(වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර)
මහියංගණ පොලිස් වසමට අයත් කෙසෙල්පොත ඉකිරිගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මවක් හා ඇගේ දියණිය සැක කටයුතු ලෙස මිය ගොස් සිටියදී සොයා ගත් බවමහියංගන පොලීසිය පවසයි.
සිද්ධීයෙන් මියගොස් ඇත්තේ මහියංගණ කෙසෙල්පොත අංක 129 , කොලොන්බැද්ද, ඉකිරිගොඩ පදිංචි ඩී එම් හීම්මැණීකා (59) සහ ඩබ්ලිව් එම් රේණුකා (40) නැමැති ඇගේ දියණියකි.
මියගිය කාන්තාවගේ දරුවෙකු විසින් දෙන ලද දුරකතන ඇමැතුමකට අනුව එහි ගිය මහියංගණ පොලීසියේ නිලධාරිහු පිරිසක් සිය නිවස තුල මියගොස් සිටි මෙම දෙදෙනාගේ මළ සිරුරු හදුනාගෙන ඇත.
මොවුන් කෙසේ මියගොස් ඇත්දැයි තවමත් අනාවරණය වී නොමැත.
මෙම දෙදෙනා මියගොස් සිටි නිවස ඉබි යතුරු දමා අගුල්දමා ඇති අතර අද (21) දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතය.
මහියංගණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය හේතුව හොයාගන්න බැරි තරමට අපේ අධිකරණ වෛද්‍ය ක්‍රියාදාමයන් දැන් පිරිහීමට පත්වෙලාද?හරිම කණගාටුයි.