්ලිමේන්තුවත් විසුරුවලා. ඔබතුමාගේ තීරණය යළි සලකා බලන්න.
කථානායක - මගේ තීරණය විවාදයට ලක් කරන්න බෑ, පුද්ගලයකුට එරෙහිව කරන පරික්ෂණයකදී ක්‍රමයක් තියෙනවා. ඔහු තවම වැරදිකරුවකුවී නෑ. ඒ අනුවයි පරීක්ෂණ කරන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අන්තෝ ජටා-බහි ජටා" (නි)
මිටි තැනින් මිස උස් තැනින් කවදාවත් වතුර ගලා බසින්නේ නැහැ.ඔන්න ඔහොමයි වුණා කියන්නේ. (නි)
නොකෙරෙන වෙදකමක්ද ? (නදී)
මටත් පෙනෙන්නේ ඒ වගේ තමා කියලයි දුමින්ද (නි)
එහෙනම් ඒකත් එහෙමයි. මතකනේ ඉස්සර කෝප් කමිටුවෙන් හොයාගත් දේවල් වලට දුන් දඬුවම්. මතක් වුණාමත් බය හිතෙනවා.(නි)
පක්ෂ පාට වැඩක් නෑ, වැරදි කළ අයට දඩුවම් දිය යුතුමයි. මෛත්‍රීපාල සිරිසේන මහතාව අපි ජනපති කලේ මෙවැනි දේට (පසුගිය සමයේ ඇතුලුව) සාධාරණව කටයුතු කරන්න.(හේ)