තම නිවසේ පැවැති රැස්වීමක දී පළාත් මෛත්‍රීපාල සිරිසේන ජනපති ශ්‍රීලනිප සභාපතිත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේයැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත් වන බව පක්ෂ්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ඒ සඳහා අවස්ථා තුනක දී සාකච්ඡා පැවත්වා ඇති බවත්, එම සකච්ඡාවලට ඇමැතිවරයකු සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු සහභාගී වි ඇති බවත් දැන ගන්නට තිබේ.
මහ ඇමැතිවරයාට එරෙහිව පළාත් සභා ඇමැතිවරු දෙදෙනකු ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනෙක් ප්‍රසිද්ධියම කටයුතු කරති. තවත් පිරිසක් එම පිලට එකතු වන්නට සිටින බව ද පළාත් සභා ප්‍රකාශකයෙක් කීවේය.
මේ ගැන කළ විමසීමක දී රණතුංග මහතා කීවේ තමා ඉවත් කිරීමට අවස්ථා ගණනාවක දී ඇතැමුන් උත්සාහ කළත් එය සාර්ථන නොවූ බවයි. තමා මහ ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පහසු කාරණයක් නොවන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න එන්න එන්නම කරන්නේ අප්‍රසන්න වැඩ. (ම)
තම නිවෙස් වල රැස්වීම් තියලා පුලුවන්ද දේශපාලන පක්ෂයක සභාපති කෙනෙක් ඉවත් කරන්න? එවැනි යෝජනාවක් සම්මත කල යුත්තේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමකදී. (නදී)
සත්‍ය මහත්තයෝ, එක රැයෙන් ගෙදර ඇරිය මනුස්සය ගැන මොකද මේ තරම් කොමෙන්ට්ස් දදා වද විදින්නේ. පරාජය කියන්නේ ලජ්ජා වෙලා අකුලාගෙන පැත්ත ගහන්න ඕන දෙයක් නෙමෙයි අපිටනම්.(නදී)
පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව,සැලකිය යුතු උගත් කමක් පිළිගත් වෘත්තියක් නැති නම් ගොඩ යාමට තිබෙන එකම ක්‍රමය දේශපාලනයයි . ඉතින් රෝද පුලුවෙන් යනකන් වුණත් එල්ලිලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. දෑතේ ශිල්පයක් දන්නෙත් නැහැ. වැඩිදුර ඉගෙනිමකුත් නැහැ. කොහොමද ගෙදර ගිහින් ජීවත් වෙන්නේ ?(ම)
කවුරු මොනවා කිවුවත් රණතුංග පවුලේ අනිත් අය හා සසදද්දී ප්‍රසන්න ඉන්නේ ඉහලින් . (ම)
මෙයාට කල් දුන්න හොඳටම ඇති එක්කෝ අංගොඩ යවන්න ඕනා නැත්නම් ගෙදර යවන්න (ම)
සත්‍යා, එහෙනම් උතුරේ මහා ඇමති ඉදිමිලා ඉන්නේ මොකේ තරමටද.? කියන ලියන දෙයක් හරුපයක් කරගන්න එපා මහත්තයෝ. ඇස් කන් පියාගෙන අඳුරේ අතපත ගාන්න එපා. (නදී)
ඇගේ තරමට මොලේ නැති මෙයාට පුලුවන්ද අපේ ජනාදිපති තුමාගේ මයිලක් හොලවන්න (නදී)
ඔය කතා සියල්ල බයකරන්න කියන ඒවා. හරියට පාසල් යන පොඩි ළමයින් වගේ. මමත් ගම්පහ. මමත් පක්ෂයේ.අපි දන්නවා ප්‍රසන්නට තිබෙන ජනතා කැමැත්ත සහ දේශපාලන ශක්තිය. ඔහුට විරුද්ධව සමහරු කොයිතරම් දැඟලුවත් හරිගියේ නැහැ. අපේ පක්ෂය දෙකඩ නොවෙයි තුනට කඩන්න ගොඩ දෙනෙකුට ඕනෑවෙලා තිබෙන බව පෙනෙනවා. නමුත් ඒක නම් කෙරෙන්නේ නැහැ. මේ මානව හිතවාදියා ඉන්නාතුරු. (නි)
මොන බොරුද අනේ! ඕවා කොහේ කරන්නද? පක්ෂ නීතිය නෙමෙයි රටේ නීතිය කඩන අයට විරුද්ධව මොකුත්ම කරන්නේ නැහැ. ආණ්ඩුවෙන්වත් උසාවියෙන්වත් පණවන කිසිම නියෝගයක් ක්‍රියාත්මක කරන්නේ නැති උතුරේ සමහරුත් ඔය නිදුක් නිරෝගිව වැජඹෙන්නේ! (නි)
මෙතුමා ගිහින් තියෙන උඩ! (නි)
මේ මහ ලොකු ප්‍රති විරුද්ධ කට්ටිය..ඔය පියරු බබාලා දන්නා දේශපාලනේ. එක්කෙනෙක් තාත්තගේ මිනිය විකුණලා අනුකම්පා දේශපාලනේට පින් සිද්ධවෙන්න දේශපාලනේට ආව කෙනෙක්.අනෙක් එක්කෙනා මෙලෝ සුදුසුකමක් නැතිව නළු කම නිසා ඇමති වුනු තාත්තගේ නමින් දේශපාලනේට ආව කෙනෙක්..එයාල ඔක්කොගෙම ඉදිරි මැතිවරණයේදී දේශපාලන ජිවිතේ අවසන් වෙනවා. (අ)
අපි සමහරුන්ගේ වගතුග දන්නවා. තමන්ගේ ළමයෙකුට තඩියා කියල පන්තියේ ළමයෙක් විහිලු කළා කියල ප්‍රසිද්ධියේ පන්තියට කඩන් වැදිලා අර විහිලු කළ ළමයට පහර දුන් නෝනලා ඉන්න පවුල් දැන් හරිම සමාජ සේවකයන්. (ස)
සුමුදු හේවාට මොකද වුනේ අප්පා ? ආගිය අතක් නැතිවද එහෙම නැති නම් කුලියට ලියපු කොන්ත්‍රාත්තුව ඉවර වෙලාද ? (ම)
ජයංගනී. ඔබ හරිදේ කිවා. උතුරේ මහා ඇමති අත්තනෝමතිකව කරන කිසිවක් රටේ කිසිම මහා ඇමති කෙනෙක් කරනවාද.? නමුත් ඒ කිසිවක් රජයට දැනෙන්නේ නැහැ. උතුර වෙනම රටක් වෙලා වගේ. උතුරේ මහා ඇමතිතුමා කොළඹටම ඇවිත් නිතිය හා සාමය පිළිඹඳ ඇමති ළඟ තියා ගෙන කිවුව කතා ජාතික ආරක්ෂාවට බලපාන්නක් වුණත් ඇමති ඔලුව හොල්ලමින් ඒවා අනුමත කළා. ඒක රටම දැක්කා. ඒ ගැන විනය පරීක්ෂණ නැහැ. මේවා මෙහෙම වෙන්න වෙන්න ඡන්දෙටත් ඍණ ලකුණු තමා වැටෙන්නේ. (අ)
මේක නම් දැන් කැඳ හැළියක් වෙලා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ප්‍රසන්න කියන්නේ මහජන ආකර්ශනය ඇති ජනප්‍රිය පුද්ගලයෙක් (නි)
අර්ජුනට අත්තනගල්ල දුන්නේ නැත්නම් ප්‍රසන්න තමා අද මෛත්‍රීගේ හොදම ගෝලය. මේක රණතුංග පවුලේ ප්‍රශ්නයක් (අ)
පිවිතුරු යහපාල, සාමාන්‍ය මිනිස්සුනට නැති අස්වාභාවික තත්ත්වයක් ඔබට තිබෙන බව පිළිගනිමි. ඔබට නොතේරුණත් ඔබේ ප්‍රකාශ නිතරම තව කෙනෙක් සිත්ගන්නා බවකට වඩා පහළ මට්ටමේ අපහාස වලින් යුක්තවීම අන්පාක්ෂිකයෙක් ඔබ වෙත ලබා ගැනීමක් සිදුනොවනු ඇත. අපහාසයෙන් කරුණු දැක්වීමට යාම වැදගත් දේශපාලන ලක්ෂණයක් නම් නොවේ. මේ නිසා ඔබ කරන්නේ ඒ ජාතික පක්ෂයට වක්‍රව සහයෝගය දැක්වීමක්ද? මෙහි දකින බොහෝ දෙනා අකමැති දේ ඔබ තව තවත් අකමැති කිරීමක් දකින්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිට කැමතිවීම පට්ට යු.එන්.පි.කාරයෝ වන්නේ කෙසේද යන්න තේරුම් ගත නොහැකිය. (නදී)
අපි බලමුකෝ වෙන දේ... (නි)
"අපි ඔක්කොම රජවරු " වැසියෝ නැහැ. ඒකයි දැන් තිබෙන ප්‍රශ්නය. (නි)
ඔය ප්‍රසන්න ජනතාවට කළ එක මතක හිටින දෙයක් කියනවද? (නි)
රටේ ජනතාව ජනපතිව තෝරාගෙන ඇත. ශ්‍රීලංකා නි. පක්ෂය එතුමාට එහි සභාපතිකම පිරිනමා ඇත්තේ හිටපු ජනාධිපතිතුමාගේද මැදිහත්වීමෙන් බව රටම දන්නා කරුණකි. එතුමා ජනතාවගේ අභිලාශය ඉටුකිරීම සඳහා සිදුවී ඇති වංචා දුෂණයන් පිළිබඳ සොයා කටයුතු කිරීමට නීතියට ඉඩහැර, ශ්‍රී ලංකා නි.පක්ෂය ජයග්‍රහණය වෙත ගෙනයාමට උත්සහ දරමින් සිටින බව අද දකින්නට ඇත. පක්ෂයේ ජයග්‍රහණය නොසිතා පුද්ගලයෙක් මත කටයුතු කරන්න යාම ගැන ප්‍රසන්න මහතාගේ තත්ත්වය ගැන තීරණයක් ගැනීම සිදුවිය යුතුය. ශ්‍රී ලංකා නි. පක්ෂය රාජපක්ෂ පවුලේවත්,රණතුංග පවුලේවත්,විරවංශගේවත්, ගම්මන්පිලගේවත්,දිනේෂ් සහ වාසුදේවගේවත් අයිතියක් නොවන අතර එය දිවංගත බණ්ඩාරනායක මැතිතුමා විසින් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ ජනතාවගේ පක්ෂයක් බව කවුරුත් මතක තබා ගන්නේ නම් ඉතා මැනවි. එම පක්ෂය ඉදිරියට යා යුත්තේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති සමඟ ජනතා අභිලාශයන් ඉටුකර ගැනීම සඳහාය. (නි)
එයාව එළවන එක ලේසි නැහැ කියලා කියන්නේ එයාමයි. නමුත් එයාට මතක නැහැ එයාගේ දේශපාලන ලොක්කා ජනතාව එක රැයින් ගෙදර ඇරපු බව. ඇඟේ තරමට නොවෙයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න මහත්තයෝ! (නි)
අනෙක් උදවිය තාත්තලාගේ පිහිටෙන් ආ හැටි ගැන කියවනවා. ඇයි අර තාත්තාගේ දේශපාලනයට ගොඩබැස්ස පුතා ගැන කතා නොකරන්නේ. මොකෝ එයාගේ දක්ෂකමින්ද දේශපාලනයට ආවේ? (නි)
අපොයි ඒක තමයි. හරියට උපන් ගෙයි දක්ෂ දේශපාලනයට සුදුසු පුතාලා ටිකක්නේ පසු ගිය කාලයේ හිටියේ. නායකයන් කී දෙනෙකුගේ පුත්තු මේ රටේ හිටියාද? (නි)
සදාකල් ජනපති වෙන්න හිටපු අයත් අවුරුදු 10න් ගෙදර ගියා නම් මෙහෙම අය ගෙදර යවන එක මහ දෙයක්ද? (නි)
විනය පරීක්ෂණ කොයිතරම් මේ රටේ තිබුනද? කෝ අද වෙනකන් දඬුවම් දුන්නද? පක්ෂයේ දේවල් වලට හිරේ දාන්න බැහැ මම හිතන්නෙ. (නි)
ජනපතිට එකාවන්ව සහයෝගය දෙමු (නි)
හිනාවෙන්නේ කොහෙන්ද කියල හිතා ගන්න බැහැ වින්සන්ට් මහත්තයෝ....තීරුවේ ඉන්න පට්ට යු අන් පි කාරයෝ ඔක්කොම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෝ වෙලා..ශ්‍රී ලංකා එකට හරි ආදරෙයි වගේ..යන්න මහත්තයෝ යන්න..ලක්ෂ 58ක් මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ පක්ෂේ කඩාගෙන ගිය පක්ෂේ ජනවරම රනිල්ට පාවල දුන්න මෛයිත්‍රී මහත්තයට පක්ෂය උගස් තියල යුඑන් පි එකට සින්න කරවන්න නෙමෙයි. අද ශ්‍රී ලංකා එකේ අයිතිකාරයෝ වෙන්න හදන්නේ පක්ෂේ කඩන් පක්ෂයට ද්‍රෝහී වෙච්ච පක්ෂයට බලය අහිමි කල පාක්ෂිකයින්ට ගුටි කන්න සැලැස්වූ ද්‍රෝහීන් රැල...ඒක කවදාවත් ප්‍රයෝගික වෙන්නෙත් නැහැ..වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. (ස)