ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහු අද (10) ඇප මත මුදා හළේය.
රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළාය. ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිතයෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වන නමුත් සැකකරුගේ දරුවන් ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළාය.
COMMENTS
එකක් නම් පැහැදිලියි මහජන දේපල හොරකම් කරපු හැම එකාටම අත් අඩංගුවෙන් ඇප ගන්න ක්‍රමවේද තියෙනවා. යහපාලනයත් නරක නෑ (බ)
අපි ඔය වගේ දෙයක් කරානම් මේ වෙනකොට එල්ලුම් ගස් ගිහින්.(හේ)
ඔන්න දරුවෝ ඉන්න එකේ වටිනාකම...(බ)
හැමදේටම වඩා වටින්නේ දරුවන් බව ඇත්තකි. වැලිකඩ හිර ගෙදර අම්මලා සමහ කිරි දරුවන් කී දෙනෙක් හිර බත් කනවද? ඒ අයට මේ නීතිය නැත්තේ ඔවුන් ලොක්කන් නොවන නිසාද? (ම)
ලොක්කෝ කොහොමහරි දන්නා ගැට ඔක්කොම දාලා අන්තිමේදී ඇපත් එක්ක එළියට එනවා. මේකද නීතියේ ආධිපත්‍යය? එහෙනම් ඉතින් ඔය හිරබත් කන අහිංසක අය කාත් කවුරුවත් නැති අයද? ඒකයි එයාලට වෙනම නීතියක් ඇත්තේ. (නි)
දරුවන් ගැන හිතලා මෙයාට ඇප ලැබිලා තියනවා. නමුත් පහුගිය රජය කාලයේ සරත් ෆොන්සේකාගේ බිරිඳට හා දරුවන්ට කළ දේ අමතක කරන්න බැහැ නේද? තවද පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වනවා නම් කොහොමද බැසිල්ට, නාමල්ට ඇප ලැබුනේ? තවම නීතිය හරියාකාර ක්‍රියාත්මක වෙන්නේ නැතුවා වගෙයි කියලයි හිතෙන්නේ. (නි)
හැමදේටම වඩා මනුස්සකම ලොකුයි (නි)
මොහාන්, හිර ගෙදර සහ රක්ෂිත බන්ධනාගාරය දෙකේ වෙනස දන්නේ නැද්ද? (නි)
මොහාන්, ඔබට තේරෙන්නෙ නැති බොහෝ දේවල් සමාජයේ තියෙන බව දැන්වත් තේරුම් ගන්න. විශේෂයෙන් දරු සෙනෙහස, ආදරය වගේ දේවල් වලට ඕනෑ නීතියක් පසුකර යන්න පුළුවන්. (නි)
මංජුල, ඔයාගේ කතාවේ අැත්තක් තියෙනවා. එ්ත් මොහාන් කියලා තියෙන දේ හරි. ඔයාට එ්ක තේරුම් ගන්න බැරි පාටයි (නි)
හිරබත් කන්නේ වැරදි ඔප්පුවුණ අය. උසාවියෙන් වැරදිකරුවෙක් කර නැත්නම් ඇප ලබාගන්න පුළුවන් බව මොහාන් දන්නේ නැද්ද? (නි)
හරි අපි මෙහෙම හිතමු. මෙතැන් සිට දරුවන් ලෙඩ වු නීතිය මඟින් තවම දඬුවම් කර නොමැති, නමුත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෑම සිරකරුවකුටම ඇප මත නිදහස ලබා දෙනවාද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)