නුවරඑළිය වසන්ත සැණකෙළියේ ප‍්‍රධානතම තුරඟ තරග ඉසව්ව ලෙසින් සැළකෙන ආණ්ඩුකාර කුසලානය සඳහා වන තරගය ජය ගනිමින් ආණ්ඩුකාර කුසලානයට හිමිකම් කීමට ඉසුරු දසනායක හිමිකාරත්වය දරණ ‘මිස්ටර් මැජෙස්ටික්’ තුරගා මෙහෙයවූ සදාම් ඉක්බාල් සමත්විය. එස්. ඩී. ලලිත්, ඔහුගේ පුහුණුකරුවා ලෙස කටයුතු කළේය.
පසුගිය වසරේ ආණ්ඩුකාර කුසලානය දිනූ, නිශාරා ජයරත්නට හිමි ‘කැෆේ කොෆී’ මෙහෙයවමින් තරගයට පැමිණි මෙල්වින් මසයික්ට මේ වසරේදී හිමිවූයේ තෙවන ස්ථානයයි.
සී. ආර්. රාජපක්ෂ හිමිකාරත්වය දරණ ‘එක්ස්ක්විසයිට් ඩිලයිට්’ තුරගා මෙහෙයවූ එම්. මොහාන් රාජ් විසින් රැජින කුසලාන හිමිකරගන්නා ලදි. නගරාධිපති කුසලානය සඳහා වූ තරගය ජය ගැනීමට චමරි ජයරත්න හිමිකාරත්වය දරණ ‘පන්චෝ පේට්’ තුරගා මෙහෙයවූ එම්. ඞී. ෂොයිබ් සමත්විය.
බ්ලැක් කැට් තුරගා මෙහෙයවූ සදාම් ඉක්බාල් සහ ඇමටී‍්‍රන් තුරගා මෙහෙයවූ මෙල්වින් මසයික් විසින් පිළිවෙළින් මොබිටෙල් කුසලානය සහ ලෙමනේඞ් කුසලානය දිනාගත්හ.
මෙම තරගාවලියේ පැවති තරග වලදී ආණ්ඩුකාර කුසලාන තරගය සඳහා එන්ට‍්‍රස්ට් සමූහ ව්‍යාපාරයත්, රැජින කුසලාන තරගය සඳහා මැක්වුඞ් ආයතනයත්, නගරාධිපති කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකා තුරඟ තරග සංගමයත්, මොබිටෙල් කුසලාන තරගය සඳහා මොබිටෙල් ආයතනයත්, ලෙමනේඞ් කුසලාන තරගය සඳහා අලියා සිසිල් බීම සමාගමත්, ග‍්‍රැන්ඞ් හොටෙල් කුසලාන තරගය ග‍්‍රැන්ඞ් හොටෙල් ආයතනයත් අනුග‍්‍රහය දැක්වූහ.
තරගාවලියේ අවසන් තරගය 20 වැනිදා ‘සන්ක්වික්’ කුසලානය සඳහා පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුකාර කුසලාන තරගය
1 - මිස්ටර් මැජෙස්ටික් (සදාම් ඉක්බාල්)
2 - ස්පාර්ක් ඔෆ් ගෝඞ් (කේ. ගනේෂ්)
3 - කැෆේ කොෆී (මෙල්වින් මසයික්)
රැජින කුසලාන තරගය
1 - එක්ස්ක්විසයිට් ඩිලයිට් (එම්. ඞී. ෂොයිබ්)
2 - ස්ට්‍රෝම් අහෙඞ් (සදාම් ඉක්බාල්)
3 - ඉයුලෙක්සයිට් (පී. එම්. බෝපන්නා)
නගරාධිපති කුසලාන තරගය
1 - පන්චෝ පේට් (එම්. ඞී. ශොයිබ්)
2 - කිලර් ෆුට් (සුමිත් කුමාර්)
මොබිටෙල් කුසලාන තරගය
1 - බ්ලැක් කැට් (සදාම් ඉක්බාල්)
2 - මියා ස්ටෙලා (මෙල්වින් මසයික්)
3 - ශාම් සුන්දර් (පී. එම්. බෝපන්නා)
ලෙමනේඞ් කුසලාන තරගය
1 - සෝලර් ස්පිරිට් (සදාම් ඉක්බාල්)
2 - ඇමටී‍්‍රන් (මෙල්වින් මසයික්)
3 - ෆෙයර් ගේන් (පී. එම්. බෝපන්නා)
ග‍්‍රැන්ඞ් හොටෙල් කුසලාන තරගය
1 - ලැපිස්තා (වී. යොගරාජා)
2 - ජොනී (එම්. මොහාන් රාජ්)
3 - මිලේනියම් බේබි (පුගලේනද්‍රන්)
ආණඩුකාර කුසලාන දිනාගත් ‘මිස්ටර් මැජෙස්ටික්’ හිමිකරුවා වූ ඉෂාර දිසානායක විසින් ආණ්ඩුකාර කුසලාන ලබාගනිද්දී..
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මිස්ටර් මැජෙස්ටික්’ ආණ්ඩුකාර කුසලාන දිනාගනී
චන්න Saturday, 20 April 2013 05:34 AM
ලංකාවේ කරන දේවල් ගැන හිතනකොට පුදුමත් හිතෙනවා (නි)
කළුපහන Saturday, 20 April 2013 01:32 PM
ප්‍රියතම ක්‍රීඩාවක් මගේ.(නදී)