ශ්රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට නවක සිසුන් 25600 කට ආසන්න පිරිසක් බඳවා ගැනීම මේදිනවල සිදු වේ. ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් එක්දහස් තුන්සීයයක් බඳවා ගැනීමට අපේක්ෂිත යැයි විශ්වවිද්‍යාලයේ සහකාර ලේකකාධිකාරී ( ශිෂ්‍යසේවා ) ඩබ්ලිව්. ඩබ්ලිව්. අනුර මහතා කියයි.
කෘෂිවිද්‍යා, ව්‍යවහාරිකවිද්‍යා, කළමණාකරණ, සමාජයීය විද්‍යා හා භාෂා යන පීඨ පහක පාඨමාලා 25කට මෙම සිසුන් බඳවාගැනීමට අපේක්ෂිතය. පෙබරවාරි 27 වැනිදායින් ඇරඹි මෙම ලියාපදිංචිය මාර්තු 12 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය . ඉතිහාසයේ වැඩිම පිරිසක් බඳවා ගැනෙණුයේ මේ වසරේදීය.
2025 දෙසැම්බර් මස 04
754
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහ දරු කැළක් සරසවි මව සොයා එති
ජීව Thursday, 07 March 2013 03:03 AM
හොඳ වැඩක්,අහන්නත් සන්තෝසයි. හැබැයි ඉතින් ඇතුල්වූ සැනින් සියල්ල දත් කියලා ඔලුව උදුමවාගෙන හෙට පාරට නම් බහින්න හදන්න එපා. (නි)
නීලා Saturday, 09 March 2013 07:20 PM
සරසවි ගිහින් අවසන් වුණාට පස්සේ තමන් වෙනුවෙන් වගේම අනාගත දරු කැළ වෙනුවෙනුත් යමක් කරන්න බලන්න. (නි)
ආරියසිරි යසන්ත Wednesday, 06 March 2013 04:41 PM
ගියපු වැඩේ විතරක් කරගෙන රට පෙරලගෙන උද්ගොසන නොකර ඉක්මනට උපාධිය ඉවර කලානම් ලබන වසරටත් ගොඩක් අයට එන්න තිබුන ඔහෙට (දී)
නීල් Wednesday, 06 March 2013 05:00 PM
ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් (දී)
යොහාන් Wednesday, 06 March 2013 10:50 AM
අපේ රතු කට්ටියට එහෙම අහුවෙන්න එපා හොදේ. එහෙම වුණොත් හැමදාම පාරේම ඉන්න වෙයි. (නි)
සිල්වා Wednesday, 06 March 2013 11:01 AM
සුදුස්සාට සුදුසු තැන ලැබේවා! එයයි මාගේ ප්‍රාර්ථනය. (නි)
ගාමිණී Wednesday, 06 March 2013 11:06 AM
ඔබ සැමට මගේ සුභ පැතුම්! (නි)
නෆීල් Wednesday, 06 March 2013 11:33 AM
සුභ පැතුම්! (නි)
හේමන්ත Wednesday, 06 March 2013 11:48 AM
දරු කැළක්ම සරසවි යවා - ජාතියෙ මව ගෙදර ගියා... (නි)
ශන්ක Wednesday, 06 March 2013 12:01 PM
අනේ මන්දා මේක මේ අවුරුද්දට පමණක් සීමාවේවිද දන්නෙ නැහැ. (නි)
ටිකිරි Wednesday, 06 March 2013 12:48 PM
හොද වැඩක් දිගටම කරගෙන යන්න.(නදී)
ලලිත්-දෝහා Wednesday, 06 March 2013 01:23 PM
ඔක්කොම අමතක කරලා ඉගෙනගන්න දරුවනේ. සරසවියෙන් එලියට ඇවිත් පුළුවන්නම් රට හදන්න.(නදී)
මිතිලා Wednesday, 06 March 2013 02:01 PM
ඇත්තටම හුගක් හොද වැඩක්.(නදී)
අමරේ Wednesday, 06 March 2013 02:08 PM
අනේ මන්දා අමතර පහසුකම් නැතිව විශ්ව විද්‍යාලවලට මෙහෙම අරගෙන මේ ළමයින්ට අරගල කරනන්න වෙන්නේ ඩිග්‍රිය ඉවර වෙනකම්. ඉන්න අයටත් ප්‍රායෝගික පරීක්ෂණ කරන්න හැම විශ්ව විද්‍යාලයකම පහසුකම් ප්‍රමාණවත් නැහැ මගේ හිතේ.අන්තිමට වෙන්නේ ජොබ් පෝලිමට එකතු වෙන එක කලා උපාධි කරලා. පහසුකම් දෙන්න කියලාත් මේ හදිස්සියට රජයට මුදල් තියෙනවාද?.මෙතැන වරද වෙලා තියෙන්නේ කොතැනද?(නදී)
සංජුල Wednesday, 06 March 2013 09:03 PM
උගතුන් රැසක් බිහි කරන්න ලැබේවා (දී)
විජිත Wednesday, 06 March 2013 02:22 PM
ඉගෙනගන්න සිතට ගන්න.(නදී)
අනුර Wednesday, 06 March 2013 02:29 PM
දරු කැළක්ම සරසවි යවා දරුවනේ ඉගෙනගන්න.සරසවියෙන් රට හදන්න.(දී)
සුනිල් Wednesday, 06 March 2013 03:12 PM
සුභ අනාගතයක් ඔබලාට (දී)