මෙම වසරේ දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් මැලේරියා රෝගීන් නව දෙනකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් නව මැලේරියා මදුරුවකු සොයා ගැනීමත් සමග සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මැලේරියා මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
මැලේරියා යනු පරපෝෂිතයකු මගින් ඇතිවන මාරාන්තික විය හැකි රෝගයකි. මෙම පරපෝෂිතයා එක් පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට ගෙනයන්නේ මදුරුවන්ය.
මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් හමු වූ නව මැලේරියා මදුරුවා ඉන්දියාවේ මුහුදු බඩ පළාත් වලින් වැඩි වශයෙන් වාර්තා වන බව මැලේරියා මර්දන ව්‍යාපාරය කියයි.
මෙම මදුරුවා සිමෙන්ති ටැංකි, ළිං, නිවාස ආශ්‍රිත වතුර රඳවන භාජන ආදියේ ද බෝවිය හැකි බව මැලේරිදා මර්දන ඒකකය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd