මූලික කරුණු කීපයක් පදනම් කරගෙන මහ ඇමැතිවරුන් නම් කරන බවත් ජ්‍යෙෂ්ඨත්වය, ප‍්‍රවීණත්වය, මනාප සංඛ්‍යාව සහ ජාතික දේශපාලනයට තිබෙන පළපුරුද්දට මූලිකත්වය දෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි. මේ අනුව ඇතැම්විට උතුරුමැද මහ ඇමැති පදවිය සිව්වැනි වරටත් හිටපු මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට හිමිවීමට ඉඩ තිබේ. පසුගිය 8 වැනිදා පැවැති ඡුන්දයෙන් එස්.එම්. රංජිත් මහතා ඔහුට වඩා මනාප ලබා ගත්තේය. සබරගමු මහ ඇමැතිකම රත්නපුරයට ඉල්ලා සිටියත් මෙවරද මහ ඇමැතිකම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මහීපාල හේරත් මහතාට ලැබෙතියි දැනගන්නට ඇත. නැගෙනහිර මහා ඇමැතිකම ගැන ස්ථීර වශයෙන් දැනගන්නට නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මතයට ගරුකල යුතුයි. සාධාරන වැඩිමනාපෙට ඉඩ දෙන එකයි.(ස)
මේ පලාතේ කිසිම වැඩක් ඔහු කරන්නේ නෑ පටන්ගන්න සේරම වැඩ බාගෙට (ස)
අපරාදේ අපේ සල්ලි. මෙයාලගේ බොරු කොලම් (ස)
ලංකාවේ දේශපාලනය ගැන නම් කතා කරන්න එපා
නැගෙනහිරටත් රටට හිතැති දේශපාලඥයෙක් පත් උනොත් තමයි හොඳ (ස)
විමුක්තිත් හැමදාම කරනවා ඇත්තේ සරණාගත දේශපාලන පක්ෂයකට ආවඩන එක තමයි. (නි)
හිටපු මහ ඇමතිතුමාගෙන් අපිට වැඩක් වුණේ නැති නිසයි අපි වෙන කෙනෙක් මහ ඇමති කර ගන්න ජන්දේ දුන්නේ. එහෙමනම් ජනදයක් තියන්නේ නැතිවම මහ ඇමතිකම දෙන්න තිබුණා. ජනාධිපතිතුමනි, බොහෝදේට පළපුරුද්ද තියෙන අයට නෙමෙයි, දුප්පත් මිනිසාට වැඩක් කරන්න පළපුරුද්දක් තිබෙන අයට තැන දෙන්න. (නි)
බුදුන්ගේ දේශයක මෙවැනි දේ සිදු නොවිය යුතුයි. (නි)
සුදුස්සාට සුදුසු තැන දෙන්න ඇමතිතුමෝ..(ස)
රටට ආදරේ තියෙන දේශපාලකයෝ ලංකාවේ නැති එකයි දුක..(ස)
ලංකා විහිළු.. (ස)
තිසර, ඔයා මහ ඇමතිට කඩේ යනකොට පයින් නම් යන්න එපා හොදේ.(නි)
ඔයාලා පළමුවෙන්ම දේශපාලනයට පිවිසුනෙත් පළපුරුද්ද ඇතුවද? (නි)
ඔය විකාර වලින් අපිට වැඩක් නැහැ
ඇමති තුමා හරි
අයියෝ සල්ලී. කලින්ම කැමති කෙනාට මහ ඇමතිකම දුන්නනම් ඉවරනේ...(ස)
අපරාදේ ඡන්දයට ගිය මහජන මුදල්. සියලුම පළාත් වල ඡන්දයක් නොතියා ඉන්න කෙනාම නැවත පත්කළා නම් ඉවරයිනේ. (නි)
මේ, ඔයාලා ඡන්දය දුන්නා නම් කට වහගෙන ඉන්න. කරන මෝඩකම් ඔක්කොම කළාට පස්සෙනේ කට්ටියට තේරිලා තියෙන්නේ. අපිට නම් කලින්ම තේරුණා. ඒ නිසා අපි මෝඩ වැඩ කළේ නැහැ. (නි)
මොකටද එහෙනම් ඡන්දයක් තියන්නේ.ජනතාව මුලා කරනව හැමදාම???ඕක මුලින්ම කළා නම් ඉවරනේ.......(ස)
අයියෝ සල්ලි
වැඩි මනාප ගත් අයට මහ ඇමතිකම දිය යුතුයි. අලුත් අයත් පුරුදු පුහුණු විය යුතුයි.!(නු)
කවුද කලින් මහ ඇමති? මටනම් මුකුත් මතක නැහැ. මට හන්දියට යනවා විතරයි මතක. එතැනින් එහාට නම් මුකුත් මතක නැහැ. (නි)
නරකද ඉතුරු ටික අඵත් කෙනෙකුට දුන්නොත්? ඒ මුණ දැකලාම එපාවෙලා තියෙන්නෙ අපට. නරකද කරන එකක් බෙදාගෙන කළානම්. බදාගෙන කන්නෙ නැතිව. හි...හි...හී... (නි)
මහඇමතිකමට කැමති කැමති අයව පත්කරන්න ඕනෑ නම් ජනමතයක් තියන්න ඕනෑ නැහැනේ. වැඩි ජනමතයට අනිවාර්යයෙන් මහඇමතිකම දීමයි මහජනතාවගේ ඉල්ලීම. (නි)
හදිසියේවත් ඇමතිතුමාගේ මල්ලී ඡන්දය ඉල්ලලා දිනුවානම්? (නි)
මිනිස්සු මෝඩයින් කියලද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
මේකද තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
ලංකාාව වගේ කිහිප ගුණයක් විශාල තමිල්නාඩුවෙත් ඉන්නේ එක මහ ඇමතිවරයයි. ඒකටත් එක්ක මෙහේ. අනේ මෙහෙම රටක ඉපදෙන්න අපි පවු කරලා ඇති. (නි)
ඕසන් සලාම්, ඔබ හරි. අපි බලාගෙන ඉමු. (නි)
මොන මහා ඇමති කම්ද අනේ අපිට
කවුරු කොහොම මහ ඇමති වුණත් අපේ විපක්ෂ නායකයා හැමදාමත් රනිල් වික්‍රමසිංහ මහතායි. එහෙම තමයි මට හිතෙන්නේ. (නි)
මනාප වැඩියෙන් ගත් කෙනාට මහ ඇමතිකම නොදුන්නොත් විපක්ෂයට තවත් මන්ත්‍රිකෙනෙක් එකතු වෙයි. (නි)
අපිට වැඩක් නැහැ
කඩේ නොයාමත් එක්තරා නුසුදුසුකමක් තමයි. (නි)
හෙහ් හෙහ්... ඔන්න සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. (නි)
උතුරු මැද මහ ඇමතිකමට සුදුසුම පුද්ගලයා හිටපු මහ ඇමති බර්ටි දිසානායකම තමයි.මෙච්චර කාලයක් අනුරාධපුරයේ මේ පක්ෂය රැක්ක එඩිතර නායකයට කවුරුත් ගරු කරනවා. මුල අමතක කරපු අය බර්ටි ප්‍රේමලාල් එක්ක තරගයට ආවත් පක්ෂයේ නායකයෝ ඒවා දන්නවා. (නි)
ජ්‍යෙෂ්ඨයෝ යනු දුබලයෝය. නවකයින්ය තැන දීම අවශ්‍යයි. (නි)
ඒ විදිහට බලනවානම් අගමැතිකම දෙන්න තිබුණෙත් හිටපු අගමැතිතුමාටමයි. එතකොට වෙද ඇමතිකම? ඒකත් කලින් හිටපු මැතිතුමාටම දුන්නා නම් ගොඩක් හොඳයි නේද? (නි)
කොහොමත් මෙයාට ඕක හම්බවෙයි (ස)
අපරාදෙනේ ඡන්දයක් තිබුණේ. ඕක මුලින්ම කළා නම් ඉවරනේ. (නි)
මොන මහා ඇමති කම්ද අපිට එදා වේල කන්න නැතුව අපි ඉන්නේ
මහඇමතිකම දෙන්නේ පක්ෂයේ මනාපයෙන්ද? (නි)
මට නම් දෙන්නගෙන් මොනකෙනා පත්කළත් එකයි. ඒ වුණාට සමහරු ආණ්ඩුකාර තනතුරයි, මහා ඇමැති තනතුරේ කාර්ය භාරයයි පටලගෙනද කියලත් හිතෙනවා? ඔයකියන විදියට මහා ඇමැති වෙන්නේ පරිපාලනය හුරුපුරුදු ප්‍රවීණයෙක්. එතැන ජනමතයට දෙවැනි තැනයි හිමිවෙන්නේ. (නි)
ඔය කොන්දේසි සහිතව බලය ඉල්ලන අයට මොකද කරන්නේ? (නි)
ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. අපි මොනවා කළත් මෙයාලා මෙයාලට ඕනෑ කෙනාව දා ගනියි. කියන්නේ නම සුදුසු කෙනාව අපිට තෝරනවා කියලා. මොකටද එහෙනම් ඡන්දයක් තියන්නේ. ඇයි මේ අපිව ගොනාට අන්දවන්න හදන්නේ. ඡන්දෙ දාන්න උදෙන්ම පෝළිමේ ගිහින් වැරැද්ද කරන අපිටමයි මඩු වලිගයෙන් තලන්න ඕනෑ. කවදා පායද්ද අප දිවිසුරාණෝ අනේ කුහුඹින්නේ අපට රජෙක් නැත්තේ.... (නි)
උතුරු මැද මහා ඇමතිකම රංජිත් මහත්තයට නොදුන්නොත් එතන කෝ අර ප්‍රජාතන්ත්‍රවාදය? ජනතාවගේ කැමැත්තට පයින් ගහලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැදි බණ දොඩන්න එපා. (නි)
නින්දිතයි..මනාප වැඩියෙන් ගත්ත කෙනාට මිසක් මැරෙනකම් මහ ඇමතිකම පතන කෙනා නෙමෙයි සුදුස්සා.. (ස)
ඇමති තුමෝ, මේක ජනමතයට පිටු පෑමක් නෙමෙයිද? කලින් මහා ඇමතිතුමා එපා නිසයි වෙන කෙනෙක්ට වැඩිපුර මනාප දුන්නේ. වෙන කෙනෙකුටත් අවස්ථාවක් දීල බලන්න. අලුත් වෙනසකටත් එක්ක. (නි)
මනාපෙට මොනවා කරත් ඊලඟ ඡන්දෙදි අමනාප නැති වෙන බව මෙයාලා දන්නවා..මනාප වලින් මෙයාලට වැඩක් නෑ... (ස)
කාට දුන්නත් එකයි. (නි)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියනවනේ.(නදී)
මහඇමතිකම අලුත් කෙනෙකුට ලැබිය යුතුයි. (නි)
පළපුරුද්ද කිවුවේ මොනවටද දන්නේ නැහැ. (නි)
අපිට නම් දැන් ජ්‍යෙෂ්ඨයොත් එපා වෙලා තියෙන්නේ. (නි)
දූෂණ, වංචා, හොරකම් ගැනත් බලනවා ඇති නේද? (නි)
අපරාදේ, ඡන්දයක් තිබුණේ. (නි)
මොනවා වුණත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමයි. (නි)
අමරණීයයා ....ඇත්ත තිත්තයි වගේ.... (ස)
මේ හා සම්බන්ධ පරණ කියමනක් තියනවා කට්ටිය අහලා තියෙනවද..! (ස)
ජ්‍යෙෂ්ඨත්වය බැලිය යුතුමයි (ස)
මහීපාල හේරත් ඒ පැත්තේ මිනිසුන්ට මතක හිටින වැඩ කොටසක් කළා. (නි)
ප්‍රථමයෙන්ම මහ ඇමතිවූ පුද්ගලයාට කිසිදු පෙර පළපුරුද්දක් තිබුණේ නැතිනම් දැන්වූවත් පෙර පළපුරුද්දක් නැති කෙනෙකුට එම පදචිය පිරිනැමීමට බැරි ඇයි ? උදාහරණයකට පිල්ලෙයාන් මහ ඇමති වෙන්න කලින් මහ ඇමතිවී හිටියේ කොහෙද? ළමා ත්‍රස්තවාදී සොල්දාදුවෙකුට මහ ඇමතිවෙන්න පුඵවන් රටක ප්‍රජාතන්ත්‍රවාදය තුලින්ම ජනතා ප්‍රසාදය ලබා ඉදිරියට ආ පුද්ගලයෙකුට එම තනතුර දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය යලි ශක්තිමත්වන බව කිව යුතු නැත. (ස)
තිසර ඔබ වැනි දේශපාලන ගැත්තන් මේ රටේ වැඩ් නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාගේ ලාභය නෙවේ රටේ යහපත ගැන සිතන්න (ස)
ඇමතිතුමෝ ඌව මහ ඇමැතිකමට බැලුව සුදුසුකම මතකද? (ස)
ඇමතිතුමෝ මමත් ඔය පක්ෂෙට ආදරෙයි..නමුත් මොකටද එහෙනම් මැතිවරණයක් තිබ්බේ . (ස)
සබරගමුවට සමන් දෙවි පිහිටයි... (ස)
මේවාට කියන්න අපිට වචන එන්නේ නැහැ. (නි)
ආනන්ද, ධර්මය දන්නා දේශපාලකයන් ලංකාවේ හොයා ගන්න අමාරුයි... (ස)
අනුරාධපුර අපිනම් කැමති නෑ ඒකට... (ස)
ජොලියට වගේද ඡන්දේ තිබ්බේ... (ස)
ධර්මය දන්නා නායනකයෙක් පත්කරන්න (ස)
මැරෙනකම් මහ ඇමති කියන කෙනෙක් මහ ඇමති කරන එක සුදුසු නෑ මම හිතන්නේ. (ස)
ඡන්දය පාවිච්චි කර එක තමයි මෝඩකම..... (ස)
උතුරු මැද මහ ඇමතිකමට සුදුසුම පුද්ගලයා හිටපු මහ ඇමති බර්ටි දිසානායකම තමයි.මෙච්චර කාලයක් අනුරාධපුරයේ මේ පක්ෂය රැක්ක එඩිතර නායකයට ජනාධිපතිතුමා ගරු කරනවා.මුල අමතක කරපු අය බර්ටි ප්‍රේමලාල් එක්ක තරගයට ආවත් පක්ෂයේ නායකයෝ ඒවා දන්නවා. උදලු තලයකට ජන්දෙ දුන්න අය උදලු තල වලන් දැන් වගාව පටන් ගන්න බර්ටි දිසානායක මහත්තයා ඔයාලගෙ ගොවිතැනට උදව් කරයි.එයා ඔයාලා එක්ක තරහා නෑ. බර්ටි දිසානායක මහත්තයා මැරෙනකම්ම මහ ඇමති තමයි..........කවුරු මොනවා කිව්වත් මහ ඇමති බර්ටි දිසානායකමයි......... (ස)
අපරාදෙ රටට වැඩක් ඇති වැඩක් කරන්න තිබුන මුදල් ලක්ෂ ගණන් වියදමි කරල ඡන්ද පවත්වන්නෙ, එහෙනම් මුලින්ම කියන්න ඕන ජ්‍යෙෂ්ටයොයි සුදුසුකම් තියන අයයි විතරක් ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියල. ජනතාව මුලා කරනව හැමදාම. කියන්නෙනම් ජනමතයට මුල් තැන කියල (ස)