දේශපාලන ක්ෂේත්‍රයේ වරින් වර විවිධ චරිත මතුවෙයි. හිටපු ඇමැති ජීවන් කුමාරතුංගගේ දියණිය මල්ශා කුමාරතුංග ද වරින් වර කතා බහට ලක්වූ චරිතයකි.
මහ ඇමැති ප්‍රසන්නට එරෙහිව පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකට ඇය ද සහභාගී වූවාය. ඇය ඊට ඇඳගෙන ආ ඇඳුම ගැන ෆේස් බුක් ඔස්සේ විවධ චෝදනා එල්ල විය. ඇය රාත්‍රී සමාජ ශාලාවට යන ගමන් මාධ්‍ය සාකච්ඡාවට පැමිණි බව ද සමහරු කීහ.
ඒ චෝදනාවලට මල්ෂා පිළිතුරු දෙන්නේ සර් ජෝන් ලබෝක් ගේ ප්‍රකාශයකිනි.
ඇය චෝදනාවලට පිළිතුරු ලෙස ඇය ඇඳගෙන ආ ඇඳුම සම්පූර්ණයෙන් පෙනන ඡායාරූප දෙකක් ෆේස්බුක් පිටුවේ පළ කර ‘අපිට පේන්නේ අපි බලන දෙයයි.‘ යනුවෙන් සර් ජෝන් ලබොක්ගේ ප්‍රකාශය ද සටහන් කර තිබේ.
(මල්ශාට එරෙහිව ෂෙයාර් කර තිබූ ඡායාරූපය)
(පිළිතුරු ලෙස මල්ශා එක් කළ ඡායාරූපය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවැනි පින්තුරය හොදම උදාහරණයක් දේශපාලකයන්ගේ දරුවන්ගෙන් කව්ද දේශපාලනයට ගෙන ආ යුත්තේ කියන එකට. එහා පැත්තේ වාඩිවෙලා ඉන්න හිරුනිකා බුද්දි මට්ටම හැරෙනකොට අනිත් හැම අතින්ම මල්ශාට සමානයි. ඉතින් ඡන්ද දායකයින් වන අපි දැනගන්න ඕන බුද්දීමතාව තෝරාගන්න. තැනට ගැලපෙන ඇදුමක් අදින්න දන්නේ නැති පිස්සු හොල්මන් පාර්ලිමේන්තුවට යවලා ඇති වැඩේ මොකක්ද? (නදී)
මල්ෂලාගේ කඳ ලංකාවේ තිබුනට ඔලුව තිබෙන්නේ බටහිර. මෙයාලා අපේ රටේ ඉහලට ආවොත් ගමේ නංගිලා මල්ලිලාට අබ සරණයි ! (ස)
කෙනෙකුගේ ඇඳුම් පැළඳුම් වගේ පුද්ගලික දේවල් ගැන කතාකරන්න වෙනත් අයට අයිතියක් නැහැ . නමුත් කාට හරි පහර ගහන්න, එහෙම නැතිනම් විවේචනය කරන්න යනවානම් "ඕවා දෙනු පර හට , තමා සම්මතෙහි පිහිටා සිට " යන ආප්තෝපදේශය පිළිපැදිය යුතුයි. (ර)
ඉතින් මෙයාගේ ඇඳුමේ ඇති වරද මොකක්ද? (නි)
ඉන්දියාවෙන් ඇවිල්ලා එයාලට ඡන්දෙ දෙන්නේ නැහැනේ... (නි)
අපේ අයට මොළේ හොඳ නැද්ද? කවුරුහරි මොනවාහරි කළොත් ඒකට ජාතියයි ආගමයි ගාවගන්නවා... (නි)
ඉතින් මේකේ ඇති වරද මොකක්ද? (නි)
සාකච්ඡාවේ මෙම ඇඳුමට වඩා දැනුමේ නිරුවත පෙනෙන්නේ ඇය කී දෙය ඇසුවාමයි. තාත්තට දුන්නේ "ලියුම් කවරවල සීල් තියන ඇමතිකමලු." සන්නිවේදන ලෝකයේ තැපැල් ඇමතිකම කොපමණනම් දුරට බලගන්වන්න පුලුවන්ද කියලා තේරුම් ගන්න එම ඇමතිකම බුද්ධිමතෙකුට දීලා බලන්න ඕනෑ. ලංකාවෙහි හැම ගෙදරකටම සම්බන්ධතා ජාලයක් තියෙන වෙන අමාත්‍යංශයක් නැහැ. මේක තේරුම් ගන්න බැරි දුවණියන් "දැනුම තියෙන දුවණියන්ට" තැන දී ඉවත්වීම තමා යහපත්. (නි)
අන්තර්ජාලයේ තිබෙන ෆොටෝ දැක්කහම නම් හිතෙනවා අපි මෙහෙම අයවද ජනතා සේවයට පත්කරගත්තේ කියලා (නි)
මේ විකාර නිසා මේගොල්ලෝ නිකම්ම ප්‍රසිද්ධ වෙනවා. මමත් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලවත් දන්නේ නැහැ. කොහොම නමුත් විජය කුමාරතුංග හැර නළුවෝ, කලාකාරයෝ, ක්‍රීඩකයෝ දේශපාලනයට ආවා කියලා රටට වෙච්ච සුගතියක් නැහැ. මේගොල්ලන්ට මනාප නොදී ඉමු (නි)
බලන් කඩතුරා හැර දෑසේ! කන්න ඕනෑවුණහම කබරගොයත් තලගොයා වගේ පේනවනේ. මෙයාගේ ඇඳුමේ කිසි වරදක් පෙනෙන්නට නැහැ. මුළු ඇඟම ආවරණය වන පරිදියි ඇය ඇඳුම ඇඟලාගෙන ඉන්නේ. (නි)
ඕකත් ඇවිල්ල එක්තරා වෙළද දැන්වීමක්. (ර)
වරද ඇත්තේ ඇදුමේ නොව බලන කැත බැල්මේය.(නදී)
කොච්චර හොද ඇදුමක්ද...(ර)
මේ ඇඳුම මට නම් නියමයි (නි)
මේ දේවල් වලට දැන් දොස්කියලා වැඩක් තිබෙනවද? පත්කරගත් අම්බරුවන්ට මඩු වලිගෙන් තලනවා මිස. (නි)
ඡන්ද දායකයන්ට ඇහැට කනට කලගුන සැලකීමක්ද ? (නදී)
මෙතන ප්‍රශ්නේ මේකයි. මේ ළමය ඇදන් ඉන්න කලිසම හමේ පාටම නිසා පලවෙනි පින්තුරෙන් කවුරුත් හිතුවේ ඉන්නේ අද නිරුවතින් කියලා. දෙවැනි පින්තුරේ දැක්කම තම කට්ටියට තේරෙන්නේ මොකද වුනේ කියලා. දැන් බොරුවට හු තිබ්බ අයට වමරගන්න බැරිවයි ඉන්නේ..(හේ)
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වගේ පේනවනේ. මෙයාගේ ඇඳුමේ කිසි වරදක් පෙනෙන්නට නැහැ. මුළු ඇඟම ආවරණය වන පරිදියි ඇය ඇඳුම ඇඟලාගෙන ඉන්නේ. සමහර පුතාලා රටේ ඉන්න ගණිකාවොත් එක්ක බලුකමේ යන ෆොටෝ ඕනේ තරම් අන්තර්ජාලයේ තියනවා බාගෙට නිරුවත්ව දළදා මාලිගාව ඉදිරිපිට එලිවෙනම් නටපු ඒවා අපි එළිපිට දැක්කා. මේවා ගැන කට අරින්න කව්රුවත් නැහැ. ඒවා දැක්කම නැට්ට දෙපරන්දේ ගහගන මේසය යටට රිංගන අය තමයි වැඩිය ඉන්නේ (නදී)
බොහොම ඉස්සර හිටපු මෝඩ රජෙකුට කපටි මිනිසුන් කට්ටිටියක් ඉතාම වටිනා ඇඳුමක් වියලා දෙනවා කියල සල්ලි ගොඩක් අරගෙන (ඇඳුමක් වියලා නැහැ ) , ඇඳුම අන්දනවා වගේ බොරුවක් කරලා කිව්වලු ඇඳුම මෝඩයන්ට පෙනෙන්නේ නැහැ කියලා. රජ්ජුරුවොත් අර ඇඳුම ඇන්ද කියල හිතාගෙන නිරුවතින් පාරේ ගියාලු. මේකත් ඒ ඇඳුම වගේ මෝඩයන්ට පෙනෙන්නේ නැති එකක්. ඔය ඇඳුම අන්දැයි, නැතැයි කියල පෙනෙන්නේ නැහැ. ඕව ඇඳලා එන්නේ අපිව ගොනාට අන්දන්නද. සමහර නොදියුණු රටවල ගැහැණු අැඟේ නූල් පොටක් නැතිව සායම් තවරාගෙන ඉන්නවා. (නදී)
නිමාෂා ඒ දවස්වල ඇමති කෙනෙක්ට සීල් එකක් ගහන්න ලැබුන නම් එ්කත් ලොකු දෙයක්. මොකද ඒ අය ඇමති පුටුවේ හිට්යේ නමට විතරයි (නදී)
අනේ අපිත් ඡන්දෙ දෙනවනේ (නදී)
නංගි, ඕවා ගණන් ගන්න එපා.ඕවට ඔයා තරහා ගත්තොත් ඉඳලා හිටලා හරි ඔයාව අපිට බලන්න තියන එකත් නැතිවෙනවා. (නි)
ගොඩක් ඇමතිවරුන්ගේ දූවරුන් පුතුන් ඉගෙනගන්නේ අන්තර් ජාතික පාසල් වල. ගොඩක් අය විදේශ රටවල ඉන්නේ. මෙයාලා අපේ රටේ සංස්කෘතිය ගැන කිසිම හැඟීමක් නැහැ. මෙයාලා දේශපාලනයට ඇවිල්ලා රට විනාශ කරනවා. අපේ රටේ පයගහලා හැදුන ජනතාවගේ දුක හඳුනන අපේ රටේ උගත් තරුණ තරුණියන්ට දේශපාලනයට එන්න මාර්ගයක් නොහැදුනොත් රටට දෙවියන්ගේ පිහිට තමා. (නි)
දේශපාලන කචල් නිසා ගැහැණුන්ට මඩ ගහන්නවත් චරිත ඝාතනයටත් වෙබ් අඩවි පාවිච්චි කරන්න එපා. මූහැණු පොතෙන් ඊට වඩා හොඳ දේවල් කරන්න ඕනෑ (නි)
මේකේ මුකුත් පේන්නේ නෑනේ. තව පෙනුනනම් මොනවා නොකියයිද. මේ 21 වන සියවසනේ අායිබෝවන්. (ස)
මෙයා තියා, මෙයාගේ තාත්තවත් , ආච්චිවත් රටට වැඩක් කරපු අයද? මේ ගොල්ලෝ අහිංසක මිනිස්සු උඩින් ජීවත් වෙන්න ඇවිත් ඉන්න කොට්ඨාසයක්නේ. අර පේන්නේ නැත්ද ඒ ගොල්ලොන්ගේ පවුල්වල එක්කෙනෙක් අපේ අහිංසක මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන එංගලන්තේ බල්ලොන්ටයි බැටලුවොන්ටයි බෙහෙත් කරනවා. (බ)
එතැනට ගැලපෙන ඇදුමක් නම් නොවේ (ම)
මෙයා කැමති ඔහොම අඳින්න නම් අපිත් ඔන්න ඔහේ බලලා දැක්කේ නෑ වාගේ ඉන්න ඕක දැක්ක කියල කලබල වෙන්න මොකටද? (ම)
ටිකිරි, ඔය කතාව මමත් අහල තියෙනවා. එම ඇඳුමට කිව්වේ" සීතාම්බර පටය" කියලලු. හැබැයි මේක සීතාම්බර පටයක් නොවෙයිනේ. එහෙම වුණානම් තමයි වැඩේ. අනිත් එක මෙයා නළුවෙක්ගේ දුවෙක් නේද? ඉතින් ඔහොම අඳින එක එච්චර ගණන් ගන්න එපා.අනේ .(ම)
ගහට නැඟලා අහුවුණ මිනිහගෙ කතාව මතක්වුණා (නි)
ඇඳුමේ වරදක් අපිට නම් පෙන්නේ නෑ.(හේ)
එතකොට අනර්කලීට චන්දෙ දෙන කට්ටියට මොනාද කරන්න ඕනේ (ම)
ඉතින් අපේ බුද්ධිමත් ජනතාවට පුළුවන් මෙයා ජනතා නියෝජිතයෙක් විදියට පත් කරන්නනේ නැතිව ඉන්න. හැබැයි ඉතින් පක්ෂේ මාරු කළාම හොඳ වෙන්න බෑ ඔන්න.(ම)
ලංකාවේ මිනිස්සුන්ට මීට වඩා ප්‍රශ්න නැත්ද.? (ර)
මේ ගොල්ල ලංකාවේ ජීවත් වුණාට හැම දෙයම කරන්නේ බටහිර විදියට. මේ ගොල්ලන‘ පත් කරලා යවල මහජනයා මොනව බලාපොරොත්තු වෙන්නද. තැනට ඕන විදියට ඇඳුමක් වත් අඳින්න ඉස්සරවෙලාම කියා දෙන්න වේවි.(ම)
බලන්න පළමු ඡායාරූපය හරිම වැදගත් සීලාචාර ඇදුමක්. දෙවැනි ඡායාරූපයෙන් තමයි ඇගේ යටි අරමුණ, තමන්ගේ අගපසග විරුද්ධ ලිංගිකයකුගේ නෙත් රාගයෙන් මත්කර තමන් ලග තබාගතහැකි බව තවත් ගැහැණියකගේ නෙතට සිතට වදයක් කිරීම.ඕක නියම ගැහැණු ගතිය.ඒ ගැහැණිය එසේ දැවෙන අතර මෝඩ පිරිමි රාගය නමැති ගිනිවලට වැටී දැවී යනවා (බ)
මේ ඇඳුම ලස්සනයිනේ ඉතින්! (නි)
අනේ මේ වගේ අයට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනා (නදී)
ලස්සන ඇඳුමක්නේ! (නි)
ඇඳලා ඉන්නේ කලිසමක්....(බ)