ජාතික මලල ක‍්‍රීඩා සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා පැවසීය.
එම ගෙවීම් ලබාදීම පසුගිය පෙබරවාරි මාසයේ සිදුනොවූ බැවින් ඒ සම්බන්ධයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් පැමිණිලි ලැබී තිබූ බව ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා පැවසීය.
ඒ අනුව මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡවකින් පසු සුපිරි සංචිතය ඇතුළු සෙසු මලල ක‍්‍රීඩා සංචිත සඳහා ගෙවීම් ලබාදීම ආරම්භ කිරීමට භාණ්ඩාගාරිකවරයා පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd