ජනතාවට හා රටට තමා අවශ්‍ය මොහොතක කිසිසේත් මාතෘභූමිය අතහැර විදේශ ගත වන්නේ නැතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටිවේ සටහන් කර ඇත.
‘සිංගප්පූරුවෙන් ලැබුණු ආරාධනය පිලිබඳ මාධ්‍ය වාර්තාවන් දැක, ඔබ මා වෙත එවන ලද බොහෝ පණිවිඩ තුල මා රට හැර යාම ගැන ඔබගේ අකමැත්ත හා නොසතුට දැක්මෙන් හා ඔබ කල දිරිගැන්වීම් ගැන මා ස්තුතිවන්ත වෙමි.
ඔබට හා රටට මා අවැසි මොහොතක, කිසිසේත් මාගේ මාතෘභූමිය අතහැර නොයන බවට මා සහතිකවන්නෙමි. ශ්‍රී ලංකාව වෙනුවෙන් රටේ රැඳී සිටීමට මා හට දෙන ධෛර්ය හා මා කෙරෙහි තබන විශ්වාසය ඉහලින් අගය කරමි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය යුක්තිය ඉටුකරනු ඇත (ම)
ඔය අපිට නිකන් බොරු ආතල් දෙන එකනේ කරන්නේ.. (ම)
ඔබ අපට කළ සේවය අප රටට කළ සේවය ගැන අපි සතුටු වෙමු . ජයවේවා (ම)
ගියොත් කෙලවෙනවා , අයි.එස් එකට කෙලින් ම කුඩුවේ. (ම)
ඔබ ජාතික වීරයෙක්. සැබෑ බෞද්ධයා මානසිකව වැටෙන්නේ නැ වට්ටන්නත් බැහැ. (නදී)
කොහොම යන්නද යන්න දුන්නොත්නේ යන්නේ මහත්තයා ලෙහෙස්ති වෙලා ඉන්න මහා උලුගෙයි තපින්න (ම)
ගෝඨාබය මහතා යුග පුරුෂයෙක්. (ර)
යනවා නම් යන්න ඕන තැනකට රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලී දිලා (ම)
අනේ පින් සිද්ධ වෙයි යන්න. අපේ රටෙන් තරම් හොරෙන් කන්න නම් බැරි වෙයි.(ම)
එක කාලයක් යුද්දේ තියෙන කාලේ ආයේ ඇමෙරිකාවට ගියේ රට දාල නෙමේද ?අයියා ජනාීධපති වුණාම තමයි ආයේ එන්න මතක් වුණේ එහෙම නේ (ම)
යන්න බැරි හින්ද නේද යන්නේ නැහැ කියන්නේ? බොරු කතා එපා.(ම)
ඔබ වාගේ පුද්ගලයෙකු රටකට අවශයි. වෙනසක් අවශ්‍ය නම් වෙනස් විදිහට හිතන ඔබවගේ නිර්බීත පුද්ගලයෙකු සිටිය යුතුමයි. ඔබ කටින් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ නිලධාරියෙකි. (ම)
මහින්ද, ගෝටා, නැතිනම් තවමත් බෝම්බ පිපිරෙන රටක් මේක. (ර)
අමරිකානු මව්බිම ? (ම)
ලංකාවේ හැම මනුස්සයම මෝඩ නෑ. ඔය විදියට දැන් අන්දන්න පුළුවන් ටිකයි.(ම)
ඔබ මව්බිමට කල ඇති විශිෂ්ට සේවය අපි සදා සමරමු. (ර)
ඔබතුමා රටට කළ සේවය සදා අනුස්මරණීයයි කෙලෙහිගුණ නැති මිනිසුන් කොයි රටෙත් ඉන්න බව තේරුම් ගැනීම වාසනාවක් (බ)
සැබෑ ජනතා පාලනයකදී ඔබලා කළ කි දේට යුක්තිය ඉටුවේවි...හැමදාම ජනතාව අන්දන්න බැහැ...(ම)
අනේ අපි මෝඩයෝ කියලද හිතන් ඉන්නේ ? ලී ක්වාන් යු හිටියා නම් හිනා වේවි .(ම)
කවුද යන්න එපා කිවේ කියලවත් කරගන්න බැරි දෙයක් කරුණාකරලා ඉක්මනටම යන තැනකට යන්න ජාතිවාදය අවුස්සනේ නැතිව (ම)
ගියොත් ඉන්ටපෝල් එක දාලා අල්ලලා මෙහාට කුදලන් එන බව දන්නවනේ ඒකයි යන්නේ නැත්තේ.(ම)
ජනතාවට හා රටට ඔය වගේ අය ඕනේ නෑ කරුණාකර යන තැනක ඉක්මනටම යන්න (බ)
ජනතාව ඔබ සමගයි ....(ම)
සිංගප්පූරුව වැනි රටක රැකියාවකට මොහු වැනි කිසි ඉගෙනීමක් නැති කෙනෙකුට ආරාධනාවක් ලබුනායයි කීම අමුලික බොරුවකි (ම)
චෝදනා තියෙන කිසිම කෙනෙකුට මේ වෙනකල් දඩුවම් දීලා නැහැ . හැමදාම කට උත්තර ගන්න එක විතරයි මේ වෙනකල් වෙලා තියෙන්නේ. කෙනෙක් තවකෙකුට චෝදනා කළ නිසාවෙන්ම බොහොමයක් දෙනා ඒ පුද්ගලයා වැරදිකොට දකින්න පුරුදුවෙලා ඉන්නවා. අදහස් දාලා තියෙන සමහරු ඒ ගණයට අයත් (බ)
යුද්දේ තිබුන කාලේ ඇමරිකාවට පැනගත්තේ, සල්ලි වලට ආදරයටද? ඇමරිකාවට ආදරයටද? ලංකාවට ආදරයටද? අනේ! අපි නොදන්නා දේශප්‍රේමිත්වය? (බ)
බලය තිබුණු කාලේ පණ්ඩිතය වගේ හැම දේටම ඔලුව උදුමවාගන්නේ නැතිව හිටියනම් ඔයිට වඩා මිනිස්සු ඉන්නවා (බ)
යන්නේ නෑ නෙවෙයි. යන්න බෑ. (ම)
ඔබ බියගුල්ලකු නොවන බව අප දනිමු. නිර්මාංශ භක්ෂකවූ ද වචනයේ පරිසමාප්ත අරුතින්ම සැදැහැවත් බෞද්ධයෙකු ලෙසින් හැඳින්විය හැකි ඔබ සුදුසු කල සුදුසු ලෙසින් මාතෘ භුමිය බේරාගැනීම කළ යුතු බව සනිටුහන් කොට ව්‍යසනයෙන් රට බේරා ගැනීමට සක්‍රිය දායකත්වය පරිත්‍යාග කරමින් මහඟු සේවයක් උපන් දේශය වෙනුවෙන් කළෙහිය.(ම)
ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දුන් අමානුෂික වද හිංසා නිසා මහජනයා ඔබව පිළිකුල් කරනවා.(ම)
සිංගප්පූරුව කියන්නේ මේ කලාපයේ තියෙන දුෂණ අඩුම රට එහෙම රටකින් ඔබ වැනි අයකුට අාරාධනා කළා කියන එකම හරිම විහිළුවක්. පුළුවන්නම් ඔය ආරාධනාව පබ්ලිෂ් කරන්න අපිට බලාගන්න මොකද සිංගප්පූරු රජය ලංකාවේ වගේ හොර රහස් වැඩකරන්නේ නැත (බ)
හදවතින්ම අප ඔබ සමගයි.කල ගුණ දත් ජනතාව කිසි දින ඔබ අමතක නොකරනු ඇත.(ම)
ඔය ආරාධනාව අපි බලන්න කැමතියි. ඔච්චර ඉල්ලුමක් තිබෙන එකේ එස් එම් එස් එකකින් අනේ මෙහාට එන්න කියන්නේ නැහැනේ .(ම)
මෙයා ඇමෙරිකාවට ගියොත් ගිය ගමන් ම අල්ලා ගෙන නඩු දානවා ඒ නිසා යන්න බැරි නැතිනම් මීට කලින් බැසිල් ගිය දවසෙම ගිහින් (ම)
නිර්මාංශ භක්ෂකයන් මිනි මෝරුන් ඇති කරනවා කියල දන්නේ නැති බවලතෙක් මෙතන ඉන්නවා වගේ. (ම)
අයියා ජනාධිපති වූ පසුව ඔහු ආවේ යුද්ධය නිමකිරීමට නිවැරදි දේශපාලන නායකත්වයක් ලැබුණු නිසා විය හැකියි.(ම)
ජනතාවට හා රටට තමා අවශ්‍ය බව ඔබ කොහොමද දන්නේ? ගියත් නොගියත් ඔබට තිබෙන චෝදනා වලට මුහුණ දෙන්න කියලයි මම කියන්නේ. ඊට පස්සේ තීරණය කරන්න.(ම)
අපි හිතුවේ ඔබතුම ඇමරිකාවේ පුරවැසියෙක් කියලයි. මවු බිම කිවේ ඇමරිකාවටද... (ම)
වැකෝ.කල පව් පස්සෙන් එලවනකොට දුවන්න පාරවල් මදි වෙනවා.අද රාජපක්ෂලාට වෙලා තියෙන්නේ ඒකමයි.(ම)
එහෙනම් ඉතින් සිංගප්පූරුවටත් දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි.(ම)
සිංගප්පුරුවේ ජනාධිපති සොහොදරයෙක් වුනොත් යන්න පුළුවනි (ම)
පහුගිය කාලේ මෙතුමා අපේ රටේ කළ දේවල් බැලුවාම මම නම් හිතුවේ මියන්මාර් වලින් ඔබ තුමාට ආරාධනාවක් ලැබෙයි කියලයි.(ම)
ඔබෙන් රටට සේවයක් වුවත්, රටින් ඔබට සේවයක් නොවීම ගැන කණගාටුයි . ඔබගේ සේවය ඉදිරියේදී අවශ්‍ය වේවි (බ)
සිංගප්පුරුවට මොනා ඕන වෙලාද මෙතුමාට ආරාධනය කරන්නේ? (බ)
මහා මිනිස් ගාතක දෙමල නායකයා මරා දැමීමට එකතු වූ වා සේ ඉන්පසුවත් පවුල් වාදය අමතක කර හරියටම වැඩ කළා නම් මේ සිංහල රටට මෙසේ වෙන්නේ නැහැ.දැන් සමහරු හරියට උඩරට ගිවිසුම දන්නේ නැතුව වගේ සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහනවා. තනි සිංහ කොඩිය වැනුවත් නඩු. උත්සව අවස්ථාවල ඔසවන්න තව කොඩි සොයනවා. (බ)
කොයි දීපංකරේක ගියත් බේරෙන්න බෑ (බ)
ඔබතුමා රටේ සිටීම හොඳා හැබැයි පරණ ක්‍රමයට නොවේ, කෙලින් අවංකව නීතිය ක්‍රියාත්මක කරමින් පක්ෂ බේදයක් නොමැතිව හා හොරුන්ට උල්පන්දම් දෙන්නේ නැතිව. (බ)
ඔබට තෙරුවන් සරණයි. (ම)
ඔබ සැමදාම අප මතකයේ සිටිනවා. ඔබගේ සේවය එතරම් විශිෂ්ටයි. (ර)
නගර විනාශ කරන, හැඩි කරන අයට ඔබගේ වටිනාකම නොතේරේ. (ර)
යුද්දේ වවාගෙන කාපු කාලේ රට පැනපු එක රටේ වාසනාවට වුණ දෙයක් ,මැරිලා ඉපදුන බත් කන හරක් ඉන්නවනේ (ම)
අපේ රටේ ඉන්නේ මහා කුහක කෙලෙහි ගුණ නොදන්නා මිනිස්සු. අවුරුදු 5 කට හැමදේම අමතක කරන අය (ම)
ඔබ මේ රටට ආදරය කරන සැබෑ යුග පුරුෂයෙක්.ඔබට අපේ ආශිර්වාදය තියෙනවා.නිවට ද්‍රෝහීන් ප්‍රතිචාර දක්වන්නේ නම් මුදලට රට පාවා දෙන වුන් නිසාය.(ම)
ඔබතුමා මේ රටට නැතුවම බැරි චරිතයක්.කිසිදාක මේ රට හැරයන්න එපා (නි)