සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමේ වියදම රජයේ ඇස්තමේන්තුගත වියදම ලෙස රුපියල් මිලියන 915 ක් ලෙස දක්වා තිබුණත් අද වනවිට එය රුපියල් බිලියන 5.4 ක් ලෙස සඳහන් වන බවත් එසේ වී ඇත්තේ එම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට හෝ දියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොතිබියදී බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. එම කමිටුව නිකුත් කළ රාජ්‍ය ආයතන විමර්ශන තෙවැනි වාර්තාවෙන් ඒ බව දන්වා තිබේ.
සම්පූර්ණ වාර්තාව සඳහා http://tinyurl.com/zos6n2z වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම මුළු ලංකාවම හොර ගුහාවක්නේ (නි)
මහින්දගේ කාලේ හොරකම් කළා කියමුකෝ. ඒත් රටේ සංවර්ධන කටයුතු දිගටම කළා. අපේ වගේ රටකට හීනයක් වගේ තිබුනා අධිවේගී මාර්ග ඇතුළු නොයෙකුත් දේවල්. ඊටවැඩිය දේවල් කරනවා කියල බලයට ආ අය දැන් මොනවද කරන්නේ. රටේ සංවර්ධනයත් නැහැ, බඩු මිලත් අහස උසට, මිනිසුන්ට කන්නත් නැහැ. ඒ වුණාට ලොක්කන්ට සුර සැප.
කෝ අර මහින්ද මහතා ළඟ තිබුන ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, එරෝප්ලේන්? (බ)
එදා ඔය විනාශ කරපු මුදල් වලින් දුෂ්කර පළාත්වල පාසල්වල ක්‍රීඩාංගන වලට ක්‍රිකට් තණතිලි ටිකක් , සහ පුහුණු දැල් ටිකක්, අවශ්‍ය කරන ක්‍රිකට් පිති වැනි ක්‍රීඩා භාණ්ඩ ටිකක් හොඳ පුහුණු කරුවෝ ටිකක් යෙදවුවනම් , හොඳ දක්ෂයෝ ටිකක් පිට පළාත් වලින් අද බිහිවෙලා , අද මහින්ද රාජපක්ෂ පිට්ටනියට තරග නැත්තේ , ඒවා බලන්න නරඹන්නෝ නැහැ එතකොට එහෙ මැච් ගහන එකේ ආදායමක් නැහැ . (බ)
මේ ආණ්ඩුවට ඕනෑ නම් ඔය හොරු අල්ලන එක දැන්වත් නොකරන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක්. කොන්ද කෙලින් තියන කෙනෙක් නැද්ද මේ ආණ්ඩුවේ. අඩුම ගණනේ එක නඩුවක් දිගටම කතාකරලා ඉවර කරන්නකෝ, දුන් එක පොරොන්දුවක් ඉටුකළා කියන්නවත්. (නි)
මම දන්නා තරමින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය නවීකරණය කරන්නම මිලියන 915 වැඩිය ගියා. අපේ කුහක මිනිසුන්ට අමතකයි මේ රටේ ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වුණ බවක් (නි)
අපරාදේ අවරුදු දෙකකට කලින් මහින්ද මහත්තය ගෙදර ගියේ එතුමා හිටියා නම් අපිට අනිවාර්යයෙන්ම ඔය හරියේ කැලේ ඇතුලට වෙන්න හිම ක්‍රීඩා කරන්න හිම ක්‍රීඩා ගාරයකුත් හදව ගන්න තිබුන , කැලේ ඉන්න අලි එහෙම එකක් දැකලවත් නැහැනේ , රස්නේ කාලෙට උන්ටත් එකට ඇවිත් ටිකක සනීප අරන් යන්න තිබුන , ඔය වියදම් ගැනනම් කතා කරන්න එපා , ඕවගේ ණය සහ පොලිය ගෙවන්නේ ලබන පරම්පරවනේ ? (අ)
මහින්දගේ කාලේ හොරකම් වංචා සිදුවුනබව රටම දන්නවා. අපි බලන් ඉන්නේ හොරුන්ව අල්ලලා දඬුවම් දීලා ඒ සල්ලි නැවත රජයේ මුදල් ප්රවාහයට එකතුවෙනකම්. වාර්තානම් දැන් ඇති වෙලා තියෙන්නේ. මෙච්චර වාර්තා එලියට එද්දිත් මේ ආණ්ඩුවට ආසාවට බැරි වුනානේ එක හොරෙක්ව අල්ලලා දඬුවම් දෙන්න. එක්කෝ හොරු අල්ලගන්න මේ ආණ්ඩුවට ඕනෑකමක් නැහැ. නැත්තම් හොරු විසින් ආණ්ඩුව අල්ලාගෙන. (අ)
රුපියල් මිලියන 915 මේක හදන්න බැහැ කියල කාටත් තේරෙනවා. (අ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ඕක හදනකොට කිවුවේ හමුදාවේ ඉංජිනේරුවෝ සහ හමුදාව ඕක හදනවා කියලා. ක්‍රීඩාංගන හදන්න ඕනෑ මනුෂ්‍ය වාසයක් කිට්ටුව. අලි ඉන්න කැලේ ඕවා හැදුවම කවුද යන්නේ තරඟ බලන්න. අනිත් එක ඔය පැත්තට හොඳටම පායනවා. පායන කාලෙට ඕකට වතුර දමන්න විතරක් මාසෙකට ලක්ෂ ගණනක් යනවා ඇති (නි)
බර්ලින් සිල්වා, ජර්මනියෙ හිටපු පලියට හැමදෙයම දන්නවා කියලා හිතන්න එපා. පිටරටවල ඉන්න ඔයාලා හැමෝටම තියෙන්නේ ඔයාලා ඔය රටේදි විඳින දකින දේවල් වලින් විස්සෙන් පංගුවක් හෝ ලංකාවෙ ගම්වල ඉන්න දුප්පත් මිනිස්සු විඳිනව දකින්න අකමැති කුහක මානසිකත්වය. මොකද එහෙම වුණොත් ඔයාල ලංකාවට ආවහම ඔය රටේ පුරාජේරුව ඇදබාන්න බැරිවෙන හින්දා. ජර්මනියෙ වුණත් වෙනත් දියුණු රටක වුණත් ශීත සෘතුවෙන් පිටදි හිම ක්‍රීඩා කරන්න එවැනි කෘතිම තැන් හදලා තියෙනවා. ජැමෙයිකාව ඝර්මකලාපීය දුප්පත් රටක් වුණත් ඒ රටෙන් ශීත ඔලිම්පික් වලට ක්‍රීඩකයින් යවනවා. පදක්කමුත් දිනල තියෙනවා. ඇයි අපේ රටේ එහෙම කළා නම් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? ඔයාලා හිතන්නෙ හම්බන්තොට ඉන්නෙ නොදියුණු මිනිස් කොට්ඨාශයක් ඒ අයට නූතන පහසුකම් අකැපයි කියලාද. නමුත් සුද්දන්ගෙ රටේ හැමදාමත් තුන්වැනි ජනකොටසක් හැටියට ඉන්න ඔයාලට වඩා දියුණු මානසිකත්වයක් හම්බන්තොට අවට ඉන්න අපිට තියෙනවා. (නි)
ද සිල්වා-බර්ලින්, හා හා කට කට! කවුද යුද්ධය දිනලා දුන්නේ, ආ? ඔය රුපියලක් දෙකක් වැඩිපුර ගියා කියලා ඔහොම කියන්න කෙළෙහිගුණ දන්නේ නැද්ද? (නි)
ඇබිලිපිටිය අලි ඉන්න කැලේ කපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් සහ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් වැඩි පොලියට ණය අරන් හදන එක මෝඩකමක් බව තවම ඔබලාට නොතේරෙන එක ගැන මම කනගාටු වෙනවා , සාමන්‍යයෙන් ඔය වගේ දේවල් හදන්නේ ජනාකීර්ණ නගර ආසන්නයේ , මම රටේ ලෝකේ ඇවිදලා යමක් දැකල තිබෙනවා , ඔය මුදල් වලින් අඩුම තරමේ ඒදවස්වල කටුනායක ගුවන් තොටුපලට අමතර ධාවන පථයක් වත් හදාගත්තේ නැහැ . (ර)
මහින්ද මහතා කළා කියන හොරකම් වලට ශාක්ෂි නැහැනේ. නමුත් ශාක්ෂි ඇතුව ඔප්පුවී තිබෙන බැංකු මගඩියේ හොරු සහ හොරකමට අනුබල දුන්නවුන් අල්ලන්නේ නැත්තේ ඇයි? කෝ අර මහින්ද මහතා ළඟ තිබුන ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, එරෝප්ලේන්? මහින්දගේ කාලේ හොරකම් කතකරන අය ඒවා තිබෙන තැනුත් දන්නවා ඇතිනේ? (නි)
රටේ අවශ්‍යතාවයන් ඉහවහ ගිහිල්ලා තිබියදී මේ අය රට පුරාම ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න පටන්ගත්තා. යාපනයේ ළමයි අපේ සල්ලි වලින් කොහොමහරි ඉගෙනගෙන රට රැකියාවක් සොයාගෙන රටින් යනවා. අපේ අය විභාග පාස්වෙන්න බැරි වුණාම ත්‍රීවීලර් එකක් අරගෙන පාරට බහිනවා. (නි)
නිහාල්, රොමේෂ්, සිල්වා , මම ඔයාලා තුන්දෙනාගේම කතා අනුමත කරනවා. නිහාල් කිව්වා වගේ අපිට මේ කතා අහලා එපාවෙලා දැන්. මොකද කතා පමණක් නිසා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපිට ආරංචි විදිහට ආණ්ඩුවේ ඉහළම කෙනෙක් හොරු අල්ලන එකට බාධා කරනවා. එ්ත් එයා බලය ගන්න කිව්වේ ආ ගමන් හොරු අල්ලනවා දඬුවම් දෙනවා කියලා. අපිට හරිම හිරිකිත හිතෙනවා මේ දේවල් ගැන. (නි)