(නිමල කොඩිතුවක්කු)
මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා කටයුතු සියයට අනූ නවයකින් අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
නාමයොජනා ලැයිස්තු සකස් කිරීමේදී දුෂණ චෝදනා එල්ල වී නොමැති දක්ෂ තරුණ උගත් කණ්ඩායමක් තෝරාගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී ඇතැම් තැන් වලින් හය හත් දෙනා වශයෙන් අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බවද ඇමැතිවරයා පැවසීය.
එමෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොන්දේසි වලට යටත් වන සන්ධානයේ සෙසු පක්ෂ වලටද මෙවර නාමයෝජනා ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපත් නැති වෙයි වගේ හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ පරාජිතයෝ බරගානක් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ මේ දවස්වල තාවකාලිකව පරාජිතයෝ රජකරනවා ආසාවනේ එයාලත් හැදෙන්න එපැයි පව්නේ....
ඇමතිතුමෝ, ගුරුවරියන්ව දන ගැස්සු අපේක්ෂකයෝ කීදෙනෙන් ඉන්නවාද? අගෝස්තු 15 මහා මැතිවරණයේදී UNP ට විරුද්දව අපෙන් ඡන්දය ලබාගෙන, ජනතිපතිතුමා එම කණ්ඩායම පරද්දන්න සියලුම සෙල්ලම් කරලා, දිනපු සමහරුන්, ඔබත් ඇතුළුව UNP රජයේ ඇමතිකම් අරගෙන, පැරදිච්ච අපේක්ෂකයෝ ජනාතිපතිට කඩේ ගොස් ජාතික ලයීස්තුවෙන් ඇමතිකම් මන්ත්රීකම් අරන්, චන්දය පුළුවන් තරම් පරක්කු කරලා, ජනතාව සටන් කරලා ලබා ගත මේ චන්දෙයෙදී, දැන් එනවා නේද ලැජ්ජාවක් නැතුව අපේ චන්දය ඉල්ලා ඉල්ලා. කොණ්ඩේ බැදපු චීනන්ගෙන් ඉල්ලන්න. අපි දන්නවා මෙදා පාර කොරන්න ඕන මොකක්ද කියල.
එහෙනම් අපරාදේ නේ ඒකාබද්ද විපක්ෂය එක්ක සාකච්චා කරන්නේ. එයාලට දෙන්න ඉඩක් නැහැනේද?
හිටපු ජනපතිනියක් ජනපතිතුමෙක් එකතුවෙලා තවත් හිටපු ජනපතිතුමෙක් එක්ක කරන සටනින් ජයගන්නේ කව්ද කියල බලන්න අපි හරි අසාවෙන් ඉන්නවා
හා හා හොදා... හොදා..... දැන් ඉතින් මේ උන්නැහේ අපිට මක්කේ කියන්නේ ?????
මෙයා ගේ බොරු ආඩම්බර කතා, ජන්ද ගණන අනුව එක්කෝ තුන නැත්නම් හතර ඊට උඩින් එනවා බොරු
මොන අවලාද නැගුවත් තරුණ අලුත් කටිටිය ඉදිරිපත් කලොත් අපි ඡන්දය දෙනවා
අපි මග බලන් ඉන්නෙ අතට අපේ අතින්ම මතක හිටින්න සලකන්න.. ඡන්දය තියන්න ඉතුරු ටික අපි බලාගන්නම්..
අපිට මේවයින් මොන ප්‍රයෝජනයක්ද ඇමති තුමා? දැන් මේවා අපිට අහලම ඇතිවෙලා. කාට නාමයෝජනා දුන්නත්, කවුරු දිනුවත් අපි මහජනතාව හැමදාම එකම තැන, අපිට වෙන සෙතක් නැහැ .
අපි කැමතියි තරුණ පිරිසක් එනවට. හැබැයි, ඒ එන තරුණ පිරිස වැඩ කරන්න ඕන මහලු පිරිසගේ නියෝග උඩ නේද? ඔවුන්ගේ හොඳ අදහස් තිබුන මහලු පිරිසගේ අදහස්වලට ඒවා යට කරන්න වෙනවම නේද? මොකද, ඔය දැන් ඉන්න කට්ටිය තරුණයෝ තමයි ඔතෙන්ට එනකොට. දැන් කොහොමද වැඩ? සමහර තරුණයෝ නම් මහලු වෙන්න කලින්ම වැඩ දෙන්න පටන් ගන්නවා. රට ඉස්සරහට යන්න තරුණයෝ බඳවා ගත්තටම බෑ මහත්තයෝ. හොඳ නායකත්වයක්, ආදර්ශමත් නායකත්වයක් සහ කඩකළ නොහැනි විනය රීති මාලාවක් තියෙන්න ඕන අඩු ගණනේ.
ලක්ස 57 කෞරුවත් නිදහස් පසෙකට දෙන්න නැ හොදේ .ලක්ස 62 කියක් ලැබේවිද බලන්න .
හිතාගෙන ඉන්නේ පක්ෂෙට ඡන්දෙ දෙනවා මිසක් පුද්ගලයට නෙමෙයිකියල නේ. මේ ඡන්දෙ වෙනම ඉල්ලලම දැනගන්න පුද්ගලයට මිනිස්සු කොතරම් සලකනවද කියල.