උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති එස් එම් රංජිත් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කර ඇතැයි මහ ඇමැති මාධ්‍ය අංශය කියයි.
මහ ඇමැතිගේ සොහොයුරු එස් එම් චන්ද්‍රෙස්න හිටපු ඇමැතිද දැනටම සහාය පළ කර ඇත.
ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයේ සිට මහ ඇමැතිට එක් වු විපක්ෂ නායක කින්ස් නෙල්සන් ද මේ අනුව නව ජනපතිට සහාය දෙනු ඇත. උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 33 කි.සන්ධානෙට එයින් මන්ත්‍රීවරු 21 දෙනෙක් අයත් වුහ.
විපක්ෂයට හිමිව තිබුණේ මන්ත්‍රී ධුර 13කි.එහෙත් බදාදා (14) වන විට විපක්ෂයට මන්ත්‍රිධුර 19ක බලයක් හිමි වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද තියනවාද කියල අතගාලා බලන්න. (ස)
මොකක්ද මේ වෙන්නේ? වෙනසක්ද? (නි)
පෙරළෙන පිට හොඳයි කියනවා (නි)
එක අතකින් මහින්ද මහත්තයාට දැන්වත් පෙනෙනවා නම් ඇති මේ වගේ අයගේ තරම. අපේ රටේ සමහර දේශපාලකයන්ට රෙදි නැතුව වුණත් පාරේ යන්න පුළුවන් බව මේ දවස්වල හොඳින්ම පෙන්වනවා. (නි)
ලැජ්ජාවක් නැහැ ගෙම්බන්ට (නදී)
එයාට වැඩකළ අයට දැන් මොකද වෙන්නේ? (නි)
මේ මිනිසුන්ගෙන්ද රටට වැඩක් කෙරෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? (නි)
ඔය අයට ඡන්දෙ දෙන අපිටයි ගහන්න ඕනේ. දැන් කට්ටියටම එකතුවෙලා හොරකම් කරන්න පුලුවන් (නදී)