ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමයේ දායක සභා සාමාජිකයන් තොරා ගැනීමේ රැස්වීම සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ ඉරිදා පැවැත්විණි.
දායක සභාවේ දෙපරිසක් අතර ගැටුමක් ඊට හේතු විය.
විහාරයේ වැඩ වසන ඔලබොටුවේ ධම්මික හිමියන් පැවසුවේ එක් කණ්ඩායමක් ප්‍රධාන ශාලාවේ දොර වසාගෙන නිලවරණයට සූදානම් වූ අවස්ථාවේ සියලු දෙනාම මැදිහත් කරගෙන නිලධරයන් පත් කර ගත් බවයි.
දායක සභා සාමාජිකාවක සහ පංසල දායක සභාව නමින් මිලට ගැනීමට මුල්වූ අයගෙන් කෙනකු බව කියන රේඛා ලියන්වල (සීතා) මහත්මිය කීවේ දායක සභාවේ ව්‍යවස්ථාව වෙනස් කර විහාරස්ථානයේ හිමිකම අත්පත් කර ගැනීමේ සියුම් වැඩපිළිවලක් ඇති බවයි.
ධම්මික හිමියන් විහාරය දියුණු කිරීමට සෑහෙන කැප කිරීමක් කළ බව දායක සභාවේ ඇතැමෙක් කියති.
වසර දෙකෙන් දෙකට විහාරාධිපතිවරයකු පත් කිරීමේ වැඩපිළිවෙළක් මුලින් තිබූ බවත් දැන් එය වෙනස්වී ඇති බවත් දායක සභාවේ තව පිරිසක් කියති.
කෙසේ වෙතත් නිලවරණය දූෂිත වූ නිසා අධිකරණ තීන්දුවක් ගන්නා බව සීතා මහත්මිය කියන්නීය.
ඇගේ නීතිවේදියෙක් ද නිලවරණයදා පංසලට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් කලබල වෙන්න එපා. සල්ලි වැඩියෙන් ගැවසෙන පන්සල් වල මේවා සාමාන්‍ය දේවල්. (නි)
අනේ, කරුණාකරලා ලංකාරාමෙ කියන නම වෙනස් කරන්න..!(නු)
නිකන් ලෝකය හිනස්සන වැඩ කරන්න එපා. (නි)
මේකේ ඉන්නේ බහුතරය අතර හැමදාම රණ්ඩු. (නි)
හැම නගරයකම පන්සල් වල තිබෙන්නේ කැපී පෙනෙන්ට තිබෙන ආශාව නිසා දායකයෝ පිල් බෙදෙන එක. ඒ වගේම ගැහැණු අය නිසාත් මේවා වෙනවා. (නි)
පන්සල පටන් ගත්ත දින සිට සමහරු මොන තරම් පව් කන්දරාවක් පුරවා ගෙන ඇත්ද? (නි)
මුස්ලිම් අය අපිට හිනාවේවි. (නි)
මමත් මිලානෝ. මේවා අහන්න ලැබීම ගැන කණගාටු වෙනවා. ඇත්තෙන්ම ලාංකිකයෙක් වීම ගැන දුකයි. බුදුහාමුදුරුවන්ට කරන නිගාවක් නේද? (නි)
අපේ පිනට ඉතාලියේ පන්සල් ඇරෙනා.... පින් නොකරා පව් කරමින් සොදිනා... පාපී දනා එහි වැජබෙන්නට හදනා... එහෙම කළෝතින් යම රජු වෙත ඇදෙනා... (නි)
ධර්මයේ සිටි මිනිස්සු හැමදාම ජය ගන්නවා, අධර්මයේ සිටි අස්ත්පුරිෂයින් පන්සලෙන් විසි උනා, ලංකාරාමය දිගුකල් දිනේවා (ස)
දානේ කන්න ගියාමත් කොලේ ඉරා ගන්න අපේ කට්ටිය ලෝකේ කොහේ ගියත් කොලේ ඉරාගන්නවා. (නි)
ලෝකයේ හැම ජාතියක්ම එකමුතු නම් කොච්චර දේවල් කළ හැකිද? (නි)
ඔය පන්සලේ මුල ඉදලම ප්‍රශ්න තිබුණා නේද? එක නගරයට පන්සල් දෙකක් දාගෙන රණ්ඩු කරන්නේ ඇයි? (නි)
කවුද මෙවට වගකියන්න ඕනෑ? (නි)
ආගමත් බෙදා ගන්න කුටි කෙලි....??? (නි)
ලැජ්ජයි, ලැජ්ජයි. බුදුහාමුදුරුවන්ටත් කරන අපහාසයක්.(නදී)
ඉතාලියේ තියා ලංකාවේ වුනත් උපාසක අම්මලාම තමයි බොහොම පන්සල් වල පරිහානියට මුල් වෙන්නේ. මොකද්ද මේ පින් කරන්නයි පන්සල බෙදා ගන්නයි අල්ලන පොරේ?ලජ්ජා විය යුතුයි එක එක උපාසක අම්මට එක එක පන්සල ගානේ තියනවනම් හොඳයි වගෙයි.(නදී)
බුද්ධාගමට නින්දා කරන්නට ඉඩ නොතබන්න. (නි)
ඉතාලියේ පින් කරන්නත් නිලතල ඕනෑ. මෙහෙ හැම නගරයකම තත්වය සමානයි. ඔක්කොම සිංහලයෝනේ. (නි)
ඔතන තනිකරම තියෙන්නේ හැමෝම කැපී පෙනෙන්න දැගලීමයි. (නි)
බුදු හිමියනේ, ඔබ පුදන්නට මිලානෝ වල තරඟයක්! (නි)
වෙන රටකට ගිහින් මෙහෙම නම් ලංකාව ඇතුළේ කොහොම වෙයිද? (නි)
ඉතාලිය ගැන කැනඩාව දුක් වෙනවා. (නි)
බුද්ධාගම මුවාවෙන් බොරු කරන්න එපා. ඒක වැරදියි. (නි)
මේ රටත් කාලද යන්නේ ? (අ)
"අපි අසරණ වෙලා වගෙයි සිතට දැනෙනවා -බුදු හාමුදුරුවනේ බුදු මෑණියනේ " (නි)
දළදා මාළිගාවේ දියවඩන නිලමේ පත්කරන්න වත් මෙච්චර කරදර වෙන්න අවශ්‍ය නැතුව ඇති. (නි)
ඕකනේ ළමයෝ බුදු හාමුදුරුවෝ තුන් වැනි වතාවට පස්සේ ලංකාවට ආවේ නැත්තේ (නි)
අලුතෙන් අපු සාමාජිකයෝ මොනවා මොනවා දන්නවද ලංකාරාම විහාරය ගැන. හාමුදුරුවොත් මොනවා දන්නවද? චීවරේටත් දැන් තණ්හාව ඇතුළු වෙලා.පින් දෙන්න ඕනෑ මහගම විපුලසිරි හාමුදුරුවන්ට. (නි)
රෝහණගේ කතාව හරි. උපාසකම්මලා නිලතල බදාගෙන පන්සල් පාලනය කරන්න යනවා.වයසට යනකොට අතහරිනු වෙනුවට තවත් බදාගෙන අකුසල් රැස් කරනවා. (නි)
මේක බුදුදහමට නිගාවක් කියලා තේරුම් නොගන්නේ ඇයි? (නි)
පන්සල් වලත් ඡන්ද තියනවාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
වගකිවයුත්තන් නිහඩ ඇයි..?(නු)
ඔය සිතා තමා මේවා ඔක්කොටම වග කියන්න ඔනී (අ)
අනේ වැඳලා කියන්නම්. බුද්ධාගම ව්‍යාපාරයක් කරගන්න නම් එපා. (නි)
ඔය විහාරස්ථානයේ හැමදාම ප්‍රශ්ණ. (නි)
අපේ පාඩුවේ රස්සාව කරන්න ඉඩ දෙන්න. මේකෙන් වෙන්නේ ඉන්න සියලු දෙනාම දොට්ට දාන එක තමයි. අනෙක් බෞද්ධ රටවල නැති ප්‍රශ්න ශ්‍රී ලංකා බෞද්ධයන් අතර, හේතුව එකමුතුවක් හෝ අන් ආගමිකයන් අතර සම්ගියක් නොතිබීම. එක එක සේනා නිසා තමා සියලු ප්‍රශ්න.(නදී)
මේක ලංකාරාමේ කීමෙන් ලංකාවටත් අපහාසයක්. බැරිද ඔයාලට නම වෙනස් කරගන්න. නිකම් වලියාරාමේ වගේ එකක් ගැලපෙනවා. අපි දන්නා කාලේ ඉදන් මේකට එන හාමුදුරුවරු මේ පින්වත් දායකයන් විසින් එලවා දමනවා. මෙයාලා තමයි අපායේ ගේට්ටුව ළගම ඉන්නේ. පන්සලේ දායක සභාව තියන්නේ පොලිසියත් ඇවිත්නම් කෝ බුදුන් වහන්සේ දෙසූ කරුණාව, දයාව, මේවා බුදු දහම ලෝකය ඉදිරියේ නිගාවට ලක් කරණ පව්කාර වැඩ.(නදී)
ලංකාවේ අය පත්කරගන්න ක්‍රමයටම එයාලා එහෙත් එහෙනම් වැඩ පටන් අරන් වගෙයි (නි)
එක්තරා කාන්තාවක් තමයි මේ පාපතර ක්‍රියාව කරන්නේ..!(නු)
ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නේ ඕකටද? (නි)
විතානගේ, මෙතන මුස්ලිම් අය හිනාවෙන එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. විදෙස්ගත වෙලා ඉදලත් අපේ සිංහල අයට එකට ඉන්න බැරි එකයි. (නි)