මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා දිවෙන උඩරට පිවිසුම් මාර්ගය සෑදීමට තුන් වැනි වරටත් මුල් ගල තැබීය.
2010 පෙබරවාරි 19 වැනි දා සහ 2014 ජනපතිවරණ සමයේ ද උත්සව පවත්වා මුල්ගල් තබා සමරු ඵලක නිරාවරණය කළත් මාර්ගය ඉදි නොවීය.
පළමු වරට හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනවිරත්න මහතා අතින් ද, දෙවැනි වර හිටපු අගමැති දි මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ද මුල් ගල් තැබිණි.
සිකුරාදා (22) තෙවැරි වරටත් මුල් ගල තැබුණේ ඇමැති කබීර් හෂීම් මහතා විසිනි.
මුල්ගල තැබීමේ උත්වස තුන සඳහා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වැය වන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මුල්ගල් වලට වියදම් කරන සල්ලි වලින් ඔය පාලම අලුත් වැඩියා කළානම් මෙලහටත් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. (බ)
බොරුවට මහජනයා රවට්ටනවා. මොනවා හරි හේතු දීලා පාර්ලිමේන්තුව විසුරවන එක කල්දාගන්නවා. (ර)
මමත් ඔය පාර අසල ජීවත් වුන කෙනෙක් ,පාර හදන්න හතරවැනි මුල්ගල තියෙනකොට ඒක ඔය මෝඩයා පාලම ළඟ තබමු ! (බ)
වෙනසක් නැහැ වගේ නේද (බ)
මහින්ද කැලිෆෝර්නියා, මෝඩයා පාලම කියන්නේ ඕකට නොවෙයි. මීට ටිකක් එහාට වෙන්න හෙම්මාතගම පැත්තට වෙන්න තියෙන බෝක්කුවට. තවමත් ඒක හරියට බැඳගන්න බැරිවෙලා. තවම වැස්සට කඩාගෙන යනවා. (නි)
මේ ඡායාරූපයේ තියෙන සපත්තු පාලම හදලා විවෘත කළේ බණ්ඩාරනායක මහත්තයා. එදා සිට අද වෙනතුරු මෙයට කිසිම අලුත්වැඩියාවක් අවශ්‍ය වුණේ නැහැ. (නි)