ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමයේ දායක සභා සාමාජිකයන් තොරා ගැනීමේ රැස්වීම සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ ඉරිදා පැවැත්විණි.
දායක සභාවේ දෙපරිසක් අතර ගැටුමක් ඊට හේතු විය.
විහාරයේ වැඩ වසන ඔලබොටුවේ ධම්මික හිමියන් පැවසුවේ එක් කණ්ඩායමක් ප්‍රධාන ශාලාවේ දොර වසාගෙන නිලවරණයට සූදානම් වූ අවස්ථාවේ සියලු දෙනාම මැදිහත් කරගෙන නිලධරයන් පත් කර ගත් බවයි.
දායක සභා සාමාජිකාවක සහ පංසල දායක සභාව නමින් මිලට ගැනීමට මුල්වූ අයගෙන් කෙනකු බව කියන රේඛා ලියන්වල (සීතා) මහත්මිය කීවේ දායක සභාවේ ව්‍යවස්ථාව වෙනස් කර විහාරස්ථානයේ හිමිකම අත්පත් කර ගැනීමේ සියුම් වැඩපිළිවලක් ඇති බවයි.
ධම්මික හිමියන් විහාරය දියුණු කිරීමට සෑහෙන කැප කිරීමක් කළ බව දායක සභාවේ ඇතැමෙක් කියති.
වසර දෙකෙන් දෙකට විහාරාධිපතිවරයකු පත් කිරීමේ වැඩපිළිවෙළක් මුලින් තිබූ බවත් දැන් එය වෙනස්වී ඇති බවත් දායක සභාවේ තව පිරිසක් කියති.
කෙසේ වෙතත් නිලවරණය දූෂිත වූ නිසා අධිකරණ තීන්දුවක් ගන්නා බව සීතා මහත්මිය කියන්නීය.
ඇගේ නීතිවේදියෙක් ද නිලවරණයදා පංසලට කැඳවා තිබිණි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිලානෝ ලංකාරාමෙ අවුලක්
චතුල වෙරෝනා Tuesday, 23 April 2013 12:36 AM
කවුරුත් කලබල වෙන්න එපා. සල්ලි වැඩියෙන් ගැවසෙන පන්සල් වල මේවා සාමාන්‍ය දේවල්. (නි)
රකිත Tuesday, 23 April 2013 12:11 PM
අනේ, කරුණාකරලා ලංකාරාමෙ කියන නම වෙනස් කරන්න..!(නු)
ද සිල්වා බෙර්ලින් Tuesday, 23 April 2013 12:30 PM
නිකන් ලෝකය හිනස්සන වැඩ කරන්න එපා. (නි)
කොස්වත්ත Tuesday, 23 April 2013 01:30 AM
මේකේ ඉන්නේ බහුතරය අතර හැමදාම රණ්ඩු. (නි)
මානවි Tuesday, 23 April 2013 02:11 AM
හැම නගරයකම පන්සල් වල තිබෙන්නේ කැපී පෙනෙන්ට තිබෙන ආශාව නිසා දායකයෝ පිල් බෙදෙන එක. ඒ වගේම ගැහැණු අය නිසාත් මේවා වෙනවා. (නි)
පිටිගල මිලානෝ Tuesday, 23 April 2013 02:21 AM
පන්සල පටන් ගත්ත දින සිට සමහරු මොන තරම් පව් කන්දරාවක් පුරවා ගෙන ඇත්ද? (නි)
විතානගේ Tuesday, 23 April 2013 02:21 AM
මුස්ලිම් අය අපිට හිනාවේවි. (නි)
සිරිපාල Tuesday, 23 April 2013 03:22 AM
මමත් මිලානෝ. මේවා අහන්න ලැබීම ගැන කණගාටු වෙනවා. ඇත්තෙන්ම ලාංකිකයෙක් වීම ගැන දුකයි. බුදුහාමුදුරුවන්ට කරන නිගාවක් නේද? (නි)
ලාල් ගලබඩ ලේක්කෝ නගරයේ සිට Tuesday, 23 April 2013 03:23 AM
අපේ පිනට ඉතාලියේ පන්සල් ඇරෙනා.... පින් නොකරා පව් කරමින් සොදිනා... පාපී දනා එහි වැජබෙන්නට හදනා... එහෙම කළෝතින් යම රජු වෙත ඇදෙනා... (නි)
සිල්වා Tuesday, 23 April 2013 01:13 PM
ධර්මයේ සිටි මිනිස්සු හැමදාම ජය ගන්නවා, අධර්මයේ සිටි අස්ත්පුරිෂයින් පන්සලෙන් විසි උනා, ලංකාරාමය දිගුකල් දිනේවා (ස)
අජිත් කරුණාරත්න Tuesday, 23 April 2013 07:41 AM
දානේ කන්න ගියාමත් කොලේ ඉරා ගන්න අපේ කට්ටිය ලෝකේ කොහේ ගියත් කොලේ ඉරාගන්නවා. (නි)
මොහොමඩ් Tuesday, 23 April 2013 02:08 PM
ලෝකයේ හැම ජාතියක්ම එකමුතු නම් කොච්චර දේවල් කළ හැකිද? (නි)
ලෙස්ලි Monday, 22 April 2013 06:40 PM
ඔය පන්සලේ මුල ඉදලම ප්‍රශ්න තිබුණා නේද? එක නගරයට පන්සල් දෙකක් දාගෙන රණ්ඩු කරන්නේ ඇයි? (නි)
සම්පත් Monday, 22 April 2013 06:43 PM
කවුද මෙවට වගකියන්න ඕනෑ? (නි)
අහමඩ් Monday, 22 April 2013 06:44 PM
ආගමත් බෙදා ගන්න කුටි කෙලි....??? (නි)
ගිහාන් Tuesday, 23 April 2013 08:04 AM
ලැජ්ජයි, ලැජ්ජයි. බුදුහාමුදුරුවන්ටත් කරන අපහාසයක්.(නදී)
රෝහන Tuesday, 23 April 2013 08:04 AM
ඉතාලියේ තියා ලංකාවේ වුනත් උපාසක අම්මලාම තමයි බොහොම පන්සල් වල පරිහානියට මුල් වෙන්නේ. මොකද්ද මේ පින් කරන්නයි පන්සල බෙදා ගන්නයි අල්ලන පොරේ?ලජ්ජා විය යුතුයි එක එක උපාසක අම්මට එක එක පන්සල ගානේ තියනවනම් හොඳයි වගෙයි.(නදී)
ඩියෝ Tuesday, 23 April 2013 08:09 AM
බුද්ධාගමට නින්දා කරන්නට ඉඩ නොතබන්න. (නි)
ප්‍රදීප් Monday, 22 April 2013 06:51 PM
ඉතාලියේ පින් කරන්නත් නිලතල ඕනෑ. මෙහෙ හැම නගරයකම තත්වය සමානයි. ඔක්කොම සිංහලයෝනේ. (නි)
වීරසේකරගේ Monday, 22 April 2013 07:13 PM
ඔතන තනිකරම තියෙන්නේ හැමෝම කැපී පෙනෙන්න දැගලීමයි. (නි)
රත්න Monday, 22 April 2013 07:18 PM
බුදු හිමියනේ, ඔබ පුදන්නට මිලානෝ වල තරඟයක්! (නි)
මොහොමඩ් Monday, 22 April 2013 07:30 PM
වෙන රටකට ගිහින් මෙහෙම නම් ලංකාව ඇතුළේ කොහොම වෙයිද? (නි)
කැනඩා දිසා Tuesday, 23 April 2013 08:28 AM
ඉතාලිය ගැන කැනඩාව දුක් වෙනවා. (නි)
සිසිර Monday, 22 April 2013 07:35 PM
බුද්ධාගම මුවාවෙන් බොරු කරන්න එපා. ඒක වැරදියි. (නි)
ගාමිණි Monday, 22 April 2013 08:03 PM
මේ රටත් කාලද යන්නේ ? (අ)
කිර්ති Wednesday, 24 April 2013 12:34 AM
"අපි අසරණ වෙලා වගෙයි සිතට දැනෙනවා -බුදු හාමුදුරුවනේ බුදු මෑණියනේ " (නි)
සරත් Monday, 22 April 2013 08:17 PM
දළදා මාළිගාවේ දියවඩන නිලමේ පත්කරන්න වත් මෙච්චර කරදර වෙන්න අවශ්‍ය නැතුව ඇති. (නි)
අමර Monday, 22 April 2013 08:18 PM
ඕකනේ ළමයෝ බුදු හාමුදුරුවෝ තුන් වැනි වතාවට පස්සේ ලංකාවට ආවේ නැත්තේ (නි)
ශාන්ති Tuesday, 23 April 2013 08:59 AM
අලුතෙන් අපු සාමාජිකයෝ මොනවා මොනවා දන්නවද ලංකාරාම විහාරය ගැන. හාමුදුරුවොත් මොනවා දන්නවද? චීවරේටත් දැන් තණ්හාව ඇතුළු වෙලා.පින් දෙන්න ඕනෑ මහගම විපුලසිරි හාමුදුරුවන්ට. (නි)
සුනිල් Tuesday, 23 April 2013 09:11 AM
රෝහණගේ කතාව හරි. උපාසකම්මලා නිලතල බදාගෙන පන්සල් පාලනය කරන්න යනවා.වයසට යනකොට අතහරිනු වෙනුවට තවත් බදාගෙන අකුසල් රැස් කරනවා. (නි)
සදුනි Monday, 22 April 2013 08:45 PM
මේක බුදුදහමට නිගාවක් කියලා තේරුම් නොගන්නේ ඇයි? (නි)
චරු Monday, 22 April 2013 08:49 PM
පන්සල් වලත් ඡන්ද තියනවාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
රානි Tuesday, 23 April 2013 10:01 AM
වගකිවයුත්තන් නිහඩ ඇයි..?(නු)
වසන්ත Monday, 22 April 2013 09:16 PM
ඔය සිතා තමා මේවා ඔක්කොටම වග කියන්න ඔනී (අ)
කසුන් Tuesday, 23 April 2013 10:54 AM
අනේ වැඳලා කියන්නම්. බුද්ධාගම ව්‍යාපාරයක් කරගන්න නම් එපා. (නි)
පෙරේරා Tuesday, 23 April 2013 10:56 AM
ඔය විහාරස්ථානයේ හැමදාම ප්‍රශ්ණ. (නි)
සිසිර මිලානෝ Monday, 22 April 2013 10:14 PM
අපේ පාඩුවේ රස්සාව කරන්න ඉඩ දෙන්න. මේකෙන් වෙන්නේ ඉන්න සියලු දෙනාම දොට්ට දාන එක තමයි. අනෙක් බෞද්ධ රටවල නැති ප්‍රශ්න ශ්‍රී ලංකා බෞද්ධයන් අතර, හේතුව එකමුතුවක් හෝ අන් ආගමිකයන් අතර සම්ගියක් නොතිබීම. එක එක සේනා නිසා තමා සියලු ප්‍රශ්න.(නදී)
සුසිල් මිලානෝ Monday, 22 April 2013 10:32 PM
මේක ලංකාරාමේ කීමෙන් ලංකාවටත් අපහාසයක්. බැරිද ඔයාලට නම වෙනස් කරගන්න. නිකම් වලියාරාමේ වගේ එකක් ගැලපෙනවා. අපි දන්නා කාලේ ඉදන් මේකට එන හාමුදුරුවරු මේ පින්වත් දායකයන් විසින් එලවා දමනවා. මෙයාලා තමයි අපායේ ගේට්ටුව ළගම ඉන්නේ. පන්සලේ දායක සභාව තියන්නේ පොලිසියත් ඇවිත්නම් කෝ බුදුන් වහන්සේ දෙසූ කරුණාව, දයාව, මේවා බුදු දහම ලෝකය ඉදිරියේ නිගාවට ලක් කරණ පව්කාර වැඩ.(නදී)
ලලිත් Monday, 22 April 2013 10:39 PM
ලංකාවේ අය පත්කරගන්න ක්‍රමයටම එයාලා එහෙත් එහෙනම් වැඩ පටන් අරන් වගෙයි (නි)
පිටිගල මිලානෝ Tuesday, 23 April 2013 11:21 AM
එක්තරා කාන්තාවක් තමයි මේ පාපතර ක්‍රියාව කරන්නේ..!(නු)
ආනන්ද Monday, 22 April 2013 11:43 PM
ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නේ ඕකටද? (නි)
මොහොමඩ් Tuesday, 23 April 2013 11:44 AM
විතානගේ, මෙතන මුස්ලිම් අය හිනාවෙන එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. විදෙස්ගත වෙලා ඉදලත් අපේ සිංහල අයට එකට ඉන්න බැරි එකයි. (නි)