(ශාන්ත කුලරත්න)
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨසයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා සිය මවට හා මාමාට මරණ තර්ජනය කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
මෙම මරණ තර්ජනය සිදුකරන අවස්ථාවේදී අදාළ අපේක්ෂකයා සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
දැඩිගමුව කොට්ඨාසයට තරග කරන හිටපු නාගරික මන්ත්රීවරයකු සංවිධානය කළ රැස්වීමකට තමා සහභාගීවූ බවට ඊට විරෝධය පළකරමින් තම පුත්රයා මෙසේ තර්ජනය කර ඇති බවටත් ඔහුගේ මව කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද ඔය පොහොට්ටු පක්ෂේ අය ඔහොම තමා,
පත් වෙන්නකළින් අම්මට ඔහොම සද්ද දානවා.....පත් උණාට පස්සේ විරුද්ධවාදීන්ට කොහොම සළකයිද?
බොහොම හොඳ ඡන්දය දීමට වටිනාම පුද්ගලයෙක්. ලොකුම සුදුසුකම තමා වැදූ මවට මරණ තර්ජන එල්ල කිරීම. මෙයාට ඡන්දය දෙන උදවියට නිර්වාණය,හා දෙවියන් වහන්සේට ඉක්මනින්ම ළඟාවීමේ වරම ලඟා වේවා.
නියමයි එහෙම තමයි ඉන්න ඕනා.අම්මගේ තාත්තගේ නැන්දගේ මාමගේ බෙල්ල කරකවල දාන්න විරුද්ධ පක්ෂවල රැස්වීම්වලට ගියොත්.
ලජ්ජා නැති අම්ම කෙනෙක්. තම පුතාට වඩා වෙන එකෙක් ලොකු උනේ කොහොමද. මවු පදවියට නිගාවක්. උන්හපුලුවටත් වඩා අන්ත ගැහැනියක්.
මේ පැමිණිල්ලත් අම්මගේ සහාය ලබන විරුද්ධවාදියකුගේ ගැටයක්ද දන්නේ නෑ. රැස්වීමට ගියා කියා පුතෙක් බැන්නට අම්මා කෙනෙක් පොලිසි යයිද පෙළඹවීමක් නැතුව ?
ඔය එළිවෙන්නේ පොහොට්ටුවන්ගේ තරම!
ඇමරිකාවේත් ඔහොම තමයි. ට්රම්ට්ට ජන්දය දුන්නා කියලා හිලරිගේ මිනිස්සු ගොඩක් මිනිස්සුන්ට ගහලත් තිබ්බා. තව එක අම්මා කෙනෙක් ළමයව එළියට දාලා තිබ්බා ඉස්කෝලේ තියෙන සෙල්ලම් ජන්දයේදි ට්රම්ට්ට ජන්දය දුන්නා කියලා. ඇමරිකාවේ ජන්ද මීට වඩා හපන්. ජොබ් නැති වෙන්න හිටන් පුලුවන්.