ලොව වයස්ගතම කාන්තාව වශයෙන් ගිනස් වර්ථාවට හිමිකම් කියන ජොර්ජියාවේ බෙසී කූපරු පසුගිය සති අන්තයේදි තම 116 වැනි උපන්දිනය සැමරුවාය. 1896දි ඇමරිකාවේ ටෙනසී ප්‍රාන්තයේ උපත ලද කූපර් 1917දි ජොර්ජියාවට පැමිණ ලුතර් කූපර් සමග විවාහ වීය. දරුවන් හතර දෙනෙකූගේ මවක වන ඇය 1963දි තම සැමියා මියගිය පසු නැවත වීවහයක් සදහා නොගොස් තනිකඩ ජිවීතයක් ගතකළාය. පසුගියදා ඇය ජොර්ජියාවේ මොන්රොන් නුවර වැඩිහිටී නිවාසයකදි තම් 116 වෙනි උපන්දිනය සමරන ලදි. මුනුබුරන් හා මිනිබිරියන් 12 දෙනෙකූ ඔවුගේද දරුවන් දැක බලාගැනිමට තමන්ට වාසනාව තිබු බවත් මෙතුවක් කල් තම ජිවන ගමනේදි කිසිවකුට කරදරයක් නොකර තමන්ට කැමැති ආකාරයෙන් ජිවත් වු බවත් කිසිදු දිනක මස් මාංශ ආහාරයට නොගත් බවත් ඇය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
ශාන් පුත, ඔබ හරි. (නි)
සැමියා මිය යද්දී අවුරුදු හැට ගාණක් නම් ආයිත් විවාහ නොවුණා කියන එක කියන්නත් දෙයක්ද? (නි)
117ත් මේ විදියට සමරන්න හැකිවේවා කියලා සුභ පතනවා. (නි)
එතකොට වයින්, බියර්, විස්කි බිවුවෙත් නැද්ද? (නි)
පුංචි කාලේ මස් කෑවද නැද්ද කියලා දැන් මතක නැතුවත් ඇති. (නි)
ආච්චි, ඔයා ඉපදුණු දවසේ ඉදලා මස් මාලු නොකෑවා නම් ඔයා තව අවුරුදු 116ක් ඉන්නවා. කොහොම වුණත් ඔයාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මස් කෑවෙත් නැතතත් විස්කි බීවත් නැතත් ජිවත්වෙන කෙනා ජිවත් වෙනවා (අ)
මස් මාළු කන අයට තමන් ගැන පොඩි බයක් තියෙනවා තමන් කරන්නේ පවු වැඩක්ද කියල.එකයි කන්නේ නැති අය හොරෙන් කනවා කියල ඔප්පු කරන්නයි ඒගොල්ලන්ට කොහොමහරි කවන්නයි දගලන්නේ.(නු)
පතමි දිගාසිරි! (නි)
මස් කන අයගේ ආයුෂ කොටයි. (නි)
මස් කෑවෙ නැහැ කියා හැම කෙනාම මෙහෙම ජීවත් වෙන්නේ නැහැ.. එහෙනම් ලෝකෙ ජනගහනය තවත් වැඩිවෙලා තියෙයි.. (නු)
චන්ද්‍රසිරි, ඔයා බරවැඩ කරන අලි ඇතුන් ගැන කිවුවට සමහර අලි නිකම්මනේ ඉන්නේ. (නි)
හොද පුවතක් වුණත් අහන්න ලැබුණම අපේ මිනිස්සු ඒතෙක් හොයන්නේ ඇදකුද. (නි)
මස් ටිකක් නොකා මොකටද මේ ජිවිතේ? ගල් යුගයේ මිනිස්සු කෑවේ මස්. මිනිස්සුන්ගෙ ආහාරට මස් ටිකක් නැතුව කොහොමද ? ඉන්නකන්නේ ඔක්කොම සෙල්ලම්. ඒක හින්දා නොදැකපු ආත්මයක් වෙනුවෙන් පෙරුම් පුරන්නේ නැතුව මස් ටිකක් කාලා සතුටෙන් ජිවත් වුණා නම් තමයි හොඳ. (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඉතින් ආච්චි මොනවද කෑවේ කියන්නකෝ (නි)
අනේ මේවා පිස්සු වැඩ. (නි)
මස් නොකෑව කියලා නම් නෙමෙයි වෙන්න ඇති නමුත් ඉතාම හොදයි.ඒ විදියට සිටීම ගැන සංතෝෂයි..!!(නු)
ආච්චි අම්මාට 120ට 220ක් ආයුබෝ වේවා! (නි)
මමත් ඔයාට සුභ පතනවා ආච්චි අම්මේ . තව ගොඩක් කල් ජීවත් වෙන්න. (නි)
මස් කෑල්ලක්වත් නොකා මෙච්චර කල් ජීවත් වෙලා මට නම් වැඩක් නැහැ. (නි)
හැබැයි කේක් වලට බිත්තර දානවා නේද? (නි)
මම ඔබට සුභ පතනවා. දීර්ඝායු ලැබේවා! (නි)
අනේ මගේ ආච්චිත් හිටියා නම්? (නි)
මස් මාළු කන ඇතැම් පෙරේතයන්ට මේකටත් මොකුත් නොකියා ඉන්න බැරි හැටි? (නි)
මස් මාලු නැතුව ජීවත් වෙන්න නොහැකියි කියන අයට මෙන්න උත්‍තරේ. (නි)
මමත් සුභ පතනවා ආච්චි අම්මේ. දීර්ඝායු ලැබේවා! (නි)
මස් කටේ නොතියා උන්න පමණින්ම අවුරුදු 116ක් ඉන්න බැහැ අනේ. (නි)
ඔබට දීර්ඝායු! නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා! (නි)
දැන් ඉතිං වෙන කුමක් කරන්නද?.... (නි)
අලි ඇතුන් එච්චර බර වැඩ කරන්නේ මස් කාලද? (නි)
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ.... (නි)
අපි කන මස්, මාලු, කුණු කරවල තොග වල හැටියට අවුරුදු 20ක් වත් ජීවත් වෙන එක පුදුමයි. ආච්චිට දීර්ඝායු වේවා! (නි)
ගයා, ඒ ඔයාටනේ මස් නොකා ඉන්න බැරි (නි)
ශාන්ට මමත් එකගයි. (නි)
මෙවන් පින්වත් ආච්චි අම්මලා ගැන අහන්න ලැබීමත් කොපමණ සතුටක්ද? (නි)