මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි‍්‍රතාන්‍ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි.
සිංහලයන් හා සටන් කළ බි‍්‍රතාන්‍ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය.
සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත.
ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පැහිටැවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි.
1
මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජාතික වීරයෙන් සොහොන් කොහේද??? සුද්දො මරලා රට බේරගත්ත රණශූරයෝ කොහේද? ඕවා ඉවත් කරන එකම තමයි හොද
ඇත්තටම හොදයි. මේ අපේ රටේ අපිට ඕනෙ හරි දේ නිතරම කරන්නයි
සොහොන් ඉවත් කරන්ඩ තරම් නපුරු වෙන්ඩ ඕනෙද?
සොහොන් අයින් කරලා වැඩක් නෑ. ඔය සල්ලි වලින් වෙන වැඩක් කරන්න.
සමහරු මෙය අනවශ්‍ය ක්‍රියාවක් හැටියට හදුන්වනවා. කිසිම හැගීමක් නැති අය. මෙය ඉතා හොද වැඩක්. මම සුභපතනවා
ලංකාදීපේ මගේ අදහස් පල කරන්නේ නැහැ
උතුම් පූජනීය වස්තුවක් වන දන්ත ධාතුන් වහන්සේට උඩින් මේ සොහොන් තියන්නේ අයි? ඉක්මනින් ඉවත් කරන්න. මේ භුමිය ප්‍රොයෝජනවත් වැඩකට ගන්න
නිදහස ලැබිල අවුරුදු 60 කට පස්සේ හරි මේ වගේ දෙයක් කරන්න ඉල්ලුව එක ගැන ගොඩක් සතුටට කරුණක්. නමුත් ඒකටත් ගොඩක් අය විරුද්ධව මත ප්‍රකාශ කරලා තියනවා... බෞද්ධයෝ විදිහට මේවා ඉවසන එක අපේ නිවට කමක් විදිහට යම් පිරිසක් දකින්න පුළුවන්. අපි අපේ පරම පුජනීය ස්ථානයක් පිලිබදවත් හැගීමක් නැති අය කියල දැන ගැනීම මූලධර්මවාදීන්ට, මිෂනාරීන්ට ගොඩක් මිහිරි ශුභ ආරංචියක් වේවි. මේකවත් කරන්න හයියක් නැත්නම් මේ රට ඇත්තටම නිදහස්ද ?
බෞද්ධ සාහිත්‍යයේ එනවා එක මනුෂයෙක් නිදාගන්නේ නැතිව උඩ පැන පැන හිටිය කියල මොකද නිදාගත්දි කකුල හැරෙන පැත්තට මොක්ක හරි පූජනීය දෙයක් පෙනෙනවා කියලා.. සුද්දට ගැතිකමකට නෙවේ මේක ලියන්නේ.. මනසින් දකින්න කියලා. ඇත්තටම තවත් පැත්කින් බැලුවොත් සොහොන් වලට මේ වගේ බිම් කඩක් වෙන් කරන එක අපරාදේ. මුල්ලේරියා සටන සිහිවෙද්දි ඊට කලින් අපිට මතක් වෙන්නේ මානසික රෝහල. අපිට පැහැදිලි නිරවුල් මනසක් වගේම බුද්ධියකුත් තිබිය යුතුයි.
මේවා තමයි දේශපාලකයින් ලකුණු දාගන්න හදන අණුවන වැඩ මේ මිය ගිය අය කවුරු උනත් ඒවා අපේ ඉතිහාසයට ඇරුණු දේවල් මේ සොහොන් කඩනවානම් මේ අය විසින් මාලිගාව වැහෙන්න ඉදිකළ ක්‍රිස්තියානි පල්ලිද ඉවත් කළ යුතුයි දේශපාලක උතුමනි ඔබ තුමන්ලාට ලකුණු හදා ගන්න උපක්‍රම අවශයනම් හරි හමන් උපදේශකයකුගෙන් උපදෙස් ගන්න එහෙම නැතිව බොරු වැඩ කරන්න එපා
මෙහෙම ගියොත් මාලිගාවට උසින් උසින් තියෙන හැමදේම ඉවත් කරන්න වෙයි. බුදුදහම මනසින් දකින්න.
ඕවට යන වියදම් ඉතිරි කරලා දුප්පතුන්ට උදව්වක් කරන්න.
බුදු දහම අදහන අපි ඔය වගේ දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
ඕක කරලා රටේ නම කැත කරන්න නම් එපා. අනික කවුරු වුණත් මැරුණු මිනිස්සුනේ. පව් වැඩ.
නුවර අයින් කරන්න ගොඩක් ඒවා තියනවා. ඕක අයින් කරලා වැඩක් නෑ.
මාලිගාව වැහැන්න තියන අනිත් ඒවත් අයින් කරන්න ඕන.
දළදාමාලිගාව ඉහළම තැනකට ගෙනිච්චනම් හොද නැද්ද?
මේ වගේ වැඩ නොකර හොද වැඩක් කළානම් නරකද? ඔහොම ගියොත් සුද්ද හදපු පාලම් එහෙමත් ගලවන්න කියයි. බොරු වැඩ
මේක නම් වැරදිම තීරණයක්
මේසේ අනවශ්‍ය ආගම් ප්‍රශ්න ඇතිකරන්න සැරසෙන්නේ ප්‍රශ්න මදිවාටද? ශ්‍රී පාද මලුව ඉහලින්ම තිබෙනවා පෙනෙන්නේ නැතිවාද? මෙවැනි අගතිගාමී,අදූරදර්ශී,කුපිත ක්‍රියා ඇතිකරන අය අන්තිමට නතර වන්නේ ශ්‍රී දලදා මාළිගාව පිදුරුතලාගල කඳුමුදුනට හෝ හිමාල කඳුමුදුනට ගෙනයාමෙන් පමනකි.
මේවා කාලය විනාශ කරන වැඩක්. මේක අමතක කරලා රටට පලක් වෙන වැජක් කරන්න.
මේ වැඩේ තේරුමක් නැති වැඩක්
අනූෂා හිමාලි දමිත් සහ ජෛයිස් සමග මම එකගයි
මෙහි ඓතිහාසික වැදගත්කම හා සංචාරක ව්‍යාපාරය ගැන හිතන්න
බොරු පුශ්න ඇති කරන්න එපා.
අපි අතින් සුද්දොත් මැරිලා කියන්න තියෙන හොදම ෂාක්ෂිය හිනමානය නැතිව එය තියෙන්න අරින්න. තවද මාලිගාව ඉදිරිපිට පාරත් කරුණාකරලා අරින්න.මිනිසුන් කොපමණ දුක් විදිනවද ඔය පාර වසා තැබිම නිසා. මොකද පාර වසා තැබුවත් කොටින්ගෙන් මාළිගාව බේරගන්න බැරිවුනානේ. දැන් යුද්දෙ ඉවරයි පාර අරින්න.සොහොන තියෙන්න අරින්න.බුදුන් වහන්සේට නිගා නෙකරන්න
දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බව සත්‍යයි. හොඳ තීරණයක්. වහා ක්‍රියාත්මක කල යුතුයි.
වෙන කරන්න දේවල් නැතිවද? ඊළඟට හන්තානේ ගෙවල්, හෝටල් එහෙමත් ඉවත් කරන්න කියාවි.
නිවැරැදි තීරණයක් ඔබට සුබපතමි
අනවශ්‍ය වැඩක්
මේවගේ වැඩ කරල ජනතාවගේ හිත දිනාගන්න බැහැ.
අනවශ්‍ය වැඩක්.. වෙන කරන්න දේවල් නැතිවද?
ඔව් ඒක නම් වැඩක් නැති වැඩක්.
ඕක කරන්න එපා. වෙන වැඩ නැද්ද?
හොද වැඩක්
බුද්ධිමත් තීරණයක්. සුද්ධගෙ සොහොන්වලට අපේ රටේ ඉඩම් වෙන් කරන්න ඕනෙ නෑ. ඒ ඉඩම රටේ වෙනත් හොද දෙයකට යොදවන්න.
මැරුණ මිනිසුන්ගේ සොහනේ ආයෙ කොහොමද හදන්නේ? බොරු වැඩක්
එක අතකට මේක නරක දෙයක්ම නෙවෙයි. ඒත නුවර තව ගොඩක් ඒවා තියනවා හොයලා බලන්න.
කවුද කියන්නේ මේක අනවශ්‍ය වැඩක් කියලා. බෞද්ධයාගේ මුදුන් මල්කඩ කියලා කියන දළදා මාලිගාව ආසන්නයේ මේවා තියන්න හොද නෑ.
දැන්ද මේවා මතක් වෙන්නේ?
ඕවා වේන්න ඕන දේවල්
දැන්ද මේව කරන්න මතක් වෙලා තියෙන්නේ?
වෙන කරන්න වැඩ නැද්ද?
දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බව සත්‍යයි. හොඳ තීරණයක්. වහා ක්‍රියාත්මක කල යුතුයි.
අයින් කරන්න ප්‍රථමයෙන් හිතන්න මාලිගාව අවට තිබෙන තැබෑරුම් සහ අති සුඛෝපභෝගී හෝටල් ගැනත්
මේ තීරණයට විරුද්ධ වෙන්නේ සුද්දන්ගෙන්ම හැදිච්ච අය තමයි
අනවශ්‍ය වැඩක් වෙන්නෙ කොහොමද? ඇයි සුද්දට තාම බයද?
දෑන්වත් අධිරාජ්‍යයවාදි අදහස් නොදානවානම් හොදා.නියම ක්‍රියාවක්
හොද වැඩක්
අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර රටට හොද ප්‍රයෝජනවත් වැඩක් කරමු
ආණ්ඩුකාර නිල බංගලාවත් මාලිගාවට උඩින් තියෙන්නේ. මම හිතන්නේ ඒකත් අයින් කරන්න වෙයිද?
හොදම හොද වැඩක්. පරක්කුවෙලා හරි මේවා කරන්න ඕන. නැත්නම් එදා මුද්දත් එක්ක සටන් කරපු අය අපට සාප කරාවි.
නුවර දියුණු කරන්න පුළුවන් වැඩක් කරන්න. වෙන කරන්නම දෙයක් නැතිනම් මේක කළාට කමක් නෑ.
එවැනි දේවල වටිනාකමක් තියන බව කියල දෙන්න වෙයි.
අනවශ්‍ය වැඩක් වෙන්නෙ කොහොමද? ඇයි සුද්දට තාම බයද?
මේ සියල්ල අතීතයට අයිති කාරණා වන අතර කිසිවෙකුට මෙම සිදුවීම් ඉතිහාසයෙන් මකා ඉවත් කළ නොහැකිය. මෙය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කීරීමට කදිම ස්ථානයකි. බ්‍රිතාන්‍යයෙන් අපිට බොහෝ දේ ලැබී ඇති බව ද සැබෑවකි. අදත් අපි විශාල විදේශ විනිමයක් ලබන තේ වගාව අප රටට හදුන්වා දුන් පුද්ගලයාගේ සොහොන අප රටේ පිහිටීම අපිට ආඩම්බරයක් මිස අවමානයක් නොවේ. නියම සිංහලයන් අන් අයට ගෞරව, පුද සත්කාර කළා මින මාන්‍යයෙන් ඔලුව උදුමවා වැඩ නොකරති. ලොව කොතෙකුත් රටවල මීට සමාන්ත බොහො දෑ නිවැරදි කළ නොහැකි අයුරින් පිහිටා ඇති බවද අප මතක තබා ගත යුතුය. රාජ්‍යක් සමත සමගිව සිටීමට මික විරකස කම් ඇති කර ගනු කුමට....
mole hodanatida? mewage thirana ganna? ඇයි මේවගේ තීරණ ගන්නේ
ඉතාම හොද වැඩක්. පරක්කු වෙලා හරි ගත්තු නිවැරදි තීරණයක්.
වෙන දේවල් මතක් නොවී මේකම මතක් වුණේ ඇයි දන්නේ නැහැ.
වැරදි තැනක තිබුනත් මේක ඉතිහාසයෙ කොටසක්. ඒක වෙනස්කරන්න එපා. මේකෙන් මාලිගාවට වෙන හානියක් නෑ. ඊට වඩා මාලිගාවට හානි වෙන වැඩ වෙනවා. අන්න ඒව ගැන පියවරක් ගන්න මේවට කලින් !