ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි
මාලිම්බඩ පාලටුව ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් හිටපු යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව එම ස්ථානයේ තිබී අතුරුදන් වු බව කියන ගිනි අවිය ඇතුළු අවි ආයුධ විශාල තොගයක් අපරැක්කවත්තේ නිවසක පිටුපස සගවා තිබීයදී සොයා ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි.
ඒ අනුව එම අවි ආයුධ සඟවා තබන ලද බව කියන එම හිටපු යුධ හමුදා සෙබලාගේ බාල සහෝදරයා පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල නිවසේ පිටුපස පොල් ලෙලි ගොඩක් අස්සේ සගවා තිබියදී බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියක්,උණ්ඩ පහක් ගබඩා කළ හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වර දෙකක්, ජීව අත්බෝම්බයක්, ටී 56 වර්ගයේ උණ්ඩ 61 ක්, බෝර 12 වර්ගයේ උණ්ඩ 2ක් ,විවිධ වර්ගයේ ගිනි අවි කොටස් හා පතොරම් කොපු තොගයක් පොලීසිය සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපි මිය ගියත් මේ රණවිරුවට උපහාර පුදන්න ඕනෑ. දකුණු පළාතේ ත්රස්තවාදය නැති කරන්න ජීවිතේ පරදුවට තියලා යුද්ධ කරන්න.... මෙතරම් යුදගෙදර ගෙනත් තිබ්බට...