අගමැතිවරයාගේ අතකොළුවක් බවට පත්ව ඇති බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ ආශිර්වාදය ලැබෙන බවට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(6) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.
විගණකාධිපති වාර්තා මඟින් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන්ගේ හොරකම් හෙළි කළ පසුත් එය නිදාගෙන සිටින්නේ මන්දැයි විමසා සිටි මන්ත්‍රීවරයා මර්දනයට එරෙහිව සියලු ජන සටන් එකතු කර ඒකාබද්ධ ජනතා විරෝධතාවක් ගොඩනගන බව ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ කවදත් පක්ෂ නිවැරදි දේට (නි)
හොරු සමග හෙළුවෙන් ඉන්න අයට ගොඩක් රිදිලා වගෙයි. මර්දනයට එරෙහිව නෙමෙයි, වංචාවට සහ දුෂණයට එරෙහිව පක්ෂ පාට තරාතිරම නොබලා දඬුවම් කරන්න කියලා බල කරන සටනකට ලැහැස්ති වෙන්න. හැබැයි එහෙම වුණොත්, අත්වැලටවත් කෙනෙක් නැතිවෙනවා. (නි)
ලජ්ජා නැතිකම ඔක්කොටම වඩා ලොකුයිලුනේ. (නි)
එහෙම නැතිනම් කාගේ ආශිර්වාදයද ඔබ තුමාට ඕනි වෙලා තියෙන්නේ? පහුගිය ආණ්ඩුවේ හිටපු අයගෙද? (බ)
අයර්ලන්තෙන් නෙවේ කොයි දීපන්කරෙන් හරි ගෙවල් තියේ නම් පෙන්නන්න කියල අභියෝග කළාම හැංගෙනවා ඇසළගේ කට්ටිය .පිට් පොකට් ගහපු එකත් මෙන්න හොරා කියල ඉස්සෙල්ලම කෑගහනවා වගේම අරුත් හොරා කියල කෑගහනවා ඒ කට්ටියත් ,වාසුදේව මහත්තය මුල්‍ය විමර්ශන ඒකකයට භය මොකද එච්චර (බ)
අනේ මොකටද මගේ කට! (නි)
අයර්ලන්තයේ ගෙවල් නැත්නම් එහෙ අයට ලංකාවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ගෙවල් දෙනවාද? (බ)
අරයා අරෙහෙ කෑ ගහනවා උතුරෙන් හමුදාව අයින් කරගන්න කියලා.ඒ ගැන හොයලා බැලුව නම් මොකද ඔක්කොටම ඉස්සෙල්ලා. (නි)
අයර්ලන්තේ ගෙවල් අරන් තියෙන අයට විරුද්ධව මුල්‍ය අපරාධ කොට්ටාශයට පැමිණිලි කරන්න ඕනෑම රටවැසියෙකුට නිදහස තියෙනවා. (බ)
මම හිතන්නෙ ඇසල ගහට හෙණ වැදිල වෙන්න ඇති.පසුගිය දවස්වල දිවයින,පුවත්පත කනගාටුව ප්රකශකරල තිබුන අයර්ලන්තෙ ගෙවල් ගැන.සිරස නාලිකාවෙ සටන වැඩසටහනෙ මුසමිලයත් සමග වාදයක් ගියා අයර්ලන්තෙ මාලිගාව ගැන , එ්ව දකින්න නැත්තෙ හෙණ ඇස්දෙකට වැදුනු නිසා වෙන්න ඇති (බ)
අයර්ලන්තයේ හෝ වෙන ඕනෑම රටක ජවිපෙ ට ගෙවල් නැත. ලෝකයේ ඕනෑම පොලිසියකට කියලා හොයන්න (නි)
ඇසළ මහතා කියන්නකෝ බලන්න. හිටපු අයත් අර ඇමෙරිකාවේ අරගෙන තිබුණ මාලිගා අරගෙන තිබුණේ මොනවා හොල්ලලාද කියලා. (නි)
අනේ මෙයාලගේ කතා අහලා අපිට ඇතිවෙලා! (නි)
අනේ වාසු සහෝදරයා, අර ඔයාගේ ඥාතියාව හදාගන්න බලන්න, අන් අය ගැන හොයන්න කලින්. කතාව සමාජවාදය ගැන කෙරුවාව ධනවාදය! (නි)
ඔබතුමා හා මම එකඟයි. (නි)
වාසුට මොකද හොරු ගැන කැක්කුමක් ? එෆ්සීඅයිඩී එක හොයන ඒවා වැරදිද? (නි)
අර උතුරේ කෙනා ගැනත් මොකුත් කියන්න බැරිද? කියන්න විදිහක් නැහැනේ නේද? ඔය වගේ කෙනෙක් අල්ලාගෙන පරණ විදිහට මඩ ගගහා ඉන්න එක ඊට ලේසියි නොවැ. (නි)
ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් දෙන්න ඕනෑ. වාසු සහෝදරයා අනිත් හොරු ගැන කතා නොකරන්නේ ඇයි? (නි)
හැමදේටම(හොඳ/නරක) විරුද්ධ වෙන මෙයා, විරුද්ධ වෙන්නෙ නැති දේ මොකක් වෙන්න ඇද්ද? (නි)
පුලුවන්නම් රටෙන් කොටසක් කඩාගන්න දඟලන විගනේශ්වරම්ට විරුධව ප්‍රකාශයක් කරන්න. (ර)
අනේ නිකම් විකාර බහුභූත දොඩවන්නේ නැතුව ඉන්න ජවිපෙ හොරකම් කර නැති නිසා මුල්‍ය අපරාධ කොට්ටාශයට බය නැහැ. (ර)
මුළු රටේම ආශිර්වාදය තියෙනවා (නි)
ද සිල්වා ඇත්තම තමයි හොරකම් කරලා නෙමෙයි කැට හොල්ලල තමයි අයර්ලන්තේ ගෙවල් අරන් තියෙන්නේ නේද. (බ)
වයසට යනකොට මොලේ කචල් වෙලා (බ)