කොළඹ නගරාධිපති එම්.ජේ.එම්.මුසම්මිල් මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කිරීමට නියමිත බව කියති.

ඔහු තමාගේ පත්වීම ස්ථිරදැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද විමසා ඇත.

ඔහු කොළඹ මහ නගර සභාව විසුරුවා හරින තුරු නගරාධිපති ධූරයේ කටයුතු කිරීමට නියමිතය.