පොලිසිය මඟ හැර සිටින බඩෝවිට වෙළේ ‘සුදා‘ නම් හෙරොයින් කුඩු විකුණන්නාගේ චංචල නිශ්චල දේපොළ තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය අද තීන්දුවක් දුන්නාය. ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාගේ බිරිය වන පිලිදුව බෝගහවත්තගේ ගයානි ප්‍රියදර්ශනී හෙවත් සුජී අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය කීවේ වෙළේ සුදා කුඩු, අබිං හා වෙනත් නීති විරෝධී දෙයින් උපැයු වත්කම් තහනම් කරන ලෙසයි. ඉන්දියාවේ සිට බොරු නමකින් ශ්‍රී ලංකාවට ආ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීවේය. කොළඹ, දෙහිවල, කඩුවෙළ, නුගේගොඩ, හා රාජගිරියේ ඔහු සතු මන්දිර, තට්ටු නිවාස, යාන වාහන ඇතුළු දේපොළ සොයාගත් බවත් කොළඹ බැංකු කිහිපයක ආරක්ෂිත කුටිවල මුදල් ද රුපියල් දස ලක්ෂ ගණන් විටිනා රන් ආබරණ ද සොයාගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං කට්ටිය සූදානම් වෙනවා ඇති මෙයාගේ දේපොල බෙදාගන්න...!(නු)
ඔය කාලකන්නි ජෝඩුව අහිංසක තරුණ ජීවිත කීයක් විනාශ කරන්න ඇත්ද කුඩු වලින්... ඔය දෙන්නට උපරිම යෙන්ම දෙන්න පුළුවං දඩුවම දෙන්න තවත් එලියට නොඑන්නම....(නු)
චංචල, නිශ්චල දේපළ තහනම් කරන අතරේ එයාවත් නිශ්චල කළොත් සමාජයට වැඩදායක වෙයි. (නි)
හොද අධිකරණ තීන්දුවක්. බැරිද අර පාර්ලිමේන්තුවේ සමහරුන්ගේත් දේපළ ඔය විදියට රාජසන්තක කරන්න? (නි)
මේ කුඩුකාරයාගේ බිරිය අයිති වෙන්නේ චංචල දේපළ යටතටද? එතකොට එයාගේ මොකක්ද තහනම් වෙන්නේ? (නි)
ගෝලබාලයින්වද සොයා සුදුසු දඩුවම් දිය යුතුයි. (නි)
ලොක්කන් තරහාකරගත්තොත් ඕක තමා වෙන්නෙ....(නු)
ඒ මනුස්සයට කාගෙවත් පිහිටක් නැතුව ඇති .නැත්තම් ඔහොම දෙයක් වෙන්නේ නෑ කීයටවත් .(ස)
මේගොල්ලන්ට එවන අනිත් අය පිටරටවල ඇති.. හොයලා බැලුවොත් නරකද?(නු)
විනිසුරුතුමාට අපගේ උපහාරය..!!(නු)
අයතා ලෙස මුදල් හම්බකරපු අයනම් ලංකාවෙ ඕන තරම් ඉන්නේ අල්ලනවානම්..!!(නු)
ගරු අධිකරණයේ තීන්දුව ඉතාම ඉහළයි. මෙවැනි එඩිතර විනිසුරු විනිසුරුවරියන්ගේ අරක්ෂාව රජය මාර්ගයෙන් වහාම තර කළ යුතුයි...අතීතයේ මෙවැනි තීන්දු දීපු අයගෙන් පළිගැනීම් සිදුවී ඇති නිසා..!!(නු)
ගම්පොල ගාවගන්න එපා..!! මමත් ගම්පොල(නු)
නියමයි !අධිකරනයටයි, පොලීසියටයි අපේ උපහාරය !(ස)
හි හී හි හී.... (නි)
චමල්, ඒ අහවලාටත් කවදා හරි මේ දේම වෙයි. (නි)
ඔය නීතී දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මත වෙනවා නම් හොදයි. මේ ලිස්ට් එක තව ගොඩාක් දිගයි එතකොට. (නි)
විනිසුරුට අපේ ප්‍රණාමය! මේ පුද්ගලයාට උදවු දුන් දේශපාලකයොත්, ඔහුගේ ආරක්ෂකයොත් එල්ලුවොත් රටට වෙන්නේ ලොකු සෙතක්. (නි)
මේවට අපේ ආචාරියත් සම්බන්ධද දන්නේ නැහැ... ගොඩක් කාලෙකින් දැක්කේ නැහැ.!(නු)
රොශාන් කියන්නේ අපේ කැළනියේ උපාධිධාරියා ගැනද?(නු)
නීතියටම වැඩකරන විනිසුරුවරයෙක්.. ඔබට තවත් මෙවැනි තීන්දු දීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!!(නු)
ගැමුණු මෙයාගේ නමටත් එක්ක ලැජ්ජයි..!(නු)
කාලීන අවශ්‍යතාවය අනුව අනෙක් අයටත් මෙසේම විය යුතුයි. (නි)
ඉතාම හොද තීරණයක්.. ඉදිරියටත් මේ වගේ කරගෙන යන්න..!!(නු)
නියමයි.. දඩුවම මරණයයි..!!(නු)
ඇහුවමයි ඉතාම ඉක්මනින්ම තද තීන්දුවක් අරන් තියෙනවා.. අදහාගන්නවත් බැහැ නේද? පිළිසරණක් නැති අහිංසක කුඩු රජෙක්..!!(නු)
අන්න එහෙමයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අවුරුදු 20ක්වත් හිරේ ඉන්න ඕනෑ. (නි)
හ්ම්.... (නි)
නීතිය කාටත් එකයි (දී)
අපිව රවට්ටනවද මන්ද (දී)
ඔහුගේ වස්තුව විකුණා බන්ධනාගාර අලුත්වැඩියාවට යෙදෙව්වොත් මොකද?(නු)
හොද තීන්දුවක් කාලෙකට පස්සේ අහන්න ලැබීම සන්තෝෂයි. අනෙක් අයටත් මේ නීතිය ගෙනාවානම් හොදයි නේද?(නු)
ඉතාම හොඳ තින්දුවක් (අ)
ඔන්න මල්ලී මහින්ද චින්තනය. ජයවේවා! ඉදිරියටත් මෙසේම වේවා! (නි)
සියලු කුඩු ජාවාරම්කරුවන්ට ඔය නීතිය අනිවාර්යය කරන්න. (නි)
කෝ මේ හැමදාම අදහස් දක්වන අය නැහැනේ..!(නු)
රටේ මත්ද්‍රව්‍යවලින් බාල පරපුර විනාශවෙන එක වලක්වන්න හැකි උපරිමයෙන් වැඩ කළ යුතුයි..!!(නු)
මෙයාට මෙහෙම නෙවෙයි පවුල් පිටිං හිරේ දාන්න ඕන..සමාජයට විශ විකුණන මේ වගේ අය සියලු දෙනාටම දැඩි දඩුවම් පමුණුවන්න ඕන..!(නු)
එතකොට අර අහවලා? (නි)
මේක තමයි නීතිය කියන්නේ.. හැබැයි මේ රටේ කවදාවත්ම නීතිය හැමෝටම එක වගේ උනේ නැහැ ..මේ අය අහුවෙන්නේ කොතැනක හෝ වරදක් ඇති නිසයි... (නු)
අපේ අයට ඉතිං හොරු ඇල්ලුවත් වැරදියි, නෑල්ලුවත් වැරදියි. (නි)
බොහෝ දෙනා අපරාධ කරන්නේ තමන්ට ඕන දවසක ඒවා නවත්වලා අපරාධ වලින් හම්බකරගත් දේ භුක්ති විඳිමින් සැපට ඉන්න පුළුවන් කියලා හිතාගෙනයි. සමහරුන්ට එහෙම ඉන්න පරිසරයකුත් තියෙන්න ඇති. එහෙත් මේ වගේ අභීත තීන්දු දෙකතුනක් ලැබෙනකොට 'මෙහෙම ගොඩගහගත්තු දේ අපේ දරුවෙකුටවත් කන්න නැති වෙනවානේ..' කියා මොවුන්ට පෙනී යයි නම් අපරාධ කිරීමට පෙර දෙවරක් හිතනු ඇත. මොවුන් එල්ලා මරනවාට වඩා හොඳයි මෙහෙම කරන එක. හැබැයි, රාජසන්තක කරන දේ මොවුන් නිසා හානියට පත් පුද්ගලයින් හෝ පද්ධති හැකිතාක් ප්‍රකෘතිමත් කිරීමට යොදවනු මිස නාස්ති කර දැමීමට ඉඩ නොදිය යුතුයි. (නි)
වැඩේ නම් බොහොම හොදයි. නමුත් තවත් කීප දෙනෙක් ඉන්නවා ඔය විදියට සල්ලි හොයලා දැන් රට පැනලා ඉන්න. අන්න ඒ අයගෙත් වත්කම් තහනම් කළොත් නේද හොද ? නීතිය කාටත් පොදු වෙන්න ඕනෑනේ. (නි)
භාණ්ඩාගාරයට වඩා සල්ලි මෙයා ළඟ තියෙනවා වගේ..මේ වගේ මුදලාලිලා තව කොච්චර ඉන්නව ඇත්ද?(නු)
ඉතා හොදයි. අපේ සමහර දේශපාලඥයින් ගැනත් මෙහෙම කටයුතු කිරීම අවශ්‍යයි. (නි)
මෙයාගේ ඡායාරූපයකුත් සමග පළවුණානම් ඉතාම හොදයි..!!(නු)