මාස තුනක් යන්නටත් පෙර තිහගොඩ නායිම්බල කිතලගම පාර ගිලා බැස ඇතැයි තිහගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමේදී පැමිණිලි කිරීමට නොදී තමා රැස්වීමෙන් ඉවත් කළැයි තිහගොඩ ග්‍රාම සංවර්ධන බල මණ්ඩල සභාපති අංගුන්නබදුල්ලේ ඥනදස්සී හිමියෝ කියති.
පසුගිය සඳුදා වූ මේ සිද්ධියට විරෝධය දැන්වීමට 500ක් පමණ ගැමියෝ කිලෝමීටර් පහක් පයින් ගමන් කර තිහගොඩට පැමිණ වැල්ලේතොට පඤ්ඤාදස්සී හිමියන්ගේ පිළිරුව අසලදී සත්‍යග්‍රහය පැවැත්වූහ.
තිහගොඩ ප්‍රාදේශීය සභාපති තමනට එදා බැන වැදී රැස්වීමෙන් ඉවත් කරන ලෙස පොලීසියට දැන්වූ බවත් ඒ හිමියෝ කියති.
තිහගොඩ ප්‍රාදේශීය සභාපති නිර්මාල් සමරසිංහ මහතා පැවසූයේ ඥානදස්සී හිමියන් ආරාධනයක් නැතිව ඒ රැස්වීමට පැමිණි බවයි.
පාර කැඩී නැතැයි ද ඔහු කියයි.
පාරේ කොන්ක්‍රීට් ගල් කැඩී ගිලා බැස ඇතැයි ද, පස් නිසි පරිදි පුරවා නැතැයි ද, එය මහජන මුදල් කාබාසිනියා කිරීමක්යැයි ද ඥානදස්සී හිමියෝ කියති.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාස තුනෙන් පාර කැඩිලා
කිවි Wednesday, 13 March 2013 06:46 PM
මාස තුනක් තිබුණම මදෑ ඉතින්. ඕවා අවුරුදු ගණන් තිබුණහම ප්‍රශ්නනේ. (නි)
වරුණ Wednesday, 13 March 2013 02:13 PM
ආශ්චර්‍යයට යන මග ඔහොම අබලන් වෙන්න බෑ (ස)
අරුණ Wednesday, 13 March 2013 07:42 PM
අපේ හාමුදුරුවනේ, පරිස්සමින්. (නි)
තිලක් Wednesday, 13 March 2013 07:53 PM
මහේෂ්ගේ කතාව සහතික ඇත්ත. (අ)
බණ්ඩා Wednesday, 13 March 2013 07:56 PM
අද හැමදේම පාලනය වෙන්නේ චණ්ඩිකමින්. අද සත්‍යයට තැනක් නැහැ. (නි)
පාල Wednesday, 13 March 2013 02:29 PM
ලෝකෙටම ණය වෙලා යමක් කරාම ගෙදරින් ගෙනැත් කරා වගේ තමයි අපේ අයගේ කතාව (ස)
ලසන්ත කුමාර Wednesday, 13 March 2013 02:30 PM
අපරාද සල්ලි වියදම් කිරිමක් පමණි (දී)
නිලා Wednesday, 13 March 2013 02:30 PM
දුෂණය තියෙනකල් ඔහොම තමයි
මහේෂ් Wednesday, 13 March 2013 02:31 PM
දරුවෝ අද ඉපදෙන්නේ ලක්ෂ 3 ණයක් එක්ක . ඒත් ඒ ණයට ගත්තු මුදලින් වැඩක් වෙලා නෑ (ස)
රාණි Wednesday, 13 March 2013 02:27 PM
අනිත් ඒවත් ඔහොමද දන්නේ නෑ (ස)
මුදුර Wednesday, 13 March 2013 02:30 PM
අපි කාටද මේ දුක කියන්නේ (දී)
චන්දන Wednesday, 13 March 2013 02:31 PM
මමනම් මොකුත් නොකියමි
සුජා Wednesday, 13 March 2013 09:05 PM
තැනකට ආවහම හැමෝටම මුල අමතක වෙනවා වගෙයි. (නි)
නීලා Wednesday, 13 March 2013 02:56 PM
මේක පාරවල් වල හැටියක්ද මන්දා? (දී)
සුදීර Wednesday, 13 March 2013 02:56 PM
මේවා කාගේ වැඩද? (දී)
අජිත් Wednesday, 13 March 2013 02:58 PM
හාමුදුරුවනේ...මෙහෙම තමයි කොන්ත්‍රාත් වැඩ (ස)
නසාර් Wednesday, 13 March 2013 10:01 PM
හලාල් සහතික ඕනද (අ)
සඳුනි Wednesday, 13 March 2013 03:28 PM
අපේ හාමුදුරුවන්ට තේරෙන්නේ නෑ. මේවා දේශපාලනීකරණය වූ වැඩ ..!!!
ලලිත් Wednesday, 13 March 2013 03:32 PM
අයිඋඔ සල්ලි
රාණි Wednesday, 13 March 2013 03:53 PM
කෝ පොඩි දෙයක් විවෘත කරද්දිත් හුරේ දාන අය? (නි)
වීරසිංහ Wednesday, 13 March 2013 03:56 PM
යම් දෙයක් විවෘත කරද්දි හුරේ දාන්න හදිස්සි වෙන්න එපා. අඩුම ගණනෙ මාස තුනක් වත් ඉවසලා ඉන්න. (නි)
ශාන් Wednesday, 13 March 2013 04:00 PM
මේවා පෙනෙන්නෙ නැද්ද අපේ බල සේනාවට? (නි)
සම්පත් Wednesday, 13 March 2013 04:13 PM
මෙහෙමවත් හැදුවා මදැයි. (නි)
දයා Wednesday, 13 March 2013 04:48 PM
රට පුරාම පාරවල් ඔහොම තමයි. (නි)
පහන් Wednesday, 13 March 2013 04:50 PM
නියමයිනේ කතා කරලා වැඩක් නැහැ (දී)
නිත්‍යා Thursday, 14 March 2013 02:12 PM
සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍යයිනේ.ප්‍රශ්නයක් කර ගන්න එපා (ස)
කමල් Wednesday, 13 March 2013 05:14 PM
මේකට අපි කාටද ගහන්න ඕනෑ? (නි)