ක්‍රිෂාන් ජීවක ජයරුක්
මීට මාස අටකට ඉහත දී අතුරුදන් වු බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ 16 හැවිරිදි දියණිය හෝමාගම කුඩා නිවසක බලහත්කාරයෙන් සිර කර තබා ගෙන සිටිය දී සොයා ගත් බව මාතර පොලිසිය කියයි.
ඊට සම්බන්ධ සැකකරුද සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයෙන් පැන ගියහොත් අදාල දැරියගේ මව හා පියා මරා දමන බවට තර්ජනය කරමින් ඇය රදවා තබා ගෙන සිට ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරු දැරියගේ පියා යටතේ සේවය කළ ඔහුගේ රියදුරකු බව පොලීසිය කියයි. ඔහු රැකියාව කිරිමේදී අවනත නොවීම මත සේවයෙන් ඉවත් කර තිබෙන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමනුස්සයෝ ඉන්නේ පොරකාගෙන බණ කියන සහ අසන ලංකාවේය. මනුෂ්‍යයෝ සහ දෙවිවරු ඉන්නේ බණ නැති යුරෝපයේ දියුණු රටවල් කිහිපයේය.
පිටිගල මහත්මා ඔබ හරි, ඒ ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙන් හා ප්‍රේමයෙන් පිරි ජනතාවක් සිටින නිසා...
ගම්වලට ගියාම තමයි පේන්නේ.... ඒ අය අමනුස්සයෝ කියලා.
පිටිගල, වැද්දාගෙන් බණ අහලා ඉගෙනගෙන වගේ. ලංකාවේ හිටි මනුස්සයින්ට අමනුස්සකම් කරලා ඒවට හුරුකෙරුවේ ඔය දියුණුයි කියන රටවල ඉන්න අමනුස්සයෝ බව අපිටනම් පැහැදිලිව පෙනෙනවා.
පිටිගලගේ අදහස යම් තරමකට හරි. ලංකාවෙන් වැඩි දෙනෙක් අමානුෂ ගණයට අයිතියි.
අර මේ දවස්වල එක්තරා චැනලයක් හේමමාලා, දන්ත කුමාරයන්ගේ පැටිකිරිය හොයන්නේ මොකටද? ඒකට ප්රවෘත්තිවල ඉඩක් දෙන්නේ ඒක ප්‍රවෘත්තියක්ද? අනෙක ඔක හොයලා මොකටද ? හොයන්නේ කොහොමද? ඩී එන් ඒ තාක්ෂණයෙන්ද? ඔය විදියට ගියොත් තවත් අය පැටිකිරි හදාගනීවි අපි අහවලාගේ පරපුරේ කියලා? හාැබැයි අර සිංහයාගෙන් පැවතෙන එකට නම් වදිනවා. මේකෙන් අනේ මේ චැනල් කාරයින්ගේ මොලේ කවද හරියාද?
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර, වෙනත් අපරාධවලට පනවා තියෙන දඬුවම් තදකර දැමුවොත් අපරාද කරන එක සෙල්ලමක් නොවන බව තේරුම් ගනීවි.
වෙල්ලස්සේ දස දහස් ගණනක් දු දරුවන් පිරිමින් මරා දැමුවේ ඔබලාගේ ඔය කියන උසස් යුරෝපයේ මහත්වරුයි. ඔබලාගේ මව්බිම යටත් කර ඔබලාගේ උරුමය සහ ජීවිත කළු සුද්දන් බවට පත් කලේ ඔය කියන අංක එකේ අයට මුට්ටිය අල්ලා තම කුස පුරවා ගැනීමයි.
තම අාගම, ජාතිය පවා දුන්න අය මනුස්සයෝ නොවෙති. අමනුස්සයෝම වෙති. නමුත් බහුතර බෞද්ධයෝ අනෙකුත් අයගේ විශ්වාසයන්ට ගරු කරයි. ඒ සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කිරීමට මනුෂ්‍ය වර්ගයා දැඩි නැඹුරුවක් ඇති බව උගන්වෙන නිසාවෙනි.
පිටිගල ඇත්තටම ඉන්නේ මිලානෝද? ලඟපාත ඔස්ට්‍රියාවේ දැරියක් පහරගෙන ගොස් රඳවා තබා ගෙන ඇය සොයා ගත්තේ වසර 8 කට පස්සේ...
අපේ රටේ මිනිස්සු තමයි බණ අහලත් හැදෙන්නේ නෑනේ..................
ලෝකේ ඕනෑම තැනක හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා .යුරෝපා රටවල වගේම ඇමෙරිකාවෙත් මිනිස්සුන්ව හොද කරලා තියෙන්නේ දැඩි නීති මගින්. අපේ රටේ මිනිස්සු හැසිරීම හදා ගත්තේ අපිට උරුම වෙලා තිබුන හොද සදාචාර පද්දතිය නිසා අපේ සදාචාර පද්දතිය අපිට උරුම උනේ බුද්ධාගමෙන් ලැබුන අබාශය නිසා .බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම තමයි දේව දත්ත හිටියෙත් ජේසුස් වහ්සේගේ ගොලොයෝ අතරේම තමයි ජුදාස් හිටියෙත් තමන් ඉපදුනු රට අමතක වෙච්ච මිලනොලත් ලත් ඔය ඕන තරම් ඉන්නේ මේ කතා කරන මමත් උපතින් ක්ර්ස්තියනි මොකද යුරෝපෙන් අපු පරංගි අපේ මුතුන් මිත්තන්ගේ බෙලි කපල අපිව බලෙන් ක්‍රිස්තියානි කරපු නිසා
අපේ උන් අපිටම ගහගන්නවා......ඒකනේ ලංකාවට කවදාවත් ඔලුව උස්සන්න බැරි...කවදා හෝ ලංකාවට අවංක පරමාදර්ශී මිනිස්සු හමුවනතුරු ශ්‍රී ලංකාව බලා සිටී...
මෙතන වෙනත් කෙස් එකක් තියනවා වගේ පෙනෙන්නේ..................
ඉන්නේ මිලානෝද? නම මිලානෝද?
මේ මිනිස්සුන්ට අම්මපා පිස්සුද? ඉතිහාසේ ගැන කියා කියා වන්සේ කබල් ගගා පුරාජේරු කෙලිනවා! මහා ලොක්කෝ කියලයි හිතාගන ඉන්නේ. ඒ වුණාට පරම්පරා ගාණකටවත් ගෙවන්න බැරි තරම් ලෝකෙට ණය වෙලා අපි විලි ලැජ්ජාවක් නැති හිඟන ජාතියක් බවට පත් වෙලා ඉන්න බව... මේ මෝඩ වාහෙලාට පේන්නේ නැද්ද?