ආසාධාරණ ලෙස පාසලෙන් ඉවත් කිරීම නිසා මාස හතක් පමණ පාසලක් අහිමිව සිටි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ සිසුවකු යළි එම පාසලටම ඇතුළත් කර ගන්නා ලෙස නිර්දේශ කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම සිසුවා සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ගන්නා ක්‍රියාමාර්ග ගැන අවධානයෙන් සිටින බව සඳහන් කරයි.
එම පාසලේ විදුහල්පතිවරයා මෙම සිසුවා සම්බන්ධයෙන් ද්වේශ සහගත ලෙස කටයුතු කර ඇතැයි නීරීක්ෂණය කරන මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත්තේ විදුහල්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝණය කර සිසුවා වෙනස්කමකට භාජනය කර ඇති බවයි.
මෙම වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින මෙම සිසුවාගේ මවද එම විද්‍යාලයයේ ගුරුවරියක වන අතර පියා මිය ගොස් තිබේ. දේශපාලන හේතූන් මත කලකට ඉහත ඔවුන්ගේ නිවස ගිනි තබා විනාශ කර තිබුණු බැවින් සිසුවා සහ මව ජීවත් වී ඇත්තේ පාසලේ ගුරු නිවාසයකය. සිසුවා මෙම ගැටළුවට මුහුණ දීමෙන් පසු දෙදෙනාටම ගුරු නිවාසයෙන් පිටවී යෑමට සිදුව ඇති අතර මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය දෙන අවස්ථාවේ මව සහ පුතු කෘෂිකර්ම නිල නිවාසයක පදිංචිව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිට බත් කෑව ඇති කියල හිතිලා ඇති (බ)
විදුහල්පති කාටහරි කඩේ යනවා . (බ)
විදුහල්පතිගේ හිතේ වෙන මොකක් හරි අදහසක් තියෙන්න ඇති (බ)
පුදුම විදුහල්පති කෙනෙක්. මෙතරම් බාධක මැද ජීවිතය ගෙනයන මේ අම්මටයි පුතාටයි උදව් කරනවා වෙනුවට ඔන්න කරලා තියන දේ. (නි)
අධ්‍යාපන ඇමතිත් ඉන්නේ කුලියාපිටියේ නේද? (නි)
මෙම විදුහල්පතිට දීමට නියම කළයුතු දඬුවම කුමක්ද? (නි)
මම මේ කතාවෙන් මහා වේදනාවකට පත්වුණා, මගේ පුතා මතක්වෙලා. පියා මිය ගියා. ගෙට ගිනි තැබුණු පුතා, අම්මත් සමඟ පාසලෙන් එලියට ඇද දැමීම දැරිය හැක්කේ දරුවන් ඇති කාටද? හෙණ ගැසිය යුතුයි කිවයුත්තේ මෙන්න මේවටයි (නි)
දේශපාලන අතකොලු හෝ දේශපාලන පත්වීම් ලද ගුරු වෘත්තියට මායිම් කරන්නවත් බැරි ගුරුවරු නිසා අකාලයේ තරුණ ජිවිත අතරමංවෙන අවස්ථා බොහොමයි. පාසල් සිසුන් කෙවිටෙන් පාලනය කළ නොහැකි බව ගුරුවරු දන්නවනේ. මොකද ඒ අයත් ඔය ළමාවිය ගත කරපු අයනේ. කවදාවත් දඩබ්බර වැඩක් නොකරපු, එහෙම නැත්නම් රණ්ඩුවක් නොවුණු , ගුරුවරයාගෙන් දඩුවම් නොවිඳපු කෙනෙක් ඉන්න බැහැ. ඉන්නවා නම් ඒ අය එතරම් උද්යෝගීමත් නොවුණු අය වියහැකියි. මේ සිද්ධියේදී විදුහල්පතිට තිබුණ තරමක් නම්‍යශීලි වෙන්න. හැබැයි දැන් ඉතින් ඒ ළමයාගේ ඉතිරි වැඩ ටික නිදහසේ කරගන්න දෙන එක හොඳයි. මොකද ගුරුවරයා වයසට යන අතර ළමයා තරුණ වයසට පත්වෙන නිසා දෙගොල්ලටම පසුතැවිලි වෙන්න මං සළසා නොගෙන ඉදිරියේ කටයුතු කළොත් වාසනාවක්. (නි)
එකත් එකට දේශපාලනය කර ගහගත්ත නිලධාරියෙක් වෙන්න ඇති. මෙම සිසුවා හා මවට කාගේත් අනුකම්පාව හිමි වේවා!! (නි)
"දේශපාලන හේතූන් මත කලකට ඉහත ඔවුන්ගේ නිවස ගිනි තබා විනාශ කර තිබුණු බැවින්" මෙවැනි අපරාධ නිසයි අපේ රටට වගතුගක් නැත්තේ. (නි)
දේශපාලනය කරන්න ජනාධිපතිටත් අයිතියක් තියනවා නම්, ඒක වළක්වන්න අධ්‍යාපන ඇමතිට බැහැ. ඕනෑ ගුරුවරයෙකුට තම දේශපාලනය කාටවත් හිරිහැර නොවෙන විදිහට කරන්න පුළුවන්. එ්ත් ඉගෙනුම හදාරන තරුණ දරුවන්ගෙන් පළිගන්න හදනවා නම් එක සහගහන අපරාධයක්. විදුහල්පතිට නිවැරදි වෙන්න මේ අනුව හැකි වේවා. (නි)
මෙහෙම කුහක ගුරුවරු සුළුපිරිසක් හැම පාසලකම වගේ ඉන්නවා. ඔවුන්ට තමන්ගේ දරුවට වැඩිය දක්ෂ ළමයින්ව පෙන්න බැහැ. එහෙම නැත්නම් ඒ ළමයාගේ දෙමාපියන්ට තියෙන යාන වාහන, දේපල වගේ දේ නිසා දරුවට කෙනෙහෙලිකම් කරනවා. පොහොසත් උදවියගේ දරුවන්ට සලකල, දුප්පත් දරුවන්ව කොන් කරන ගුරුවරුත් සිටිනවා. මෙහෙම වෙන්නේ ඔවුන් යම්කිසි විදියක මානසික රෝගීන් නිසා. (අ)
මෙම සිද්ධියට දේශපාලන හයිය අරගෙන වැඩ කරලා තියෙනවනම් එයට උදවු කරපු දේශපාලඥයා ගේ නම එළි කළ යුතුයි. වරප්‍රසාද මුවාවෙන් කරන හැම ජරා වැඩක්ම කරලා ඔය අසික්කිත මිනිස්සු බේරෙනවා. මෙයාලට මහජන අධිකරණයෙන් ප්‍රසිද්ධියේ දඬුවම් ලබාදෙන්ට කාලය එළඹිලා තියෙන්නේ. (අ)
විදුහල්පතිතුමාට උතුර දකුණ මාරුවෙලා කාට හරි ගුරුනිවස දෙන්න ඔනනිසා ළමයා පාසලෙන් අස්කරන්න ඇති. මතු සම්බන්දයි (අ)
ලංකාවට තව අලුතින් පාසල් 10ක් වත් ඕනි කියලා තේරෙන්නේ නැත්තේ ඇයි.? (ර)