ඩයනා උදයංගනී
කේවල හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය නිසා රට අස්ථාවර වන බවත්, ඉදිරි පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ පැරණි මනාප ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවත් සමස්ත ලංකා මහජන කොංග්රස් පක්ෂයේ සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
නව මැතිවරණ ක්‍රමය යටතේ තම පක්ෂයේ මන්ත්‍රීධූර සංඛ්‍යාව වැඩිවී ඇති නමුත් සභාවල බලය පිහිටුවීමේදී ගැටලූවක් ඇතිවී ඇතැයි කී අමාත්‍යවරයා මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුත්තේ පක්ෂයකට හෝ නායකයෙකුට වාසි වන අයුරින් නොව රටට වාසි වන අයුරින් බවද සඳහන් කළේය.
වත්මන් යහපාලන රජයෙන් ඉවත්වීමේ කිසි බලාපොරොත්තුවක් නැතැයිද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාවරභාවය ගැන ප්‍රශ්ණ මතු කරන්නේ රටට ජනතාවට සේවය කරන්න නොවේ.තමුන්ට කර ගන්න රටේ දේවල් හොරා කන්න වගේම වංචාවල දූෂනවල යෙදෙන්න.ආණ්ඩුව ස්ථාවර නැතත් රටේ හා මහාජනතාවගේ යහාපතට වැඩ කරන ආණ්ඩුවකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ,එහෙම විරුද්ධ උනොත් ජනතාව එයාලා ගැන බලා ගනිවී.
සමානුපාතික මැතිවරණ ක්‍රමය හදුන්ව දුන් පුද්ගලයට තිබුන බුද්ධිය හා දැනුම දැන් සිටින කිසිම දෙශපාලනයෙකුට නැහැ. එනිසා වෙනස්කම් කිරීම බොහොම කල්පනාවෙන් කලයුතුයි.
ලොකු දෙයක් ඔබටවත් ඔය ටික තේරුණු එක. අගමැති තුමාටත් හොදට පැහැදිලි කරලා දෙන්න. බලයට කෑදර කමේ මැතිවරණ ක්‍රමේ වෙනස් කරාට රටට ගිහින් තියෙන තත්වෙ පේනවනෙ දැන්.
ඔබ වැනි පුද්ගලයන් පාර්ලිමේන්තු යැවීමෙන් නම් රටට ලැබෙන කිසිම වාසියක් නැහැ.
සමානුපාතික ක්‍රමය නැතිවුනාම මෙයාලට ආණ්ඩු නටවන්න තියෙන හැකියාව නැති වෙනවා. එකට බයේ මේ කියවන්නේ .
මේ රටට වින කළ සිරිසේන හා රනිල් කියන දෙන්නට මහ ජනතාවගේ වටිනා ඡන්දයේ තියෙන වටිනාකම තේරුම් කරලා දෙනවා නම් ලොකු දෙයක්...