(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති 156 ක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර වශයෙන් රුපියල් මිලියන 68 ක මුදලක් ලැබී ඇතැයි මුලතිව් සංවර්ධන කටයුතු පිළිබඳ විමසීමේදී මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් පැවසුවාය.
ව්‍යාපෘතිවලින් සියයට 65ක්ම කෘෂිකර්ම ව්‍යාපෘති වන අතර අනෙක් ව්‍යාපෘතිවලින් සියයට 18 ක් ධීවර කටයුතු සඳහා වූ ව්‍යාපෘති බවත් මෙම සියළු ව්‍යාපෘති සඳහා මිලියන 318 ක මුදලක් ලැබෙන අතර එම මුදල් ව්‍යාපෘතිවල ප්‍රගතිය මත මේ වසර ඇතුළත අදියරවල් හතරකින් ලැබීමට නියමිත බවද දිසාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මිලියන 162 ක මුදලක් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙන් ලැබෙන අතර සෙසු මුදල් ඒ ඒ ව්‍යාපෘති බාර අමාත්‍යංශවලින් ලැබෙන බව සඳහන් කළාය.
එහිදී කරදියන් ආරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 55 ක් ආරම්භ වන අතර මාන්තෙයි නැගෙනහිර පළාතේ ව්‍යාපෘති 21 ක් ද, පුදුකුඩීඉරිප්පු පළාතේ ව්‍යාපෘති 29 ක් ද තුනුකායි පළාතේ 16 ක් ද ආරම්භ වන අතර තවත් ව්‍යාපෘති 35 මුලතිව් නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ අදහස් දාන කට්ටිය සද්ද බද්ද නැත්තේ ? උතුරට හොද දෙයක් කරනකොට හිතට අවුල් ද ?
වැදගත් විදිහට වියදම් කරනෙක තමා වඩා හොඳ. මහජන මුදල් නේද මේවා.
එහෙම තමයි දියුණු වෙන මිනිස්සු. අමරවීර කිව්වනේ දකුණට නම් සල්ලි දෙන්නේ නැහැ කියලා... ගමේ පාරවල් හදන්න. අපිත් බලන් ඉන්නේ අමරවීර ඊළඟවර එනකම් ගමට ඡන්දෙ ඉල්ලන්න.
රූපවතී, හැම ගමකටම පන්සලක් අනිවාර්යයෙන්ම හදන්න.
උතුරට හොද දෙයක් කරනකොට හිතට අවුල් ද ? කිසිම අවුලක් නැහැ නමුත් ප්රශ්නය උඩින් ඔහොම පෙනුනාට යටින් මොන ගිනි ගෙඩියක් පත්තු වෙනවාද කියා සැකයි.
මොකද මේ අදහස් දාන කට්ටිය සද්ද බද්ද නැත්තේ ? කට්ටිය සද්ද බද්ද නැතුව නොවෙයි කට්ටිය බලාගෙන ඉන්නවා හිටිගමන් පාත්වුන මේ ගිනි ගෙඩිය මොකක්ද කියලා. අපිට බදු ගහල උතුරට වියදම් කරලා අන්තිමට කෑල්ලක් ලියලා දෙන්න ලැහැස්තිය. හරියට ඩිවෝස් කරනකොටත් දෑවැද්ද දෙනවා වගේ.