කෑමවලට වස මිශ්‍ර කරදී මව, පියා හා සහෝදරිය මරා දැමූ තරුණයකුට එරෙහි නඩුව ලබන 19 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය තීරණය කළාය.
වැල්ලවත්ත මහල් නිවාසයකදී විස සහිත ආහාර කෑමට ලබාදී සංගලි කුමාරස්සාමි (පියා), අයියප්පන් පුමදි (මව) හා කුමාරස්සාමි අනීතා ප්‍රියා (නැගණිය) යන තිදෙනා මරා දැමීමට සැකපිට 2012 දී කොටගල ක්ලෙයාර් වත්තේ පදිංචි කුමාරස්සාමි ප්‍රශාන් ඩෙරික් නමැති සැකකරු අත් අඩංගුවට ගැනුණි.
දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සැකකරු කලකට පසුව මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් කරලා රුපියල් 25000ක් අප ගෙවා එලියට ඇවිල්ල ජොලි කරන්න පුළුවන් නියම රටක් තමා අපේ ලංකාව. (බ)