ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 21 වැනි තරගය ලෙස පූනේහිදී අද (17 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල ලකුණු 11 කින් පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය.
ලකුණු 120 ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය පූනේ වෝරියස් පිලට ඕවර 19 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 108 ක් පමණි.
පා දඟ පන්දු යවන අමිට් මිෂ්රා 19 වැනි ඕවරයේ අවසන් පන්දු තුනේදී කඩුලූ ත‍්‍රිත්වයක් දවා ගනිමින් පූනේ පිලේ ජයග‍්‍රහණය උදුරා ගැනීමට සමත් විය.
හයිද්‍රාබාද් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක තිසර පෙරේරා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාර මෙම තරගයට සහභාගි නොවූ අතර කැමරොන් වයිට් නායකයා ලෙස කටයුතු කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 119 (පර්තීව් පටෙල් 12, බිප්ලාබ් සමන්ත‍්‍රි 36, අමිට් මිෂ්රා 30, අෂිෂ් රෙඞ්රි නොදැවී 19, බුවනෙෂ්වර් කුමාර් 18/3, රාහුල් ශර්මා 21/2)
පූනේ වෝරියස් පිල ඕවර 19 කදී සියලූ දෙනා දැවී 108 (රොබින් උත්තප්පා 22, අරෝන් ෆින්ච් 16, ටිරුමලිසෙට්ටි සුමන් 12, ස්ටීවන් ස්මිත් 17, ඇන්ජලෝ මැතිව්ස් 20, මිචෙල් මාෂ් 14, තිසර පෙරේරා 20/3, අමිට් මිෂ්රා 19/4)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ එක්කෙනාගේ පිති හරඹය? (නි)
අපේ කෙනා හිටියා නම් මීට අන්ත වෙනවා (නි)
සල්ලි තන්හාවට අම්මා තාත්තා විකුණගෙන කන්න පුළුවන් අපේ අයට.(ස)
එහෙම කියන්න එපා. එයාල අඅපේ රට වෙනුවෙන් කරපු සේවය දැන් දැන් කට්ටියට අමතක වීගෙන යනවා වගේ. මොනවා වුනත් අපි සංගා ට කවදත් ආදරෙයි.. (ස)
අපේ කෙනාද? ආ.. එයා යන්න ඇති තවත් කීයක් හරි සොයාගන්න (නි)