(සමන් විජය බංඩාර)
පළාත් පාලන මැතිවරණයේදි මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ ලැබි ඇති ප‍්‍රතිඵල අනුව බලය පිහිටවීමේදි අර්බුදකාරි තත්ත්වයක් ඇති වන බව දේශපාලන ආංරචිචි මාර්ග පවසයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 16 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 16 ක් ලෙස තේරි පත් වි ඇති අතර මෙම පක්ෂ දෙකේ ජන්ද පරතරය 830 කි. ඒ අනුව වැඩි ජන්ද එජාපය ලබා තිබුණත් සභික සංඛ්‍යාව 16 ලෙසින් පක්ෂ දෙක සමානව ලබා ගෙන ඇත.
එමෙන්ම මෙම ජන්ද ප‍්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 5 දෙනෙකු තේරි පත් වි ඇති අතර ජනතා විමුක්ති පෙරමුණෙන්, ස්වාධින කණ්ඩායම් 1 සහ ජාතික ජනතා පක්ෂයෙන් යන පක්ෂ එක් සභිකයකු බැගින් තේරි පත් වි ඇත.
ඒ අනුව එජාපයට හෝ පොදුජන පෙරමුණට බලය පිහිටවිමට නම් අන් පක්ෂ වල සහාය ලබා ගැනිමට සිදු වන බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වන්න රනිල් මහතා එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු ටිකත් විනාස කරනවා