රුපියල් මිලියන 1500ක් වැය කරමින් පිළිකා රෝගීන්ට අහිතකර එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධයක් සිදු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංගණය කරමින් මෙම එන්නත් ගෙන්වා ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂය කියයි.
රුසියානු ආයතනයක් මගින් නිපදවන ටැක්සැකැඩ් නම් එම එන්නත ශ්‍රී ලංකාවේදී ‘හර්ටිකැඩ්‘ ලෙස හඳුන්වන බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සේවා විද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුහු කියති.
“මේක අනෙක් රටවල වැඩිය භාවිතා කරන එන්නතක් නෙමේ ඒ නිසා මෙය ප්‍රතික්ෂේප වුණු එන්නතක්. මේක පිළිකා රෝගීන්ට අහිතකරයි කියලා ගොඩක් අය දන්නවා. මේක තවම හඳුන්වාදුන්නා විතරයි. ඒ නිසා මේ එන්නත වෙළඳපොළට නිකුත් කරන්න කළින් තවත් පරීක්ෂණ කරන්න ඕනැ.“ යැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
එම මාධ්‍ය හමුවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.මෙය ඒකාබද්ධ විපක්ෂයේ ‘යහපාලන ටොප්ටෙන්‘ විමර්ශන වැඩසටහන යටතේ ගොනු කළ නව වැනි පැමිණිල්ල මෙය වේ.
( ඩේලි මිරර් ඇසුරිනි - 042)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්ස් එක හන නම් කියන්න දෙයක් නෑ . පේජ් 1 අලුත් පෙනුම ලස්සනයි. ලොකු වෙනසක්. මත විමසුම කරලා නේද දැන්
එහෙම නැතුව කොහොමද නැව් ගන්නේ ? නැවු ගන්න ඉතින් දිනන පැත්තට පැන පැන ඕවා කරන්න වෙනවා