(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5 ක් හෙවත් රුපියල් ලක්ෂ 500 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් එදිරිසූරිය මහතා පවසයි.
මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක පිරිනැමීමට ද තීරණය කර ඇතැයි කී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000) මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර ඇතැයි සඳහන් කළේය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න තව පැය කිහිපයකින් සුසන්තිකා කතා කරේ නැත්නම්.. අපේ රටේ හැටි
අනේ... වාසනාවන්. හැමදාම නයිට් ක්ලබ් යන ක්‍රිකටර්ස්ලාට කෝටි ගණන් දෙන එකේ මේ වගේ රටට අභිමානයක් ගෙනෙන ක්‍රීඩකයින් ඇගයීමෙන් මෙවැනි ක්‍රීඩාවලට තියෙන උනන්දුව තවත් වැඩිවේවි.. එමගින් තවත් වැඩියෙන් මෙවැනි ක්‍රීඩකයින් බිහිවනු ඇත...
ඉතා හොඳයි . මෙච්චර කාලයක් සැලකුවේ ක්රිිකට්වලට විතරනෙ. සියලුම මළල ක්‍රීඩකයින් උනන්දු කර ඉහළට ගත යතුයි. ඔවුන් රටේ නම ඔසවා තබාවි.
රට බේරා ගැනුමේ සටනේදී උපරිම දායකත්වයක් ලබාදුන් ඔබලා ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ලෝකය ඉදිරියේ ලංකාමාතාවට ගෞරවයක් කීර්තියක් ලබාදීම පිලිබදව අපගේ උණුසුම් සුබ පැතුම් !! ඔබලාට යහපතක්ම වේවා. කිසිදු ශරීර අපහසුතාවයන්, අඩුපාඩුකම් නොමැතිව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වු මෙන්ම සහභාගි වීමට බලාපොරොත්තු වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් රටේ පුරවැසියන් "කිසිදු නිදහසට හේතු ,කාරණා " කිසිවිට බලාපොරොත්තු නොවෙන අතර මෙම විරුවන් දෙදෙනාව ඔබලාට ආදර්ශයක් වේවා..
ඉතා වැඩියි. මිනිසුන් බඩගින්නේ සිටිනවා
කෝටි 5 ලැබුන දවසක ඒ ගැන කතා කරමු
ලෝකඩ පදක්කම් කාරයින්ට ඌරු ජුවල් ඇති මෙයාට කොටි 5 ලැබෙන කොට.
පොරොන්දුවුනු තෑගි අතට නොලැබී මාධ්‍ය ප්‍රවෘත්තියක් පමණක් වූ අවස්ථාද, දුන් ඉඩම අවුල් සහගත වී ඔප්පු නොලැබී ගිය අවස්ථාද ඉතිහාසයේ තියන නිසා අවුල් නොමැතිව අවංක ත්‍යාගයක් ලැබෙනකම් වැඩිය කිවන්න එපා. මේ ඉතින් ලංකාවනෙ.
ප්‍රථමයෙන් ඔලිම්පික් ගිය සියළුම දෙනාටම සුබපැතුම්. ලංකා රජයෙන් කියන ලොකු ගණන් ගැන හීන මවාගන්න එපා. රජය ලොරි ටෝක් තමයි දෙන්නේ. අඩුම ගණනේ ඔබලාව පිළිගැනීමක් කරන්නත් සල්ලි නැතුව ඉන්නේ. මේ වගේ ලොකු කතා අහලා දැන් ඇතිවෙලා ඉන්නේ. ඔබලාට සදා ජයවේවා...!!!
ඉතාම හොඳ තීරණයක්... අනෙකුත් ක්‍රීඩකයෝ තවත් උනන්දු වේවි.. ඒ විරුවන්ට අපේ ප්‍රණාමය...!!!
හොඳ වැඩක්
සුබ පැතුම්
නියම තීරණයක්. ලෝකේ පිළිගැනීමක් නැති රටවල් 12ක බෝල ගැහිල්ලට වඩා මලල ක්‍රීඩාව දිරිගැන්වීම හොඳ තීරණයක්...