රජය වගා ළිදෙනුත් බදුගන්නවාලූ හෙට අනිද්දා මවුකිරිවලටත් බද්දක් අයකරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හොරණ පෝරුවදණ්ඩ විහාරස්ථානයේදී පැවැසීය. ළිඳක් කැපීමට පෙර බලපත‍්‍රයක් ගත යුතුබව ඇමැතිවරයකු කීවා. වගා ළිඳෙන් රුපියල් 7500-15000 අතර බද්දක් ගන්න යනවා. රජයට ඇත්තේ බදු ගායක්.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි. බදු නැතුව කොහොමද මහත්තයෝ රටක් දියුණූ කරන්නේ? (නි)
ලංකාවේ රාජ්‍ය සේවයේ සැළකිය යුතු වෙනසක් තාම නැහැ. සුද්දා 1900 ගණන් වල මුල් කාලේදී පවත්වාගෙන ගිය සේවා තමා තාම තියෙන්නේ. ඒ වුණාට බදු මුදල් වල වැඩි වීම නම් කිසි අඩුවක් නැහැ. තැපැල් සේවය උදාහරණයකට ගත්තොත් ලෝකේ අනිත් රටවල් වල තියෙන එක්ස්ප්‍රස් මේල් සර්විස්, මේල් ට්‍රැකින්ග් වගේ සේවා.... ඕවා ලංකාවේ තැපැල් සේවකයෝ දන්නේවත් නැහැ. ඕවා ගැන කිව්වහම එයාලා අහනවා එහෙම දේවලුත් ලෝකේ තියෙනවද කියලා. (නි)
පුරන්අප්පු චිත්‍රපට ගීතය මතක් වුණා "තනේ තිබෙන කිරි ටිකටත් බද්ධක් ගහන්න වේවිද ඉදිරි දිනේ "..(ස)
මේ සියලු දේටම වග කියන්න ඕනෑ යූඑන්පී එකයි. (නි)
එතකොට මහත්ත්යො කවුද මවු කිරි මනින්නෙ හම්බන්තොටින්ම කට්ටිය ගමු
හැමෝටම කඹ හොයාගන්න වෙයි ළගදිම එල්ලෙන්න. (නි)
බලන්න වටින වීඩියෝ එකක් මෙන්න. http://www.youtube.com/watch?v=8qKQPaixcxc (නි)
සොයා නොබලා කතා කරලා පස්සේ සවුත්තු වෙන්න තමයි වෙන්නේ. (නි)
මෙහෙම කතා කිවුවා කියලා ආණ්ඩු පෙරළන්න බැහැ මහත්තයෝ. (නි)
හොඳයි (ස)
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි... මාතෘ භූමියයි.... (නි)
අපි වවමු අපි වැනසෙමු කෝ දේශප්‍රේමී අයගේ අදහස් නැද්ද? (නි)
වගා ළිදකට නම් 15000ත් මදි. මොකද වගා කරන්නේ අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන අයනේ. (නි)
කොහොමත් මේ ගොල්ලෝ ලඟදිම හොට බිම ඇන ගන්නවා. සුද්දොවත් නොකරපු දේවල් තමයි මෙයාල කරන්න හදන්නේ (ස)
මේක මවගේ කිරි වලට කරපු අපහාසයක් නේද? (නි)
බුද්ධිමත් දූරදර්ශී කෙනෙක් නායකකමට එනකල් ශ්‍රී ලංකාව හදන්න බැහැ. (නි)
ඕවා බොරු කතා අනේ. (නි)
රජයට විරුද්දව දෙයක් කිව්වමද කොහෙද, ඔබතුමා රජයට වැඩිය මොකුත් කියන්නෙ නැහැනේ. පුදුමෙ නිකමට හරි මෙහෙම දෙයක් කිවුවා එකයි. විපක්ෂයේ නායකකම ඉල්ලනවා, ඊට කලින් නියම විදිහට අවංකව මහජනයා වෙනුවෙන් කතා කරන්න, කොහොම වුණත් අපට ළඟදීම බලු බද්ද, සෙරෙප්පු බද්ද, ඇඟ බද්ද ඇතුළු මෙකි නොකී සේරම බදු ගෙවන්න වෙයි. තුනෙන් දෙක දීලා බලාගෙන ඉමු, ඒගොල්ලා කරනකල්. (නි)
ඉස්සරණම් ශ්‍රී ලංකා ...දැන්නම් චී ලංකා....ජය වේවා !! .....අ- මරණීයයි (ස)
එතකොට වැසිකිළි වළට? (නි)
කටට එන පළියට කතා නොකර නූවණින් විමසා බලා කතා කළොත් නරකද....? (නි)
නරකම නෑ. මොකද අද වතුර කියන්නෙත් පෙට්‍රල් වලටත් වඩා වටිනා දෙයක්නේ (ස)
අරගෙන තියෙන ණය ගෙවන්නේ කොහොමද නැතුව (ස)
ලංකාවේ ඉන්න බහුතර මෝඩයන්ගෙන් අසූචි වලටත් බදු ගන්න ඕනෑ. ඔහොම යමුකෝ. (නි)
කොහොම බදු ගත්තත් ලොක්කෝ බේරිලා. අපිට තමයි ඉතිං.... (නි)
මෙහෙම ගියොත් කට්ටියටම ඉක්මනටම ගෙදර යන්න වේවි (ස)
මම හිතන්නේ ඇමතිතුමන්ලාගේ පවුල් වල රක්ෂණය වැඩි කරන්න සල්ලි නැතුව ඇති. ඒකයි මේ. (නි)
ඇමති මණ්ඩල නඩත්තු කරන්න, පෙජරෝ වගේ සුපිරි වාහන වලට ඉන්ධන ගහන්න සල්ලි උඩින් වැටෙන්නේ නැහැනේ. (නි)
බුදු අම්මෝ අපි නැතෝ (ස)