IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුවර්ස් - එස්. එස්. සී. අවසන් මහ තරගයට

මුවර්ස් සහ එස්. එස්. සී. යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී මේ මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා සිවුදින තරගයක් ලෙස පැවැත්වේ.

මෙවර තරගාවලියේ නීති රීති වලට අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දෙක හිමිකර ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. මුවර්ස් පිල ප‍්‍රසාද ලකුණු 123.49 ක් හිමිකර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ ද, එස්. එස්. සී. පිල ප‍්‍රසාද ලකුණු 144.37 ක් හිමිකර ගනිමින් ‘බී’ කාණ්ඩයේ ද, පළමු ස්ථාන හිමිකර ගත්තේය.
පානදුර ක‍්‍රීඩා සමාජය (119.32) ‘ඒ’ කාණ්ඩයේ ද, ද්‍රවිඩ සංගම් පිල (129.96) ‘බී’ කාණ්ඩයේ ද, දෙවැනි ස්ථානවල පත්විය.

තිළිණ කණ්ඩම්බි අවසන් සතියේ දක්‍ෂතම පිතිකරු බවට පත්වෙමින් ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව නොදැවී ලකුණු 340 ක් රැුස්කිරීමට සමත්වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය මෙවර පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ වැඩි ලකුණු සංඛ්‍යාව ද වේ.  

එස්. එස්. සී. පිලේ කෞෂාල් සිල්වා මෙවර පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් තරග 9 කදී සාමාන්‍ය 81.40 ක් රදවා ගනිමින් ලකුණු 814 ක් රැුස්කිරීමට සමත් විය. මාධව වර්ණපුර (804) සහ යශෝක ලංකා (802) ලකුණු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි.

මුවර්ස් පිලේ පා දඟ පන්දුයවන ක‍්‍රීඩක මිලින්ද පුෂ්පකුමාර කඩුලූ 64 ක් දවාගනිමින් මෙවර පළමු පෙළ තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. ගයාන් සිරිසෝම (58) සහ දිනුක් හෙට්ටිආරච්චි (58) දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.
පානදුර පිලේ ඩිල්රුවන් පෙරේරා කඩුලූ 56 ක් දවාගෙන සිවුවැනි කඩුලූ ලාභියා ද වෙමින්, පිතිකරුවකු ලෙස ලකුණු 529 ක් ද රැස්කරමින් දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා බවට පත්ව සිටියි.

  • එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන් විය)

එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 8 ට 787 (දිමුත් කරුණාරත්න 115, කෞෂාල් සිල්වා 180, තිළිණ කණ්ඩම්බි නොදැවී 340, උපුල් බණ්ඩාර 86, චානක වෙළගෙදර 131/4, රංගන හේරත් 132/4)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 314 (අෂේන් සිල්වා 47, රුමේෂ් බුද්ධික 47, සචිත‍්‍ර සේරසිංහ 35, දෙනුවන් රාජකරුණා 33, පුලින තරංග නොදැවී 46, කෞසාල් ලොකුආරච්චි 136/4)

  • මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ලකුණු 7 ක ජයක්)

මුවර්ස් පිල පළමු ඉනිම 240 (හර්ෂ කුරේ 67, ජනක ගුණරත්න 33, දිල්හාර ලොකුහෙට්ටිගේ 46, ගයාන් සිරිසෝම 41/5) සහ දෙවැනි ඉනිම 130 (ගයාන් සිරිසෝම 27/5)

පානදුර පිල පළමු ඉනිම 120 (මාලින්ද පුෂ්පකුමාර 56/7, විමුක්ති පෙරේරා 28/3) සහ දෙවැනි ඉනිම 243 (රංග කුරේ 52, චාමර සිල්වා 47, ප‍්‍රසන්න ජයවර්ධන 41, මාලින්ද පුෂ්පකුමාර 98/4, ජනක ගුණවර්ධන 65/3)

  • බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ඉනිමක සහ ලකුණු 163 ක ජයක්)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 99 (නිසල් රන්දික 20, විශ්ව ප‍්‍රනාන්දු 35/5) සහ දෙවැනි ඉනිම 168 (හර්ෂ විතාන 34, රොෂේන් සිල්වා 50, සජීව වීරකෝන් නොදැවී 30, සුරාජ් රන්දීව් 75/4)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම කඩුලූ 9 ට 430 (නදීර නාවල 57, මාවධ වර්ණපුර 85, දමින්ද රණවීර 79, සංජය ගංගොඩවිල 33, සුරාජ් රන්දීව් නොදැවී 103, අකිල ධනංජය 139/7)

  • කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී (නාවික හමුදා පිලට කඩුලූ 6 ක ජයක්)

නාවික හමුදා පිල පළමු ඉනිම 369 (චානක රුවන්සිරි 122, යොහාන් කුමාර 79, රනිල් රසාංග 44, චාමිකර එදිරිසිංහ 107/3, මහේෂ් කෝදාමුල්ලගේ 31/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 29 (ටිරෝන් ගමගේ 13/4)

කුරුණැගල තරුණ පිල පළමු ඉනිම 212 (ජීවන්ත කුලතුංග 64, දුලංජන් මෙන්ඩිස් 86/5) සහ දෙවැනි ඉනිම 182 (මනෝජ් සරත්චන්ද්‍ර 55, සිසිර කුමාර 46, දුලංජන් මෙන්ඩිස් 76/7)

  • කටුනායක වෙළෙඳ කළාප ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ලකුණු 201 ක ජයක්)

රාගම පිල පළමු ඉනිම 366 (උදාර ජයසුන්දර 60, ධනංජය ද සිල්වා 121, ඉයන් ඩැනියල් 55, කෞෂල්‍ය වීරරත්න 31, ශාලික කරුණානායක 42, රජීව් වීරසිංහ 126/3, අමිල අපෝන්සු 54/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 168 (උදාර ජයසුන්දර 36, ඉයන් ඩැනියල් 43, අමිල අපෝන්දු 10/2)

ලන්කන් පිල පළමු ඉනිම 134 (ශිවංග රණසූරිය 27, කෞෂල්‍ය වීරරත්න 31/3) සහ දෙවැනි ඉනිම 199 (ශිවංග රණසූරිය 61, අමිල අපෝන්දු 68, මාලිංග බණ්ඩාර 70/7)

  • එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ඉනිමක සහ ලකුණු 87 ක ජයක්)

ගාල්ල පිල පළමු ඉනිම 111 (දුෂ්මන්ත චමීර 20/3* සහ දෙවැනි ඉනිම 107 (චානක විතානගේ 31, සොහාන් බොරලැස්ස 36/3, ෆර්විස් මහරුෆ් 22/3, තරිඳු කෞෂාල් 12/3)

එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 4 ට 305 (නිරෝෂන් දික්වැල්ල 86, උපුල් තරංග 134)

  • පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට ඉනිමක සහ ලකුණු 2 ක ජයක්)

සැරසන්ස් පිල පළමු ඉනිම 155 (රුක්ෂාන් වීරසිංහ 38, ප‍්‍රබෝද අර්ථවිදු 37, අජන්ත මෙන්ඩිස් 50/5) සහ දෙවැනි ඉනිම 252 (රුක්ෂාන් වීරසිංහ 34, ළහිරු අබේරත්න 32, ළහිරු ශ්‍රී ලක්මාල් 49, සීකුගේ ප‍්‍රසන්න 74/3, රවින්ද්‍ර පල්ලියගුරු 23/3)

යුද හමුදා පිල පළමු ඉනිම කඩුලූ 9 ට 409 (ඩිලාන් සොයිසා 118, මංජුල ද සොයිසා 33, සීකුගේ ප‍්‍රසන්න 35, අජන්ත මෙන්ඩිස් 58, ශෂ්රීක පුස්සගොල්ල 126/4, ළහිරු ශ්‍රී ලක්මාල් 140/4)

  • මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

බදුරලිය පිල පළමු ඉනිම 265 (පබසර වඩුගේ 56, මාපා බණ්ඩාර 52, අලංකාර අසංක 31, සාලිය සමන් නොදැවී 62, උමේෂ් කරුණාරත්න 47/5) සහ දෙවැනි ඉනිම 322 (පබසර වඩුගේ 51, මාපා බණ්ඩාර 32, අලංකාර අසංක 109, රොෂාන් ලක්සිරි 37, උමේෂ් කරුණාරත්න 79/4)

මේරියන්ස් පිල පළමු ඉනිම 293 (උමේෂ් කරුණාරත්න 72, විදුර අධිකාරි 94, රුක්ෂාන් ෂෙහාන් 48, ළහිරු ගමගේ 24/3, අලංකාර අසංක 55/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 153 (උපුල් ප‍්‍රනාන්දු 46, අලංකාර අසංක 37/6)

  • සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

සී. සී. සී. පිල පළමු ඉනිම 404 (අමල් ඇතුළත්මුදලි 99, රෝයි සිල්වා 64, හසන්ත ප‍්‍රනාන්දු නොදැවී 129, නිමේෂ් පෙරේරා 61, චමින්ද බණ්ඩාර 78/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 254 (ගිහාන් රූපසිංහ 52, ගයාන් විජේකෝන් 63, නිමේෂ් 78, ඉසුරු උදාන 39/3, මුතුමුදලිගේ පුෂ්පකුමාර 50/3)

වරාය අධිකාරි පිල පළමු ඉනිම 490 (ගයාන් මනීෂාන් 234, අෂාන් ප‍්‍රියංජන් 62, ඉසුරු උදාන 39, ශානුක දිසානායක 58, දිලේෂ් ගුණරත්න 144/3, දිනුක් හෙට්ටිආරච්චි 168/3)

  • කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන් විය)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 244 (ටී. නදීර 105, හසිත වික‍්‍රමසිංහ 45/3) සහ දෙවැනි ඉනිම 316 (රජිත රත්නායක 121, ටී. නදීර 34, අජිත් කුමාර 43, හසිත වික‍්‍රමසිංහ 76/8)

බී. ආර්. සී. පිල පළමු ඉනිම 215 (නිමේෂ් පෙරේරා 51, ගිහාන් දිල්රුක් 31, අකිල ඉෂංක 90/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 166 (හසිත ගුණතිලක 48, මලිත් කුරේ 45, ලසන්ද රුක්මාල් 25/3)



අදහස් (0)

මුවර්ස් - එස්. එස්. සී. අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 74 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site