(රොමේෂ් මධුෂංඛ)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (10) සවස මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වූහ.
මුලතිව්හි දෙමළ ජනතාවගේ ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබා දිය යුතු බවටත් දෙමළ ජනාවාස එම ඉඩම්හි ඇති කළ යුතු අතරම අලුතින් සිංහල ජනාවාස පදිංචි කරවීම වහාම නවතන ලෙසටත් මුලතිව්හි බෞද්ධ සිද්ධස්ථානයන්හි ලියාපදිංචිය තහවුරු කිරීම හා ධීවර ගම්මානයන්හි ගැටලු විසඳීම යන යන ඉල්ලීම් ඇතුළත් විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.
විරෝධතාව අවසානයේ මුලතිව් දිස්ත්‍රික් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් හමු වූ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කර පසුව ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාරදෙනු ලැබුවේ අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් දැනුවත් කර කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවට පවසමිනි.
එහිදී මුලතිව් දිසාපතිනිය අදාළ සංදේශය ජනාධිපති හා අගමැතිගේ අවධානයට යොමු කිරීම සඳහා අවශ්‍ය බලධාරීන්ට යොමුකරවන බව පැවසුවාය.
මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවිකරන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට කොළඹ ඕනේ වෙලාවක එන්න යන්න පුළුවන්. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සිංහල අය එහෙ එන්න බෑ. පුදුම මිනිස්සු තමයි.
ඇයි මුලතිව් කියන්නේ ශ්‍රී ලංකාවේ කොටසක් නෙවෙයිද? මේවගේ ජාතිවාදී අදහස් තියෙන පුද්ගලයෝ දේශපාලනෙන් අහක් කරන්න ඕනි.
සිංහල මිනිස්සුන්ගේ ජාතිවාදය තියෙනවා කිව්වට ඒක තියෙන්නේ මෙයාල ගාවම තමා
මොවුන්ව අත්අඩංගුවට ගන්න කව්රුවත් මේක පත්තරෙන්වත් දැක්කේ නැද්ද? උතුරට සහජීවනය අදාළ නැද්ද? වෙනත් ආගමිකයෙකුට විරුද්ධව සිංහලයෙක් මේක කලානම් එයා දැනටමත් අත්අඩංගුවේ. ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත් නවත්තන්නේ කවදාද?
එතකොට අපේ ඉඩම් වලින් කඳුකරයේ දෙමළ අයට ගෙවල් හදලා දෙන එකත් නවත්වමුද ? අපි විතරක් හොඳින් ඉන්නේ ඇයි ?
මේකට තමයි ළමයිනේ සංහිඳීයාව කියලා කියන්නේ!
එයාලා නම් ජාතින් අතර සංහිඳියාව පටන් අරන් වගේ නේද?
මෙවැනි දේ සහජීවනයට විශාල ගැටළුවක් බව රජයට තේරුම් ගන්න බැරි හේතුව කුමක්ද? ඒ වගේම සියලුම දේශපාලන පක්ෂ සාකච්ඡා මේසයකට ගෙන්වා මේ වගේ දේවල් කිරීමෙන් ඇතිවන විපාක පැහැදිලිකර දෙන්න ඕනේ. මේකට සුදුසුම පුද්ගලයා ගරු මෛත්‍රිපාල ජනාධිපතිතුමා තමයි.
දෙමළ වුනත්, සිංහල වුණත් අවස්ථාවාදි දේශපාලකයින් තමයි රට විනාශ කරන්නේ.. මේ දෙමළ ජනතාවට ආදරේට කරන දෙයක් නෙවෙයි මේ
අපිත් පටන් ගමුද? මම නම් ඕනෑම වෙලාවක ලැහැස්තියි.
ජවිපෙ ගොයියෝ මේවා ගැන මොකද කියන්නේ කියලා අහන්න ආසාවෙන් ඉන්නේ...?