හම්බන්තොට රෝහලේ හය වැනි මහලෙන් බිමට වැටුණු මවක එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.
ඇය දින කිහිපයකට පෙර දරුවකු බිහි කළාය.
රෝහලේ අඩුපාඩුවක් නිසා ඇය බිමට නොවැටුණු බව රෝහල් අධිකාරීහු කියති.
ඇය උඩුමහලින් පැන්නාදැයි සොයා බලන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මව උඩුමහලින් බිමට වැටිලා
දුමින්ද Monday, 25 May 2015 10:17 AM
කව්රු හරි කියාවිද හම්බන්තොටට බිමට වැටෙන්න තරම් විශාල රෝහල් හදපු එක වරදක් කියාලා (බ)
චාන්දනී Monday, 25 May 2015 10:29 AM
ඇතැම් මව්වරු මේ විශාධය තත්වය යටතේ අලුත උපන් බිලින්දව පවා ප්‍රතික්ෂේප කරනවා, ප්‍රසුතියෙන් පසු මවක් ගැන අවධානය ඉතා වැදගත් . කල්පනාවෙන් සිටියොත් මේ තත්වය අඳුනා ගන්න පුළුවන්. මගේ ඥාති කාන්තාවක් මේ තත්වයට පත් වුණා. තුන්වන දරු ප්‍රසුතියෙන් පසුව ඇය දරුවාට කිරි දීම පවා ප්‍රතික්ෂේප කළා. (බ)
පහන් Monday, 25 May 2015 10:31 AM
ඔව් සජිත චමල් දියුණු රටවල මානසික රෝගීන් සදහා ඔවුන්ගේ කැපවීම ඉතාම ඉහලයි .අපේ බලන ඉන්නේ හිනා වෙන්න .මානසික රෝගීන් යනු අවධානය සහ උපකාර ප්‍රතිකාර ලැබිය යුතු අය.අනිත් රෝගීන් වගේමයි .(ම)
හසන්ත Monday, 25 May 2015 10:32 AM
දුමින්ද මෙතනටත් මෝඩ විහිලු සපයනවා. (ම)
සත්‍යයා Monday, 25 May 2015 10:20 PM
සංවර්ධනය කියන්නේ අධිවේගී මාර්ග, සාප්පු සංකීර්ණ හෝ දෙමහල්, සිව්මහල්, සත්මහල් ගොඩනැගිලි හැදීම පමණක් නොවෙයි. මේවා නිර්මාණය කළේ මිනිසා වෙනුවෙන් නම් ඒ ගොඩනැගිලි වල ප්‍රතිකාර ගන්නා අයගේ ආරක්ෂාව ගැන පරිපාලන මට්ටමෙන් මෙන්න මෙහි අදහස් දැමු වෘත්තීය දැනුමකින් යුත් මහත්ම මහත්මීන් පෙන්වාදෙන පරිදි මානසික ආතතීන් ගැනද සොයාබැලිය යුතුයි. මෙය දේශපාලනයට අයත් දෙයක් නොව වෘත්තීය පදනමකින් යුත් සමාජ ආචාර ධර්ම පද්ධතියක් තුළින් සිදුවිය යුතු දෙයක්. (නි)
සෙනරත් බණ්ඩාර Monday, 25 May 2015 10:48 AM
කවද්ද මිනිස්සු දේශපාලනය අයින් කරලා මේ ප්‍රශ්න දිහා හොඳ ඇහැකින් බලන්නේ. චාන්දනී සහ චමල් ගේ අදහස් වලට මම ගරු කරනවා. එයින් අපට වැදගත් යමක් දැනගන්නට හැකියාව ලැබුණා.(අ)
රණතුංග Monday, 25 May 2015 11:35 AM
මේකට කියන්නේ පසු ප්‍රසූති විෂාදය කියල. (ස)
පියලාල් Monday, 25 May 2015 12:01 PM
නැහැ, නැහැ දුමින්ද. අපි කියන්නේ 6 වෙනි මහල ගර්භනී මාතාවන්ට වෙන්කළ එක වරදක්. (නි)
සහන් Monday, 25 May 2015 12:08 PM
හඳුනාගන්න ,දුමින්ද කියන්නේ මානසික රෝගියෙක්. මෙතන තිබෙන මානුෂික ප්‍රශ්නය ගැන හිතන්නේ නැතුව දේශපාලනය දොඩවනවා (නි)
විමුක්ති Tuesday, 26 May 2015 02:37 AM
මෙම මානසික ආතතිය ප්‍රසුතියෙන් පසු නොව සායනයට ගියදා පටන්ම ඇති වේ.ඒ මන්ද අනවශ්‍ය පරීක්ෂණ[පිරිමි වෛද්‍යවරු කරන කාන්තා වෛද්‍යවරු නොකරන පියයුරු පරීක්ෂණය වැනි] පිරිමින් විසින් සිදුකරමින් මවුවරු ලිංගික සුරාකෑමට ලක්කරයි.අප විසින් සිදුකළ පරීක්ෂණයේදී මවුවරු පැවසුවේ වෙනත් පිරිමියෙකු ඉදිරියේ තම රහස් ප්‍රදේශ පෙන්වීම පපුව පැලීම වැනි වේදනාවක් බවයි.ඉතින් මානසික ආතතිය ඇතිවේ.අතීතයේ බොහෝ දරුවන් ප්‍රසුත කළද මෙවැනි රෝග නොතිබුණි. (නි)
සඳුන් Tuesday, 26 May 2015 02:48 AM
චමල් සහ රණතුංග මේකේ බටහිර වෛද්‍ය මතය කියලා තියෙනවා. අයුර්වේදයේ වැදු ගෙයි සන්නිය කියන්නේ මේක වෙන්න ඇති. දුමින්දට තියෙන්නේ මොකක්ද කියලා නම් හිතාගන්න බැහැ. (නි)
මොහාන් Monday, 25 May 2015 01:14 PM
දුමින්ද මෙතනත් හදන්නේ අප්පච්චිට ලකුණු දාන්න. මානසික රෝගියෙක්. (නි)
ජිලෝ Tuesday, 26 May 2015 05:08 AM
සඳුන්, දුමින්දට හැදු ගෙයි සන්නිය ද කොහෙද? මේ වගේ මානුෂික තත්වයක් දේශපාලනයට ආඳ ගන්න යනවා. (ම)
චමල් Monday, 25 May 2015 09:19 AM
ඉක්මන් සුවය. ඇය පැන්නා නම් ඒ Post delivery syndrome කියන තත්වය නිසා වෙන්න පුළුවන්. එය ඕන මවකට එන්න පුළුවන් මානසික ආතතියක් කෙටි කාලයකට (නදී)
ෙමාහාන් Monday, 25 May 2015 09:27 AM
මවක් දරුවකු බිහිකර වසරක් පමණ යන තෙක් ඇය ගැන සෙවිල්ලෙන් සිටිය යුතු වෙනවා. මානසික ආතතිය සහ හෝමෝන වෙනස් වීම නිසා ජීවිතය එපා විය හැකියි. (නදී)
සජිත් Monday, 25 May 2015 10:06 AM
ඉතාමත් වැදගත් දෙයක් චමල් කියල තියෙන්නේ. අපේ රටේ මේ වගේ මානසික තත්ත්ව ගැන මීට වඩා හොද අවබෝධයක් දෙන්න ඕනි.(ම)