මූවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය සැප්තැම්බර් මස 2, 3 සහ 4 තෙදින කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව තරගවලදී මුවර්ස් පිල ලකුණු 86 කින් කෝල්ට්ස් පිල පරාජය කළ අතර ද්‍රවිඩ සංගම් පිල ගුවන් හමුදා පිලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීය.