(තිළිණි ද සිල්වා )
මාස කිහිපයක් සිට ලොව ප්‍රධාන පෙළේ රටවල් පහක් සඳහා ශ්‍රී ලංකා තානාපති ධූර හිස්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මෙලෙස පුරප්පාඩුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය , බ්‍රිතාන්‍යය ,රුසියාව , බ්‍රසීලය සහ කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා තානපති සහ මහ කොමසාරිස් තනතුරුය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය මාස 9 ක ආසන්න කාලය තිස්සේ පුරප්පාඩු වී පවතින අතර එම ධූරයේ කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් මහතා ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ධූරයේ රාජකාරි කටයුතු බාර ගැනීමත් සමඟ එම ශ්‍රී ලංකා තානාපති ධූරය හිස්ව පවතින්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ අමරි විජයවර්ධන මහත්මිය ඉකුත් පෙබරවාරි මාසයේ සිට එම තනතුරින් ඉවත් වූ අතර ඒ අනුව එම ධූරයද මේ වන තුරුත් පුරප්පාඩු වී පවතින බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු වෛද්‍ය සමන් වීරසිංහ මහතා ද ඉකුත් මාර්තු මාසයේ සිට එම ධුර සේවා කාලය අවසන් කළ අතර ඒ හේතුවෙන් එම තනතුර සඳහා මෙතෙක් කිසිවකුත් පත් කර නොමැත.
මේ අතර බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයද මාස 8 ක් තිස්සේ හිස්ව පවතින අතර එරට ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් අගෝස්තු මාසයේදී යළි දිවයිට පැමිණීමත් සමඟ මෙම ධූරය හිස්විණි.
කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ චූල පත්මේන්ද්‍ර දහනායක මහතා ද මේ වන විට එම ධූරයේ කටයුතු නොකරන අතර එබැවින් එම ධූරයද හිස් ව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති අංශය කියන්නේ රටේ තියෙන්න ඕනෑ ශක්තිමත්ම අංශයක්... විදේශීය රජයන් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ නිවැරදි තොරතුරු දෙන ස්ථානය. හොඳම උදාහරණය රුසියාවේ විදේශ ඇමති. එතුමාගේ පළමු රැකියාව ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරි. හැබැයි ඇත්තටම කරන්නේ, ලංකාවේ ගුවන්විදුලියේ, පත්තරවල විස්තර ඉක්මණටම වාර්තා කිරීම... ලංකාවේ තානාපති සේවය තියෙන්නේ පාලකයන්ගේ නෑයන්ට, හිතවතුන්ට තානාපති වරප්‍රසාද වලින් පිස්සු නටන්න.
හොඳ වෙලාවට පත්තරේ දැම්මේ. තාම පත්තරේ දැක්කේ නැතුව ඇති.
විස්වාස කිරීමටත් අපහසුය. මක්නිසාදයත් ඇම්බැට්ටයෝ , හෙන්චයියෝ දැන් ඈත්වෙලාද ? තානාපති සේවයට යන්නේ වැඩිපුරම ළගම චක්ගොලයෝනේ.
මහින්ද මහත්තය නම් එයාගැන හොඳට ප්රශස්ති කියන කලාකාරයෙකුට නැත්නම් ජෙනරාල් කෙනෙකුට එහෙමත් නැත්නම් නෑදෑයෙකුට ඕව දීල ඕවර් ස්ටාෆ් කරලත් තිබුනේ.
වෙනසක් නැහැ ආණ්ඩුවට සල්ලි ඉතිරි වෙනවා තව මස හයක් ඔහොම යන්.
තානාපති මට්ටමේ ජේෂ්ඨ නිලධාරීන් විදේශ අමාත්‍යංශයේ කිසිදු විශේෂ රාජකාරියක් නැතිව ඉන්නවා. ඒ වෘත්තීය තානාපති නිලධාරීන්ට අදාල පුරප්පාඩුවලට පත් නොකරන්නේ ඇයි? කාලයක් ඔහොම ඉඳලා ඔන්න කවුරුහරි දේශපාලුවෙක් ඔය තනතුරුවලට පත් කරයි.
ඔන්න මේ රජය මුදල් ඉතිරියට කල හොදම වැඩේ.
හිටියත් නැහැ වගේනේ... මොකක්ද ප්රශ්නය?
හිටියත් නැහැ වගේනේ... මොකක්ද ප්රශ්නය?
ඉතින් ඔය ඉන්නේ පැරදිච්ච කට්ටිය... කෙළ හලාගෙන බලා ඉන්නවා ඇතිනේ. කෙන්යාවටවත් දමමුද කෙනෙක්? අනික්වා නම් ගොබ්බයින්ට අමාරුයි.
මාස ගාණක ඉඳන් හරි හමන් ආණ්ඩුවක්වත් නැති රටක තානාපතිලා නැති එක පුදුමද?
ගුණපාල මලලසේකර වැනි මහ උගතුන්ගෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා තානාපති සේවය අද පත්ව ඇති අවාසනාවන්ත තත්වය ගැන පුරවැසියෙක් ලෙස කණගාටුවට පත්ව සිටිමි. තානාපතිවරයා තමා නියෝජනය කරන රට පිළිබඳ ප්‍රමාණික විද්වතෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික බැවින් පිරිපුන් කෙනෙක් විය යුතුය. දේශපාලකයින්ගේ හිතමිතුරෙකු හෝ පරාජිත පාක්ෂිකයකු වීමේ සුදුසුකම නිසා අපි ලෝකය ඉදිරියේ සරදමට ලක්ව සිටින්නෙමු.. ප්‍රධාන රටවල් පහක තානාපත්වරුන් පත්කර නොමැතිවීම බෙදුම්වාදී දුෂ්ට බලවේගවලට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීමකි.