පසුගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවත් අධ්‍යාපනය විකිණීම ප්‍රතිපත්තිය කරගන ඉන්නවා යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද (09) ජාතික පුස්තකාලයේ දී කීවේය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට පාලකයින්ට බලකරමින් දිනේශ් ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක , ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත , පෙරටුගාමී පක්ෂය හා ජාතික හෙළ උරුමය ද ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළහ.
“මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ආරම්භ කරලා පවත්වා ගන ගියේ ඔවුන්ට අවශ්‍ය වුනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත තවම අපේ රටේ ගේන්න බැරි වෙලා තියනවා හැබැයි ඒක නීතිගත කරන්න මාලබේ වෛද්‍ය විද්‍යාලය නීතිගත කරලා පෞද්ගලිගකරණයට අදාල සුජාත භාවය හදාගන්න කටයුතු කරා වර්තමාන ආණ්ඩුව ඇමතිවරු ප්‍රසිද්ධියේ මේ වෙනුවෙන් පෙනී සිටිනවා“ යැයිද ළහිරු වීරසේකර පැවසුවේය.



COMMENTS
ඔය විරෝධය පාන අය, සරසවි වලට ඇතුලත්වීමේ සුදුසුකම් තිබියදී ඇතුලත් විමිට බැරි වූ 80% ක ගේ ඉගෙන ගැනීමේ අයතිය ගැන මොකද කියන්නේ? (හේ)
රටේ සමස්ථ අධ්‍යාපනයම කඩා වැටිලා. මේ විහිලුකාරයින්ට ඒ ගැන වගේ වගක් නෑ. සයිටමයක් අල්ලාගෙන ඉන්නවා. පොඩ්ඩක් රජයේ විශ්වවිද්‍යාල වලට ඇවිත් බැලුවොත් පෙනෙයි මේ බොරු වීරයෝ දැනට කරගෙන යන හානිය. (ම)
අබේරත්න, ඒ අය කියන්නේ උසස්පෙළ සමත් වන සියළුම දෙනාට නිදහස් අධ්‍යාපනය යටතේ නොමිලයේ උසස් අධ්‍යාපනය ලබන්න හැකි වෙන්න සරසවි බඳවා ගැනීම් ඉහළ දමන්න, අධ්‍යාපනය සඳහා වෙන් කරණ මුදල් ප්‍රමාණය වැඩි කරන්න කියලයි කියන්නේ.(අ)
සයිටම් ජනසතු කරන්නත් පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් නිසි නියාමන ක්‍රමවේදයක් ඇති කරන්න කියන එකයි ඉල්ලීම. නැතුව පෞද්ගලික අධ්‍යාපනය සම්පූර්ණයෙන් නතර කරන්න කියන එක නෙමෙයි. (බ)
එතකොට රටපුරා බිහිවෙලා තියන කිසිදු ප්‍රමිතියකින් තොර පෞද්ගලික බෙහෙත් කඩ හා චැනල් සෙන්ටර් කළුකඩ ඔය කියන සෞඛ්‍ය සේවයට අයිති නැද්ද? සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ගැන කතා කරන රජයේ වෛද්‍ය සංගමයේ මාෆියා දොස්තරලා, රෝහලට ඇතුළු වීමේදී හා පිට වීමේදී අනුගමනය කළයුතු විද්‍යුත් කාඩ් පත් ක්‍රමවේදයට අකමැති හා උද්ඝෝෂණය කර එය වැලක්වුයේ ඇයි? රජයේ රෝහලෙන් වැටුප් ලබන දොස්තරලා පෞද්ගලික රෝහල් වල හා චැනල් කඩවල වැඩ කරන දොස්තරලා ගැන මෙතන අත්සන් කරන උත්තමයෝ දන්නෙම නැද්ද? (බ)
අබේරත්න මහත්තයෝ අපි කියන්නේ ඒ අය වෙනුවෙන් රජය ඉගෙනීමේ පහසුකම් සැලසිය යුතු බවයි. ඒ සඳහා වූ උද්ඝෝෂණයට ඔයත් එකතු වෙන්න. එතකොට කොටිකට වැඩිය වියදම් කරන්න ශක්තිය ඇති ඔයාගේ දරුවට විතරක් නෙවෙයි වත්තේ රුපියල් 225 ට දළු කඩන කරුනවතීගේ, පියදාසගේ' සෙල්ලසාමිගේ දරුවන්ටත් දොස්තරලා වෙන්න ලැබෙයි. (බ)
ඔහොම යමු ඔහොම යමු ඔය සුදු ඇදල ඉන්න ඇමතිලා මන්ත්‍රීලා දන්නේ ඔය පෞද්ගලික කඩේ විතරද? ඔය ජෙවිපි යේ කතාව ඇර රටේ අධ්‍යාපනයට මොනවද දුන්නේ . (බ)
චන්දිමාල් පුතා වෙත. දැන් දළු කඩන්නේ 225 ට නෙමේ. ඔබගේ පැරණිකම දැන් වලංගු නැහැ. ගණන කීයද කියල අලුතින් දැනගන්න. නුතන ආර්ථිකය අනුව පුද්ගලික ව්‍යාපාර සහ රජයේ ව්‍යාපාර අතර වෙනසක් නැති තරම්. බොහෝ රටවල් පුද්ගලික අධ්‍යාපනයට දිරි දෙනවා. නැත්තේ දිළිඳු රටවල් කීපයක් පමණි. අප ඉදිරියට යා යුතුය.(බ)
රන්ජිත් මහත්තයෝ , ඇයි බොහෝ රටවල පුද්ගලික අධ්‍යාපනයට තැන දෙන්නේ. හේතුව අධ්‍යාපනය දැන් මුදලට විකිණෙනවා. බුද්ධියට නොවේ, කැම්පස් වලට මුදල් උපයා ගන්න. වෙන රටවල් මොකක් කළත් මොකෝ අපි එ්කට කරන්නේ. (බ)
අපේ රට තාම දුප්පත්. ඒ නිසා දුප්පත් අපිට ඉගෙනගන්න නොමිලේ අධ්‍යාපනය අවශ්‍යමයි (නි)