(සිරාජ් හසීම්)
අවසන් යුද සමයේ මියගිය කොටි සාමාජිකයින් ඇතුළු දෙමළ ජනතාව සිහිකිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මුදල් වලින් මෙම ස්මාරකයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් මෙම ස්මාරකය ලබන 18 වැනි දා ට පෙර ඉදිකර අවසන් කිරීමටත් මහා ශිෂ්‍ය සංගමය සැලසුම් කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්රිෂ්ණ මේනන්ගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල කලා මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.
2009 මැයි 18 වැනි දා මුලතිව් මුල්ලි වයික්කාල්හි පැවති අවසන් යුද්ධයෙන් මියගිය සාමාන්‍ය සිවිල් ජනතාව ඇතුළු කොටි සාමාජිකයින් සිහිකිරීම වෙනුවෙන් සිදුකරන මුල්ලිවයික්කාල් සැමරුම නිමිත්තෙන් මෙම ස්මාරකය ඉදිකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වාර්තා කරන සිරාජ් හසීම් මහත්මයාණෙනි. මෙහි කොටි සාමාජිකයින් නොව කොටි ත්‍රස්තවාදී සාමාජිකයින් ලෙස නිවැරදි විය යුතුය්.
සංහිඳියාවට ඉඩදී බලා ඉඳිමු.
රටට ආදරයක් නැති දුර්වල නායකයින් ඉන්නකොට, ඔයිට වඩා දෙයක් කළත් පුදුම වෙන්න දෙයක් නෑ හිටන්...
ඇයි අප්පා මහ ශිෂ්‍ය සංගමයේ මුදල් වියදම් කරන්නේ. ජනාධිපතිගෙන් අගමැතිගෙන් ඉල්ලීමක් කළා නම් සංහිඳියාවේ නාමයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඕක කර ගන්න තිබුණා.. ස්මාරකය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා විදියට ගෙන්න ගන්නත් තිබුණා.
කොටි හිතවාදීන් උතුරේ නැගෙනහිරේ සැමරුම් ස්මාරකයක් ඉදිකරනවා, සමරනවා. නමුත් රජය එක්සත් ජාතීන්ට බයෙන් යුද ජය දිනය සමරන එක පහුගිය අවුරුද්දේ සිට නවත්තලා.
විශ්වවිද්‍යාල පිහිටුවීමේදී කොළඹ වැනි දියුණු, එනම් සිසුන්ට හා දේශකයින්ට තම ක්ෂේත්රයේ අධ්‍යාපනය මෙන්ම අත්දැකීම් දියුණු කරගත හැකි ප්‍රදේශයක පිහිටුවීමෙන් තම කුසලතා වර්ධනය කරගත හැකි අතර, රැකියා සඳහා ඉදිරිපත් වීමේදී වඩාත් අවස්ථා වැඩිය. උදාහරණ වශයෙන් ගතහොත් පේරාදෙණියට වඩා ජයවර්ධනපුර. කැලණිය ඉදිරියෙන් සිටියි. අනික් අතින් මෙවැනි ගැටළු සහගත තත්වයන් ඇතිකරලීම වලක්වයි. මෙම තත්වයන්ගෙන් සිදුවන්නේ ජාතියට විනාශකාරී පුද්ගලයින් බිහිකිරීමයි.
දෙමළ මිනිස්සුන්ට දෙමළ අය සමරන්නට දෙන්න බොරු සිංහයෝ වෙන්නේ නැතිව...
අනේ ශ්‍රී ලංකාවට ගිය කලක්...
ත්‍රස්තවාදය නිමකලේ කොයිතරම් අමාරුවෙන්ද? වත්මන් පාලකයින්ට එහි අගයක් නොදැනෙන හැටි... රජයේ මුදල් වලින් නඩත්තුවෙන විශ්ව විද්‍යාලයක රජයේ නිසි අවසරයකින් තොරව එහෙම කරනකන් රජය මොකද කරන්නේ? නැතිනම් දැන් රජය කරගෙන යන්නේ කොටි ත්‍රස්තවාදීන්ද?
යුද්ධයෙන් මියගිය සියල්ල සිහි කරන්න සැමරුම් ස්මාරකයක් හදලා දුන්නා නම් මේ ප්රශ්නය ඉවරයි.
ජාත්‍යන්තරේ ඉල්ලීමට තිස් අවුරුදු සාපයක්ව තිබුණු යුද්ධය අවසන් කිරීමේ මැයි මාසේ යුද සැමරුමත් අමතක කරලා දාන්න නිවට, සිංහල අපිට පුළුවන් වුණාට දෙමල මිනිස්සු එහෙම ලේසියෙන් එයාලගේ මැරිච්ච ත්රස්තවාදීන් අමතක කරන්න සූදානම් නැහැ. ඔන්න ඔය වගේ දේවල් නොදැක්කා සේ ඉන්න ආණ්ඩුවට තමයි අපි කියන්නේ "යහපාලන සම්මුතිවාදී ශක්තිමත් ආණ්ඩුවක්" කියලා...
සංහිඳියාවට බාධාවෙනවා කියලා උතුරේ තියන හමුදා ස්මාරක, කදවුරු, කොටි විනාශකරපු ජල ටැංකිය ආදිය ඉවත්කරන ගමන් කොටි සමරන සැමරුම් මෙයාලා අලුතින් ඉදිකරනවා.. මෙයාලා කරන වැඩවලින් තියන සංහිඳියාවටත් අබසරණයි..
සද්ද කරන්න එපා, සංහිඳියාව !!!
කිසිඳු වරදක් නැත. මෙය ප්රජාතන්ත්රවාදී අයිතියක්... සංහිඳියාව මෙයට අදාළ නැත. මෙම වෛරය දැන්වත් අවසන් කරමු. බුදුන් වහන්සේගේ දේශනයට අනුව.
යුද්ධයේදී මිය ගිය ජනතාව සමරුවට කමක් නැහැ. ත්රස්තවාදීන් සමරන්න නම් දෙන්න එපා. එහෙම කලොත් ලංකාවෙන් පිටත ඉන්න කොටි සංවිධානේ සාමාජිකයොත් යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න කියලා ඉල්ලීම් කරාවි.. ඔවුන් පෙන්වා දේවි ලංකාවේ කොටින් සමරන්න, ස්මාරකත් අලුතින් හදනවා කියලා...
මියගිය සාමාන්‍ය ජනයා සැමරීමට නම් කමක් නැත. ඒත් මියගිය කොටි සමරන්න ස්මාරක ඉදිකිරීමට දීම රටේ ආරක්ෂාවට කෙරෙන තර්ජනයක්. අපේ පැත්තෙන් බලනවිටත් පොඩි දුර්වලකමක් තියෙනවා. රටට හානි කරපු සිංහල රතු ත්රස්තවාදීන් ඒ අයගේ නායකයා සහ රට වැනසූ දේශද්‍රෝහීන්ව විරුවන් ලෙස සමරනවා. ඒ ත්‍රස්ත සංවිධානය නමින්ම මෙරට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයක්ද තිබෙනවා.