(සුජිත් හේවාජුලිගේ )
මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
"අපි සියලුම දෙනා එක්වී රට හදමු" යයිද ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.
වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15 යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අවසන් බලාපොරොත්තුව ඔබයි...
රට ගොඩගැනීමේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇත්තේ ජාතික ජන බලවේගයට පමණයි.
හොරු එළවන සටනට ජය නියතයි.
විදේශගත අපේ සහයත් ඔබටයි..
දැන් හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා නොබලා සිහි බුද්ධියෙන් මේ කියන කතාව වැරැදි නම් නිවැරැදි කරන්න.
මේ ආර්ථික අර්බුදය ආරම්භයේදීම ඊට කෙටිකාලීන විසඳුම විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ වැඩිකර ගැනීම කියලා අනුර සහෝදරයා කියද්දී හැමෝම ඒ කතාව විවේචනය කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුලින්ම යෝජනා කළේත් අනුර සහෝදරයා... දැන් හැමෝම පිළිගන්නවා ඒ අදහස් නිවැරැදියි කියලා...
අපොයි එහෙනම් පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් යන්න. ඇෆ්ඝනිස්ථානයෙන් ඇමෙරිකාව ගියාම එන තත්වයවගේ එකක් මෙහෙ වෙන්න යන්නේ...
රටක ජනතාවට ඒ රටේම රැකියාවක් කරගෙන කාලා බීලා, බයක්, දුකක්, කරදරයක් නැතිව ජීවත්වෙන්න පුළුවන් නම්... ඒකට තමයි හොඳ පාලනය කියන්නේ...! ජයවේවා..!
අනාගතය කෙසේ වුවද මේ අවස්ථාවේ අනුර හැර වෙන විකල්පයක් නැත...
ඔව් අපි ඔබලාව විශ්වාස කරනවා. අපේ විශ්වාසය කඩකරන්න එපා කියලත් ආයාචනා කරනවා...
සටන තියෙන්නේ සජබය හා ජේවීපී එක අතරේ බව පැහැදිලිව පෙනෙනා දෙයක්. මහජන මතය ගැන ස්ථිරව කියන්න කිසිවෙකුට බැහැ. රැස්වීම්වලට පැමිණෙන සෙනගින් කිසිවකුට ජයක් ගැන අනාවැකි කියන්නට බැහැ. එසේ කියන්නත් හොඳ නැහැ. එසේකීම ගැන සමහර ඡන්ද දායකයින් එතරම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා දේශපාලන නායකයින් කෙසේ කිව්වත් ජනතා මතය ගැන ස්ථිරව කියන්න පුළුවන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවුවාට පසුවයි. එය තමයි පිරිසිදු සත්‍යය...
තවත් ඇෆ්ඝනිස්ථානයක් දෝ... මේවා දැකලා මට මුහුදේ පනින්න හිතෙනවා.
හරිම ලස්සන කාලෝචිත ඉල්ලීමක්... ආරාධනාවක්...!
ඔයාලා ආවොත් රට විනාශයි...
ජනප්‍රිය කතා.. හිටපු කෙනාත් ආදායම් බදු අඩු කළා... මොකද වුනේ? දුප්පත් මිනිහා කන බොන දේටම ගහපල්ලා.. සල්ලි කාරයින්ට බදු නොගහා...
මේකත් හරියට පෝට් සිටි එකට ලංකාවේම කළුගල් දැම්මා වගේ කතාවක්...!
අද වෙනකන් පාලකයෝ කිව්වේ ජනතාවට, අපි නුඹලා වැඩකාරකමට, කම්කරුවන් වශයෙන් රට පටවනවා කියලා... මම නම් අද තමයි පළමු වතාවට මේ වගේ දෙයක් ඇහුවේ... ජයවේවා..!
මෙයාට හුරේ දාන උම්බෑලාට කීමට ඇත්කේ දීලා බලන්න කියා පමණි. කයිවාරු ගැසීම සහ වැඩ කිරීම යනු අහසට පොළොව මෙන් වෙනස් දෙයක් බව එවිට වැටහෙනු ඇත. හැබැයි එකක් නම් සහතින වශයෙන් කිව හැක. වැඩවර්ජන, උද්ඝෝෂණ, පෙළපාලි, ශිෂ්‍ය සටන් වැනි දෑ නම් නැති වනු ඇත. ඒවා පසුපස සිටින කාඩ්බෝඩ් විරයින් මොවුන් නිසායි.
මා සිතන හැටියට ජාතික ජන බලවේගයට තිබෙන ප්‍රධානම බාධාව නම් ඔවුන්ගේ අතීතයේ තිබූ ප්‍රචණ්ඩකාරී හැසිරීමයි. විශේෂයෙන්ම 88/89 සමයේ රටේ සාමාන්‍ය මිනිසුන් කෙරේ ඔවුන් දැක්වූ ප්‍රචණ්ඩත්වය සහ වර්තමානයේ සරසවි තුළ නවක වදය වැනි හිංසාකාරී ක්‍රියා කලාපයයි. ඒ හැසිරීම නැවත පටන් ගත්තොත් රට කබලෙන් ලිපට වැටෙනවා නියතයි. ඒ හැර දැන් කුමන රජයක් ආවත්, විදේශ ණය ගැනීම සහ ආර්ථිකයේ කඩා වැටීමට ක්ෂණික පිළියම් නැති බවයි මගේ අදහස...
ඔය ඡන්දෙ ඉල්ලන අනිත් අය ඔක්කොම කවදා හරි මීට කලින් බලයේ ඉඳලා කොහොමටත් රට කාපු එකම තමයි කළේ. සජිත් එක්ක ඉන්නෙත් ලෝක හොරු සෙට් එකක්. මතකයිනේ අර ෆුට් නෝට් කල්ලිය එහෙම... අනිත් අය ගැන නම් කියන්න කිසිම දෙයක් නැහැ. ඒ හින්දා මම නම් රට කන්න හරි, හදන්න හරි මේ ගොල්ලන්ටත් ඒක වතාවක් හරි දීලා බලනවා.
රට දාලා යන්න එපා... ලෝකයේ ඉන්න සේරම ලංකාවට එන්න. බයවෙන්න එපා හොඳේ... මම එන්නේ ඇලඩින්ගේ පුදුම පහනත් අරගෙන...
නිදහසින් පස්සේ හැම කෙනාම මේ වගේ සුරංගනා කතා කියලා බලය ගත්තා.. මොකද කළේ..? වැඩ පෙන්නන්න අලුතින් බලය ඉල්ලනවා. චන්ද්‍රිකා රනිල්ගේ කාලයේ මොකද කළේ... ?
බදු හින්දා රටදාලා යන අය හිතාගෙන ඇති පිට රටවල බදු ගෙවන්න නැහැ කියලා... බටහිර රටවල මිනිසුන් බදුගෙවන හැටි ගිහින් බලන්න. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමෘද්ධි දීමනා නොමිලේ ලැබෙන්නේ නැහැ. රටේ මිනිසුන් ඒ පහසුකම් සඳහා බදු ගෙවන්ට පුරුදුවිය යුතුයි.
මාලිමාව... කියන එකේ තේරුමවත් දන්නවද? කිසිම ප්‍රතිපත්තියක් නැති එකක් කරකැවෙනවා ... හැරෙන හැරෙන පැත්තට... හරියට සාටක බඹරෙ වගේ...
1988-89 කාලය මතක් වෙන කොට රට හැරයාම හැර වෙන විකල්පයක් නැත කියලා හිතෙනවා. ඒ කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් දෙවරක්ම අනූනවයෙන් පණ බේරගන්න වුණා කේලම්කාරයින් නිසා. නායකයින් මොනවා කිව්වත් ගම්වල ඉන්න පහළ මට්ටම තාම විකෘති අදහස්වලට යටයි...
අප සියලුදෙනා වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට පැන යා යුතු හේතුව එයයි. අපට උතුරු කොරියාවේ ජීවත් වීමට අවශ්‍ය නැත...
මාලිමාවක් ආවත් එකයි, අපිට නාවත් එකයි... අපි ආණ්ඩුවේ සල්ලිවලින් ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුව අපිට ණයයි. අපි ඒ තරමට රටට සල්ලි උපයලා තිබෙනවා...
සැබෑ නොවන සිහින
කයිවාරු කාරයාට වැඩ බැරිය.