IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාෂල් ප‍්‍රංශ සවාරියේ පළමු අදියර ජයගනී

ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ පළමු අදියර ජයගැනීමට මාෂල් කිට්ල් සමත්විය. මාෂල් ජර්මනියේ ආගෝස් ෂිමානෝ කණ්ඩායම නියෝජනය කරයි. නෝර්වේ ජාතික තරගකරුවකු වන ඇලෙක්සැන්ඩර් කි‍්‍රස්ටොෆ් පළමු අදියරේ දෙවන ස්ථානයත් නෙදර්ලන්තයේ ඩැනී වෑන් තෙවන ස්ථානයත් හිමි කර ගත්හ.

ප‍්‍රංශයට අයත් කොසිකා දූපතේ වෙක්චිකෝ වරාය අසළින් ඊයේ (29 වැනිදා) ආරම්භ වූ ප‍්‍රංශ සවාරියේ පළමු අදියර කිලෝමීටර 213 ක දුරකින් යුතුවූ අතර එය බැස්ටියා නුවරින් අවසන් විය.

තවමත් 25 හැවිරිදි වියේ පසුවන මාෂෙල් කිට්ල් පළමු අදියරේ හොදම කෙටිදුර ධාවකයා ලෙස හරිත බැනියමද දක්‍ෂතම තරුණ ධාවකයා ලෙස සුදු බැනියමද ඇගලා ගත්තේය.

”මට හැගෙන්නේ මගේ කරේ රත්තරං තියෙනවා වගේ හැගීමක්. මට කියන්න වචන නෑ. එය විශ්වාස කළ නොහැකියි. මට හරිම සතුටුයි. මෙය ඇත්තටම මගේ ජීවිතයේ ශේෂ්ඨම දිනයක්.” යයි කිට්ල් තරගයෙන් අනතුරුව පැවසීය.

මේ වන විට තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයාද වන මාෂල්, කහ බැනියම ඇගලා ගනිමින් තරගයේ දෙවැනි අදියර වන බැස්ටියා සිට ඇජැකියෝ දක්වා කිලෝමීටර 156 ක දුරක් පාපැදිය පැද යාමට සූදානමින් සිටී.

තරගයේ පළමු අදියර අවසානයේදී කී‍්‍රඩකයන් අනතුරකට මුහුණ දුන් අතර ප‍්‍රංශ සවාරිය දෙවරක් දිනාගත් ස්පාඤ්ඤයේ ඇල්බර්ටෝ කොත්තඩෝර්ද තරගයේ අවසානයට කිලෝමීටර 4 ක් තිබියදී ඇද වැටීමෙන් තුවාල ලැබීය. ඉරුණු බැනියමකින් යුතුව කොන්තඩෝර් තරගය අවසන් කළද ඔහුගේ ආබාධය බරපතළ නොවන බව පැවසේ.

තරග ප‍්‍රතිඵල
1. මාෂල් කිට්ල් (ජර්මනිය)
2. ඇලෙක්සැන්ඩර් කි‍්‍රස්ටොෆ් (නෝර්වේ)
3. ඩැනී වෑන් පොපෙල් (නෙදර්ලන්තය)
4. ඬේවිඞ් මිලර් (මහා බි‍්‍රතාන්‍යය)
5. මාටියෝ ටෙ‍්‍රන්ටින් (ඉතාලිය)
6. සුමුවෙල් ඩුමෝලින් (ප‍්‍රංශය)
7. ග්‍රෙග් හෙන්ඩර්සන් (නවසීලන්තය)
8. ජර්ගන් රෝලන්ඞ්ස් (බෙල්ජියම)
9. ජෝස් ජෝකින් රෝජා (ස්පාඤ්ඤය)
10. කි‍්‍රස් බෝක්මන් (බෙල්ජියම)



අදහස් (0)

මාෂල් ප‍්‍රංශ සවාරියේ පළමු අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site